LSN News › Sri Lanka

ලුණුගම්වෙහෙර වනඅලි ප්‍රහාරයකින් පුද්ලයෙක් ජීවිතක්ෂයට !

දිනපතා සවස 5.00ත් 6.00ත් අතර කාලයේදී වන අලි ගම්වදින බව පවසන ප්‍රදේශවාසීන්, මේ පිළිබඳව වගකිවයුතු අංශ දැනුවත් කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා කරති.

LSN Sri Lanka · 21 October 2026

ලුණුගම්වෙහෙර වනඅලි ප්‍රහාරයකින් පුද්ලයෙක් ජීවිතක්ෂයට !

ලුණුගම්වෙහෙර, පඩව්ගම ප්‍රදේශයේ වගා ඉඩමකදී වන අලියෙකු පහරදීමෙන් 79 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

</p>

<p>

මෙලෙස මියගොස් ඇත්තේ පඩව්ගම, මත්තල පාර ලිපිනයේ පදිංචිව සිටි ගරුසිංහ ආරච්චිගේ පැන්ටිස් නමැති අයෙකි.

</p>

<p>

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ පඩව්ගම ග්‍රාම නිලධාරී වසමේ මත්තල පාර ප්‍රදේශයේ පිහිටි වගා ඉඩමකදී ඉකුත් 20 වැනිදා රාත්‍රියේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත.

</p>

<p>

දිනපතා සවස 5.00ත් 6.00ත් අතර කාලයේදී වන අලි ගම්වදින බව පවසන ප්‍රදේශවාසීන්, මේ පිළිබඳව වගකිවයුතු අංශ දැනුවත් කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා කරති.

</p>

<p>

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.