කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන අසත්ය පැතිරවූ සමාජ මාධ්යකරුවන්ට නීතිමය පියවර!
සමාජ මාධ්යවලින් එල්ල වන දැඩි චෝදනා හා විරෝධතා හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සිටින සියලුම පශු වෛද්යවරුන් ඉල්ලා අස්වුවහොත්, ඉදිරියට සතුන්ට ප්රතිකාර කරන්නේ සමාජ මාධ්ය ක්රියාකාරීන්දැයි ඔහු ප්රශ්න කරයි.
LSN Sri Lanka ·

මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වීමටත් මත්තෙන්, ඖෂධ අධිමාත්රාවෙන් ලබා දීම හේතුවෙන් මෙම මරණය සිදු වූ බවට සඳහන් කළ සමාජ මාධ්යකරුවන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා පශු වෛද්ය සංගමයේ සභාපති පශු වෛද්ය සුගත් පේමචන්ද්ර සඳහන් කරයි.

කාවන්තිස්ස ඇතාගේ බර කොපමණද යන්නවත් නිවැරදිව නොදැන, ඇතාට අධිමාත්රාවෙන් ඖෂධ දුන් බවට පවසමින් අසත්ය ප්රචාර සමාජ මාධ්ය තුළ වපුරමින් තමන්ගේ ෆේස්බුක් පිටුවලට හා යූටියුබ් නාලිකාවලට ප්රසිද්ධියක් ලබාගැනීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ඇතෙකුට ප්රතිකාර කිරීම වනජීවී දෙපාර්තමේන්තුවේ සිටින පශු වෛද්යවරුන්ට තනිවම කළ හැකි නමුත්, කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කිරීම සඳහා සත්වෝද්යාන පශු වෛද්යවරුන්ගේ සහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්යවරුන්ගේ ද සහය ලබාගත් බව හෙතෙම පැවසීය.

සමාජ මාධ්යවලින් එල්ල වන දැඩි චෝදනා හා විරෝධතා හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සිටින සියලුම පශු වෛද්යවරුන් ඉල්ලා අස්වුවහොත්, ඉදිරියට සතුන්ට ප්රතිකාර කරන්නේ සමාජ මාධ්ය ක්රියාකාරීන්දැයි ඔහු ප්රශ්න කරයි.

වනජීවී දෙපාර්තමේන්තුව සතුව පශු වෛද්යවරුන් 17 දෙනෙකු පමණක් සිටින අතර, ඉන් සතුන්ට සෘජුවම ප්රතිකාර කරන්නේ වෛද්යවරුන් 14 දෙනෙකු පමණි. එම 14 දෙනා වටා තවත් විශාල පිරිසක් ඇතුන්ට ප්රතිකාර කිරීමේ කටයුතුවලට සහය දක්වන බව ද පේමචන්ද්ර සඳහන් කළේය.

පශු වෛද්යවරුන් වසරේ දින 365 පුරාම සතුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් වනාන්තරවල ගැවසෙමින් කැපවීමෙන් කටයුතු කරන බවත්, සතෙකු මියගිය පසු පදනම් විරහිතව චෝදනා නගන පුද්ගලයින් සතුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කර ඇත්තේ කුමක්දැයි සභාපතිවරයා වැඩිදුරටත් ප්රශ්න කර සිටියි.