සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමියා මිය යයි — වෙඩික්කරුවෝ පිළියන්දලදී අහසට වෙඩි තබා පලා යති!
මෙම වසරේ මෙතෙක් වෙඩි තැබීම් 40කට අධික සිදුවී ඇති අතර, එමඟින් 24කට අධික පිරිසක් මිය ගොස් ඇත.
LSN Sri Lanka ·

මොරටුව සොයිසාපුර ප්රදේශයේ හෝටලයක හිමිකරුවෙක් අද (ඔක්තෝබර් 20) රාත්රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙතෙක් සැකකරුවන් හඳුනාගෙන නැත.
</p>
<p>
අද රාත්රී 8.20 ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සොයිසාපුර ප්රදේශයේ හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබිණි. වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හෝටල් හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.
</p>
<p>
පොලිස් මාධ්ය ප්රකාශකවරයාට අනුව, මෝටර් රථයෙන් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. සිද්ධියේ පසුබිම සහ සැකකරුවන්ගේ අනන්යතාව මෙතෙක් හෙළි වී නොමැත. පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන සහ සාක්ෂි පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ. දැනට මූලික සැකය මතු වී ඇත්තේ මේ ගැටුම මත්ද්රව්ය ජාවාරම්කාර කණ්ඩායම් දෙක්ක අතර සිදුවූ ගැටුමක දිගුවක් බවය.
</p>
<p>
වෙඩි තැබීමෙන් පසු පලා යමින් සිටි පිරිස ගමන් කළ මෝටර් රථය පිළියන්දල සුවාරපොළ ප්රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් එහිදී ඔවුන් අහසට වෙඩි තබා අසල තිබූ යතුරුපැදියක් රැගෙන පලා ගොස් ඇති බවත් වාර්තා වේ.
</p>
<p>
මෙම වසරේ මෙතෙක් වෙඩි තැබීම් 40කට අධික සිදුවී ඇති අතර, එමඟින් 24කට අධික පිරිසක් මිය ගොස් ඇත.