LSN News › Sri Lanka

අකුරණ මාරක අනතුර අපට කියා දෙන කතාව: මහ පාරේ මිනිස් ජීවිතයක වටිනාකම කීය ද?

ශ්‍රී ලංකාවේ රථවාහන විනය පිළිබඳ සාකච්ඡාව බොහෝ විට දඩ මුදල් වැඩි කිරීමෙන් අවසන් වේ. නමුත් නීතිය පිළිබඳ බිය සහ අනෙකාගේ ජීවිතය පිළිබඳ ගෞරවය යනු දෙකකි. තෙරුම් ගත යුතතේ ජාතිකය විනය යනු දඩ මුදලක් නොවන බවය.

LSN Sri Lanka · 21 October 2026

අකුරණ මාරක අනතුර අපට කියා දෙන කතාව: මහ පාරේ මිනිස් ජීවිතයක වටිනාකම කීය ද?

රිය අනතුරක් යනු තවදුරටත් රියැදුරකුගේ වරදක් හෝ මොහොතක අවාසනාවක් පමණක් නොවේ. එය රටක නීතිය, විනය, රාජ්‍ය පාලනය සහ මිනිස් ජීවිතය පිළිබඳ සමාජ ආකල්පය එකවර ප්‍රශ්න කරන ජාතික අර්බුදයකි.

අකුරණදී අප දුටුවේ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු පිළිබඳ ඛේදවාචකයේ අතිශයින් බිහිසුණු මුහුණුවරකි. මහ පාරේ නීතිගරුකව ගමන් කරන මිනිසකුට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ඇති අයිතිය අහිමි විය හැකි බව එම අනතුර නැවතත් අපට පෙන්වා දුන්නේය. තමන්ගේ මංතීරුවේ නිවැරදිව රිය පදවන පුද්ගලයකුට, මාර්ගය අයිනේ වාහනය නවතා සිටින අයකුට හෝ පාරේ ගමන් කරන පදිකයකුට තවත් අයකුගේ වරදක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ නම්, එය හුදෙක් රිය අනතුරක් ලෙස හඳුන්වා අවසන් කළ නොහැකිය.

අකුරණ අනතුර සම්බන්ධයෙන් වාර්තා වූ වඩාත් කම්පනකාරී සිදුවීමක් වන්නේ යතුරුපැදියකින් ගමන් කළ යුවළක් මාරක බවුසරයට හසු වී මීටර 150ක් පමණ දුරක් ඇදගෙන ගිය බව කියැවෙන සිද්ධියයි. මේ වාර්තාව මතු කරන මූලික ප්‍රශ්නය ඉතා පැහැදිලිය. මහ පාරේ සාමාන්‍ය ගමනක් යන පුරවැසියකුගේ ජීවිතය මෙතරම් අනාරක්ෂිත වීමට අප ඉඩ දී ඇත්තේ කෙසේද?

මෙය අපේ ජාතික හෘදසාක්ෂියට එල්ල වූ ප්‍රශ්නයකි.

මරණ හතරක් පිටුපස ඇති පද්ධතිමය අසාර්ථකත්වය

ඔක්තෝබර් 19 වැනිදා මහනුවර–මාතලේ ප්‍රධාන මාර්ගයේ කුරුගොඩ හන්දිය ආසන්නයේ සිදුවූ අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් තවත් හයදෙනකු බරපතළ තුවාල ලැබුවේය. මියගිය පිරිස අතර 16 හැවිරිදි දැරියක් ද සිටියාය. අනතුරට සම්බන්ධ වූයේ සිමෙන්ති කුඩු ප්‍රවාහනය කළ බර වාහනයකි. එය ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ තවත් වාහන ගණනාවක ගැටී තිබිණි.

රථයේ තිරිංග අක්‍රිය වූ බව රියැදුරු පවසා තිබේ. එහෙත් එය අනතුරට හේතුව බව තවමත් තාක්ෂණිකව තහවුරු වී නැත. රියැදුරුගේ වෙහෙස, වාහනයේ යාන්ත්‍රික තත්ත්වය සහ පාලනය අහිමි වූ ආකාරය පිළිබඳ විමර්ශන සිදුවෙමින් පවතී. යතුරුපැදිය මීටර 160ක් පමණ ඇදගෙන ගිය බව පොලිස් ප්‍රකාශ ඇසුරින් වාර්තා වී තිබේ.

