LSN News › Sri Lanka

බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය පහර දුන් බවට පළ වන වාර්තා ගැන CCD විමර්ශනයක්..! උලපනේ සුමංගල හිමිගෙන් පැය තුන හමාරක කටඋත්තරයක් ගනී...

බලංගොඩ කස්සප හිමියන්ට පහර දුන් බවට මෙතෙක් දිවයිනේ කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව පොලීසිය අවධාරණය කරයි.

LSN Sri Lanka · 19 October 2026

බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය පහර දුන් බවට පළ වන වාර්තා ගැන CCD විමර්ශනයක්..! උලපනේ සුමංගල හිමිගෙන්  පැය තුන හමාරක කටඋත්තරයක් ගනී...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට පොලීසිය පහර දුන් බවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාර සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

</p>

<p>

මෙම විරෝධතාව අතරතුර පොලීසිය තමන්ට පහර දුන් බවට පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව සොයා බලා, පොලීසිය විසින් සැබවින්ම පහරදීමක් සිදුකර තිබේද යන්න වහාම විමර්ශනය කර වාර්තා කරන ලෙස පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබා දී ඇත.

</p>

<p>

කෙසේවෙතත්, බලංගොඩ කස්සප හිමියන්ට පහර දුන් බවට මෙතෙක් දිවයිනේ කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව පොලීසිය අවධාරණය කරයි.

</p>

<p>

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

</p>

<p>

උලපනේ සුමංගල හිමියන් සේවය කරන පාසල වෙත ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, උන්වහන්සේගෙන් පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර ඇත.