Sport · Sri Lanka Bureau
මෙවන් ක්රිකට් තේරීම් කමිටුවක් ලංකාවට අවශ්යද?
කපිල ජාතික ඔලිම්පික් කමිටුව හරහා ආසියානු තරගාවලියට ජපානයට ගියත් ශ්රී ලංකා ක්රිකට් පිල තරග වදින විට එහි නොසිටීම ගැන ක්රිකට් පරිවර්තන කමිටුවවත් ක්රීඩා ඇමතිවරයාවත් ප්රශ්න නොකළේය. බ්රෙන්ඩන් කුරුප්පු තවමත් ඔහුගේ පුහුණු ඇකඩමි දෙකක් පවත්වාගෙන යන්නේ තේරීම් කමිටු නිලධාරියකුට එසේ කළ නොහැකිව තිබියදීය. අමල් සිල්වා චීනයේ තම ව්යාපාර වලට වැඩි කාලයක් යොදවන අතර තරග නැරඹීමට එන්නේද කලාතුරකිනි. මේ යන විදියට වත්මන් තේරීම් කමිටුව තව දුරටත් කටයුතු කළහොත් ලංකාවේ ක්රිකට් වලට අබසරණය.
LSN Sri Lanka ·

අනෙක් ක්රීඩා වලට වගේම ක්රිකට් වලටද ජාතික තේරීම් කමිටුවක් පත් කරන්නේ ක්රීඩා ඇමතිවරයායි.

ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ ක්රිකට් පරිපාලනයයි.

දැන් තිබෙන්නේ ක්රිකට් පරිවර්තන කමිටුව විසින් ප්රමෝද්ය වික්රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දික ද සේරම්,තරංග පරණවිතාන , විනෝදන් ජෝන්,රසාංජලී ද සිල්වා ගෙන් සමන්විත හිටපු තේරීම් කමිටුව ක්රීඩා ඇමතිවරයා ලවා හිටි අඩියේ ඉවත් කර පැය කිහිපයකින් අලුත් තේරීම් කමිටුවක් නම් කරන්නට යෙදිණ.

එහි සභාපති වරයා ලෙස පසුගිය වකවානුවේ ක්රිකට් තරගයක් නැරඹීමටවත් නොපැමිණි කපිල විජේගුණවර්ධන පත් කර එවැනිම අයකු වන අමල් සිල්වාත්,තරග තීරකයකු ලෙස කටයුතු කරමින් සිටි බ්රෙන්ඩන් කුරුප්පු,කනිෂ්ඨ තේරීම් කමිටුවේ සිටි වරුණ වරාගොඩ හා කාන්තා ක්රිකට් නියෝජිත ලෙස වැනෙසා ද සිල්වාත් සෙසු සාමාජිකයන් ලෙස පත් කරන්නට යෙදිණ.

මොවුන් පිරිමි හා කාන්තා ජ්යේෂ්ඨ හා කනිෂ්ඨ කණ්ඩායම් වල සියලුම තේරීම් මොවුන් යටතට පත් කරනු ලැබීය.
මේ අතර තම සේවා කාලය නිම වීමට මාස ගණනක් තිබියදී නොදන්වාම ඉවත් කිරීම සම්බන්ධව තමන් නීති මගින් කටයුතු කරන බවට ප්රමෝද්ය ප්රමුඛ හිටපු තේරීම් කමිටු නිලධාරීන් පරිවර්තන කමිටුවට එන්තරවාසි එවන ලදී.

මේ ගැටලුව නිරාකරණය කිරීමට ඉරාන්ගේ පරිවර්තන කමිටුව කළේ ඔවුන්ට මාස හතරක වැටුප ලෙස ලක්ෂ 24 ක් ගෙවා ඔවුන්ට කළමනාකාර තනතුරු හා පුහුණුකරු තනතුරු ලබා දෙන බවට පොරොන්දුවක් දී එන්තරවාසි ඉල්ලා අස් කරගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

මේ අනුව විනෝදන් ජෝන්ට හා තරංග පරණවිතානට ඒ කණ්ඩායමේ හා ඉමර්ජින් කණ්ඩායමේ කළමනාකාර තනතුරු ලබා දුන් අතර ඉන්දික සේරම්ට බස්නාහිර පළාතේ ප්රධාන පුහුණුකාර කම ලබා දෙන ලදී.

එහෙත් ලක්ෂ 24 මාස හතරේ වැටුපද ප්රතික්ෂෙප කළ ප්රමෝද්ය වික්රමසිංහ පරිවර්තන කමිටුවට එරෙහිව නඩුවක් පවරන්නට යෙදින.

කරුණු මෙසේ සිදු වුණද කපිලගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව මේ දක්වා කරන ලද තේරීම් සියල්ලේම ප්රශ්න රැසක් උද්ගතව තිබුණු අතර තේරීම් කමිටුව විසින් පවත්වන ලද එකම මාධ්ය හමුවේදී මාධ්යවේදීන්ගේ ප්රශ්න වලින් කපිල සූක්ෂම ලෙස මග හැර සිටියේය.

කොහේවත් සිටි දික්වැල්ල වැනි ක්රීඩකයන් යළි කරළියට ගෙන ඒම හා අන්ජල බණ්ඩාර වැනි නැගී එන ක්රීඩකයන් නොසළකා හැරීම කපිල ඇතුළු තේරීම් කමිටුවට එල්ල වූ බරපතල චෝදනා විය.

මේ අතර කපිල ජාතික ඔලිම්පික් කමිටුව හරහා ආසියානු තරගාවලියට ජපානයට ගියේ කුමකටද යන්න බොහෝ දෙනකුට ප්රශ්නයක් විය.

එසේ එහි ගිය කපිල ශ්රී ලංකා ක්රිකට් පිල තරග වදින විට එහි නොසිටීම ගැන ක්රිකට් පරිවර්තන කමිටුවවත් ක්රීඩා ඇමතිවරයාවත් ප්රශ්න නොකළේය.

බ්රෙන්ඩන් කුරුප්පු තවමත් ඔහුගේ පුහුණු ඇකඩමි දෙකක් පවත්වාගෙන යන්නේ තේරීම් කමිටු නිලධාරියකුට එසේ කළ නොහැකිව තිබියදීය.

අමල් සිල්වා චීනයේ තම ව්යාපාර වලට වැඩි කාලයක් යොදවන අතර තරග නැරඹීමට එන්නේද කලාතුරකිනි.

මේ යන විදියට වත්මන් තේරීම් කමිටුව තව දුරටත් කටයුතු කළහොත් ලංකාවේ ක්රිකට් වලට අබසරණය.

ක්රිකට් පරිවර්තන කමිටුව තම කාලසීමාව අවසන් කරන විට කපිලලා, ජෙරොම්ලා හා කල්පගේලා අපේ ක්රිකට් තිබුණාටත් වඩා වළපල්ලට ඇද දමා තිබුණහොත් පුදුම වන්නට දෙයක් නොමැත