මෙහිදී අප විමසිය යුත්තේ රියැදුරු වරදකරු ද යන්න පමණක් නොවේ. බර වාහනයක තිරිංග පද්ධතිය අවසන් වරට පරීක්ෂා කළේ කවදාද? එය ප්‍රවාහනය කළ බර නියමිත සීමාවට අනුකූලද? රියැදුරුට ප්‍රමාණවත් විවේකයක් ලැබී තිබුණේද? වාහනය මාර්ගයට මුදාහැරීමට පෙර එහි ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉටු කළේ කවුරුන්ද? යන්නය.

මේවා සාමාන්‍ය ප්‍රශ්න නොවේ. මරණ හතරක් පිළිබඳ විමර්ශනයකින් රටට ලබාගත යුතු පිළිතුරුය.

දිනකට මරණ අටක්: අප සාමාන්‍යකරණය කළ ජාතික ව්‍යසනය

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු පිළිබඳ විශේෂඥ කමිටුවේ තොරතුරු අනුව 2025 වසරේ මාරක රිය අනතුරු 2,500කට වැඩි සංඛ්‍යාවක් සිදුවී පුද්ගලයන් 2,700කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එය දිනකට සාමාන්‍යයෙන් ජීවිත හතකට වැඩි සංඛ්‍යාවකි. 2026 ජුනි මාසයේදී රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද දිනකට මාරක අනතුරු අටක් පමණ වාර්තා වන බව පැවසීය. ඇතැම් දිනවල තත්ත්වය ඊටත් බරපතළය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැලැක්වීමේ විද්වත් කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ පෙන්වා දෙන්නේ මේ සිදුවන්නේ රිය අනතුරුවලට ඔබ්බෙන් ඇති බිහිසුණු ඛේදවචාකය බවය. මෙවැනි රියදුරන් සම්බන්ධව උපරිම නෛතික බලය යොදා ක්‍රියා කිරීමේ ජාතික අවශ්‍යතාවය ඔහු අවධාරණය කරනනේය.

මෙම සංඛ්‍යා අපට කියා දෙන්නේ කුමක්ද?

වසරකට මිනිසුන් 2,700ක් මියයෑම යනු පවුල් 2,700කට ආසන්න සංඛ්‍යාවකට සිය ආදරණීයයකු අහිමි වීමකි. ඇතැම් දරුවන්ට පියා හෝ මව අහිමි වේ. ඇතැම් දෙමාපියන්ට දරුවන් අහිමි වේ. තවත් පවුල්වල ආදායම් උපයන්නා අහිමි වීමෙන් ඔවුන්ගේ ජීවන පදනම බිඳ වැටේ. බරපතළ තුවාල සහ සදාකාලික ආබාධ සහිතව ජීවත්වීමට සිදුවන මිනිසුන්ගේ සංඛ්‍යාව ද මරණ සංඛ්‍යාවට එකතු කළ යුතුය.

රිය අනතුරු පිළිබඳ සංඛ්‍යාලේඛන කියවීමේදී අප බොහෝ විට අමතක කරන්නේ මේ මිනිස් ජීවිතවල සමාජ වටිනාකමය.

රටේ ආර්ථිකයට සිදුවන පාඩුව

ලෝක බැංකුව 2021 නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂණය අනුව, රිය අනතුරුවලින් සිදුවන මරණ හා තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ත් 5ත් අතර ආර්ථික හානියක් සිදුවිය හැකිය.

මෙහි ආර්ථික අර්ථය ගැඹුරුය. අනතුරකින් මියයන්නේ තවත් වසර ගණනාවක් රටට ශ්‍රමය ලබාදිය හැකි තරුණයකු විය හැකිය. තුවාල ලබන්නේ පවුලක් නඩත්තු කරන පවුලේ ආර්ථිකය උත්පාදකයා විය හැකිය. රෝහල් ප්‍රතිකාර, හදිසි සේවා, පුනරුත්ථාපනය, දේපොළ හානි, අහිමි වන වැඩ කරන දින සහ පවුල්වල ආදායම් බිඳවැටීම යන සියල්ල එකතු වූ විට ඇතිවන හානිය කිසිවෙක් ගණනය කර නැත. රටේ සංවර්ධනයේ ගෙල මිරිකෙන්නේ ඒ අර්ථයෙන් බව තේරුම් ගත යුතුය.

එහෙත් මේ කිසිදු ගණනයකින් මියගිය දරුවකුගේ ජීවිතය නැවත ලබාදිය නොහැකිය. ආර්ථික පාඩුව ගණනය කළ හැකි වුවත් මිනිස් ජීවිතයක පූරණය කළ යුතු වටිනාකමට මුදලින් ලබා දිය හැකි තක්සෛ්රුව කුමක් ද?.

