කාවන්තිස්ස ඇතාගේ සිද්ධියේදී සොයා නොබලා පශු වෛද්යවරුන්ට දොස් නැගීම අසාධාරණයි - මහාචාර්ය අශෝක දංගොල්ල!
මුළු රටටම සේවය කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව තුළ සිටින මෙම පශු වෛද්යවරුන් 12 දෙනාට පවතින ගැටලුවලට විසඳුම් ලබාදී, අඩුපාඩු සපුරාලමින් ඔවුන් රැකගැනීම වෙනුවට හිඟන්නාගේ තුවාලය මෙන් මෙම සිදුවීම් වවාගෙන කෑම වහාම නතර කළ යුතු බවද මහාචාර්ය දංගොල්ල වැඩිදුරටත් අවධාරණය කරයි.
LSN Sri Lanka ·

කාවන්තිස්ස ඇතාට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් කිසිඳු ප්රතිලාභයක් නොලබා දින ගණනාවක් නිදිවර්ජිතව ප්රතිකාර කළ බවත්, එම ප්රතිකාර සඳහා අවශ්ය පහසුකම් ඔවුන්ට ලැබුණේද යන්න සොයා නොබලා වෛද්යවරුන්ට දොස් නැගීම බලවත් අසාධාරණයක් බවත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.
</p>
<p>
වනජීවි දෙපාර්තමේන්තුව සතුව සමස්ත පශු වෛද්යවරුන් සිටින්නේ 12 දෙනෙකු පමණක් බවත්, කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් එම පිරිසෙන් පස්දෙනෙකුම දින ගණනාවක් තිස්සේ නිදිවර්ජිතව සේවය කළ බවත් මහාචාර්යවරයා පවසයි.
</p>
<p>
එක් පශු වෛද්යවරයෙකු වටා වෛද්ය නොවන පනහකට අධික කාර්ය මණ්ඩලයක් සිටින බවත්, ඔවුන් විශාල සේවයක් ඉටුකරන බවත් හෙතෙම පෙන්වා දෙයි. එම සේවාව අගය නොකර කිසියම් සිදුවීමක් වූ පමණින් පසුබිම සොයා නොබලා ජනතාව, මාධ්ය ඇතුළු සියලු පාර්ශ්වකරුවන් පශු වෛද්යවරුන්ටම දොස් නැගීම කණගාටුදායක බව LSN news වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේය.