LSN News › Sri Lanka

පාතහේවාහැට ප්‍රාදේශීය සභාව අත්හිටුවයි: බලතල සහකාර කොමසාරිස්වරියට... ආණ්ඩුකාරවරයා මේ තීන්දුව ගන්නේ ඇයි?!

අල්ලස් චෝදනාවකට ලක්ව සිටි ක්‍රිෂාන්ත රාජනායක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වූ අතර, වැඩ බැලීම සඳහා උපසභාපතිවරයා තාවකාලිකව පත් කෙරිණි. පසුව සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කරගැනීමට මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය අවස්ථා තුනකදී සභාව කැඳවුවද, ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් එම අවස්ථා තුනේදීම සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි විය.

LSN Sri Lanka · 20 October 2026

පාතහේවාහැට ප්‍රාදේශීය සභාව අත්හිටුවයි: බලතල සහකාර කොමසාරිස්වරියට...  ආණ්ඩුකාරවරයා මේ තීන්දුව ගන්නේ ඇයි?!

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවා එහි සමස්ත බලතල ක්‍රියාත්මක කිරීම මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් යටතට පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු පියවර ගෙන තිබේ.

ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය පසුගිය 19 වැනිදා නිකුත් කර ඇති අතර, එමගින් සභාවේ සහ සභාපතිවරයාගේ සියලු බලතල ක්‍රියාත්මක කිරීම හා කාර්යයන් ඉටු කිරීම මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ.ඩබ්ලිව්. ජී.එල්. අත්තනායක වෙත පවරා ඇත.

සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට බලය හිමිව තිබූ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් පසුගිය කාලය තුළ ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ අත්වන කිසිදු ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලැබුණු මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙලෙස පියවර ගෙන තිබේ. මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු විසින් විශ්‍රාමලත් අධිකරණ නිලධාරි නිහාල් සුනිල් රාජපක්ෂ පත් කරනු ලැබූ අතර, ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා නිකුත් විය.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතලප්‍රකාරව සභාව අත්හිටුවා සහකාර කොමසාරිස් පාලනය යටතට පත් කිරීම සිදු කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභික ධුර 43න් ඒකාබද්ධ විපක්ෂයට සභික ධුර 25ක් සහ ජාතික ජනබලවේගයට සභික ධුර 18ක් හිමි විය. ඒ අනුව සමගි ජනබලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සභාවේ බලය පිහිටුවූ අතර, සභාපති ධුරයට පත්වූයේ සමගි ජනබලවේගයේ ක්‍රිෂාන්ත රාජනායකය.

කෙසේ වෙතත්, අල්ලස් චෝදනාවකට ලක්ව සිටි ක්‍රිෂාන්ත රාජනායක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වූ අතර, වැඩ බැලීම සඳහා උපසභාපතිවරයා තාවකාලිකව පත් කෙරිණි.

පසුව සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කරගැනීමට මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය අවස්ථා තුනකදී සභාව කැඳවුවද, ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් එම අවස්ථා තුනේදීම සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි විය.

හේතුව පක්ෂ විපක්ෂ දෙකේම ඇති වූ විසංවාදයකි. හිටපු සභාපතිවරයා අල්ලස් චෝදනාවක් මත ඉල්ලා අස්වීමෙන් පසුව, නව සභාපතිවරයෙකු පත් කරගැනීම සම්බන්ධයෙන් සජබ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුළ පරස්පරතා හා අභ්‍යන්තර මතභේද පැවැති බැවින් ඔවුන් සභා වාර සඳහා සහභාගී වීමෙන් වැළකී සිටියහ.

එමෙන්ම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් (මන්ත්‍රී ධුර 18) චෝදනාවලට ලක්වූ හා අකාර්යක්ෂම පාලන තත්ත්වයන්ට විරෝධය පළ කරමින් සහ ඊට සහය නොදැක්වීමේ තීරණය මත මෙම සභා වාර වර්ජනය කිරීමට කටයුතු කළහ. පාර්ශව දෙකෙහිම මන්ත්‍රීවරුන් සහභාගී නොවීම හේතුවෙන් අවස්ථා තුනේදීම සභාවේ ගණ පූර්ණය පවත්වා ගැනීමට නොහැකි වූ අතර, එමගින් නව සභාපතිවරයෙකු තෝරා පත් කරගැනීමට නොහැකි

පළාත් පාලන කොමසාරිස්වරිය පනවන නියෝග හා උපදෙස් නොපිළිපැදීම, අකීකරු වීම හා නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු ආණ්ඩුකාරවරයා වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.