කාවන්තිස්සගේ මරණයෙන් පසු සිදුවන විමර්ශනය ගැන රජය පැහැදිලි කරයි....
මේ සම්බන්ධයෙන් මේ විශේෂයෙන් කාවන්තිස්ස ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කොතැනක හරි අඩුවක්, ප්රමාදයක්, නොසැලකිල්ලක් සිදුවුණාද කියන එක සහ මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතිනවා. මේ පරීක්ෂණ දියත් වෙන්නේ එකක් මේ ඝාතකයා හඳුනා ගැනීම සහ ඝාතක කණ්ඩායම හඳුනා ගැනීම පමණක් නොවෙයි, ක්රියාවලිය හඳුනාගෙන ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම, අවම කරගැනීම නෙවෙයි වළක්වා ගැනීමට මැදිහත් වීම තමා රජයේ අපේක්ෂාව. - ඇමති නලින්ද ජයතිස්ස
LSN Sri Lanka ·

කාවන්තිස්ස ඇතාගේ ඝාතකයා යැයි සැක කරන පුද්ගලයා අත් අඩංගුවට ගනු ලබන්නේ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයට, මහජනතාවගෙන් ලැබුණු තොරතුරු පදනම් කරගෙ බවත් ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකය මේ අත්අඩංගුවට ගැනීම ඇතුළු විමර්ශන කටයුතු සිදුකරන බවත් කැබිනට් මාධ්ය ප්රකාශක සෞඛ්ය සහ ජනමාධ්ය ඇමති වෛද්ය නලින්ද ජයතිස්ස ප්රකාශ කළේය

ඇමතිවරයා ප්රකාශ කළේ රජය වශයෙන් මැදිහත්ව මේ මරණය සම්බන්ධ සෑම පැත්තක්ම ආවරණය වන පරිදි විමර්ශන ආරම්භ කර ඇත්තේ මින් ඉදිරියට මේ ආකාරයේ අනතුරු අවම කරගැනීමත් අවසාන වශයෙන් පූර්ණ වශයෙන් වලක්වා ගැනීමත් ඉලක්ක කරගෙන බවය.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී ඇමතිවරයා මෙසේ ද ප්රකාශ කළේය.

"කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් අපි කාටත් කම්පනයක් තියෙනවා ඔබට වගේම. මුළු සමාජයටම කම්පනයක් තියෙනවා. ඒ වගේම ඊට කලින් සිදුවුණු සිදුවීම්වලදීත් ඒ සංවේදීකම සමාජයේ තිබුණා.

දැන් මම හිතන්නේ අපි මේකට නිරත වෙච්ච වෛද්යවරුන්ගේ දැනුම චොදනා කරන්න ඕනේ නැහැ. ඒ අය සැලකිය යුතු මහන්සියක් මේ ගැන දරලා තිබෙන බව අමාත්යතුමා පාර්ලිමේන්තුවේදී අද උදේ පැහැදිලිව ප්රශ්නයකට උත්තර දුන්නා. ඊට පස්සේ අමාත්ය ප්රකාශයකුත් සිද්ධ කළා. ඊළඟට වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු කණ්ඩායමත් මේ ගැන කරුණු වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් මේ විශේෂයෙන් කාවන්තිස්ස ඇතාගේ සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කොතැනක හරි අඩුවක්, ප්රමාදයක්, නොසැලකිල්ලක් සිදුවුණාද කියන එක සහ මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතිනවා. මේ පරීක්ෂණ දියත් වෙන්නේ එකක් මේ ඝාතකයා හඳුනා ගැනීම සහ ඝාතක කණ්ඩායම හඳුනා ගැනීම පමණක් නොවෙයි, ක්රියාවලිය හඳුනාගෙන ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම, අවම කරගැනීම නෙවෙයි වළක්වා ගැනීමට මැදිහත් වීම තමා රජයේ අපේක්ෂාව.

ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අධිකරණ නියෝගය මත කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයට බාරදීලා තියෙනවා. ඒ අය මේ සියලු තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට නියමිතයි. ඊට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් දෙපාර්තමේන්තුවේ අභ්යන්තර පරීක්ෂණයක් සිදු වෙනවත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැතුව ඒකට ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, පරිසර අමාත්යාංශයේ විමර්ශන අධ්යක්ෂවරයා සහ පේරාදෙණිය පශු වෛද්ය පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත එහෙම පරීක්ෂණයකුත් මේ අතරේ සිදු වෙනවා.

ඊට අමතරව ජනාධිපතිතුමා විසින් විශේෂ පුද්ගල කමිටුවක් පත් කරලා තිබුණා. මේ ක්ෂේත්රයේ ප්රවීණයන් සහිතව හිටපු අමාත්යාංශ ලේකම් සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් මහාචාර්ය සමින්ද ප්රනාන්දු, මහාචාර්ය අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න කියන මහත්වරු ඒ කමිටුවේ කටයුතු කරනවා. ඊටත් අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මේ පරීක්ෂණයකුත් දියත් කරමින් පවතිනවා.

එතකොට මේ හැම පැත්තෙන්ම පරීක්ෂණ දියත් කරමින් පවතිනවා, පරීක්ෂණ ගණනාවක් මේ සිදුවීමේදී සිදුවුණු ක්රියාවලිය පිළිබඳව නිවැරදිව කරුණු වාර්තා කරගන්න සහ අදාළ වෙන නීතිමය කටයුතු කරන්න.

මේ සිදුවීම සම්බන්ධයෙන් දැනට දෙදෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තිබෙනවා ඔක්තෝබර් 28 වෙනිදා දක්වා. මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය, මහජනතාවගෙන් ලැබුණු තොරතුරු පදනම් කරගෙන. ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකය තමයි මේ කටයුතු සිදු කරමින් පවතින්නේ.

මේ පුද්ගලයා අත්අඩංගුවට ගත් පළවෙනි පුද්ගලයාගේ, ප්රධාන සැකකරුගේ නිවසේ තිබියදී තනිකැටේ උණ්ඩ ඇතුළු ඒ අදාළ කරන සමහර උණ්ඩ සහ වෙඩි කොපු කිහිපයක් හොයාගෙන තිබෙනවා. ඒ වගේම ඒ ලැබුණු සාක්ෂි මත තමයි දෙවෙනි පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ. වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඉතිරි හතරදෙනා අත්අඩංගුවට ගන්නේ මේ සිදුවීමට අදාළව නෙමෙයි. ඒ නිසා මේකට සම්බන්ධව ගත්තේ දෙදෙනයි, තවදුරටත් විමර්ශන පැවැත්වෙනවා. විමර්ශනවලදී ලැබෙන, එළිදරව් වෙන සාක්ෂි මත ඉදිරි කටයුතු සිදුවේවි.