වාහනයක් පාරට දැමීමේ වගකීම කාගේද?

අකුරණ අනතුරෙන් පසුව වාහනවල යෝග්‍යතාව වඩාත් නිතර පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව යළි මතුව තිබේ. මාස තුනකට වරක් හෝ කිලෝමීටර 5,000ක් ධාවනය කිරීමෙන් පසුව පරීක්ෂාවක් සිදුකිරීමේ යෝජනාවක් පිළිබඳව පොලිසිය සඳහන් කර ඇත.

මෙවැනි අනතුරක් වැළැක්වීමට රියැදුරුගේ විනය පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රවාහන සමාගම්වල වගකීම, වාහන නඩත්තුව, අධික බර පැටවීම පාලනය, රියැදුරන්ගේ සේවා කාලය සහ මාර්ගයේ ආරක්ෂාව එකම පද්ධතියක් ලෙස ක්‍රියාත්මක විය යුතුය.

විශේෂයෙන් බෑවුම්, තියුණු වංගු සහ ජනාකීර්ණ නගර මධ්‍යයන් හරහා බර වාහන ධාවනය කිරීමේදී අවදානම කලින් හඳුනාගත යුතුය. අවශ්‍ය ස්ථානවල වේග පාලනය, අනතුරු ඇඟවීම්, ආරක්ෂිත පදික මාර්ග සහ සුදුසු මාර්ග ඉංජිනේරු විසඳුම් ක්‍රියාත්මක කළ යුතුය.

නීතිය කඩ කළ පසුව දඬුවම් කිරීම වැදගත්ය. එහෙත් මිනිසුන් මියයෑමට පෙර අනතුර වළක්වා ගැනීම ඊට වඩා වැදගත්ය.

ජාතික විනය යනු දඩ මුදලක් නොවේ

ශ්‍රී ලංකාවේ රථවාහන විනය පිළිබඳ සාකච්ඡාව බොහෝ විට දඩ මුදල් වැඩි කිරීමෙන් අවසන් වේ. නමුත් නීතිය පිළිබඳ බිය සහ අනෙකාගේ ජීවිතය පිළිබඳ ගෞරවය යනු දෙකකි.

මාර්ග නීතියක් පිළිපැදිය යුත්තේ පොලිස් නිලධාරියකු සිටින නිසා නොවේ. තමන්ගේ තත්පරයක නොසැලකිල්ලෙන් තවත් පවුලක අනාගතය විනාශ විය හැකි බව තේරුම් ගත යුතු නිසාය. එම අවබෝධය පාසලෙන්, රියැදුරු පුහුණුවෙන්, රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමයෙන් සහ නීතිය සමානව ක්‍රියාත්මක කිරීමෙන් ගොඩනැගිය යුතුය. දේශපාලන බලය, ධනය හෝ සමාජ තත්ත්වය අනුව මාර්ග නීතිය වෙනස් නොවිය යුතුය.

ලෝක බැංකුව ද ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා මාර්ග සැලසුම්, වේග කළමනාකරණය, රියැදුරු හා වාහන බලපත්‍ර පද්ධති සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව අවධාරණය කර තිබේ. මෙහිදී අප තේරුම්ගත යුතු වැදගත් කරුණක් තිබේ. නීතිගරුක පුරවැසියකුට තවත් අයකුගේ වරදකින් ආරක්ෂා වීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ නම්, එය පුරවැසියාගේ පමණක් නොව රාජ්‍ය ආරක්ෂණ පද්ධතියේ ද අසාර්ථකත්වය රූපණය කරන බවය.

අකුරණින් පසු අප ගත යුතු තීරණය

අකුරණදී ජීවිත අහිමි වූ මිනිසුන් නැවත පැමිණෙන්නේ නැත. ඔවුන් වෙනුවෙන් ශෝකය පළ කිරීමෙන් හෝ අනතුරේ දර්ශන සමාජ මාධ්‍යවල බෙදාහැරීමෙන් අපගේ සමාජ වගකීම අවසන් වන්නේ ද නැත.

මේ අනතුර සම්බන්ධ තාක්ෂණික විමර්ශනවල ප්‍රතිඵල ජනතාවට හෙළි කළ යුතුය. හඳුනාගන්නා අඩුපාඩු නිවැරදි කිරීමට වගකිවයුතු ආයතනවලට නිශ්චිත කාලසීමා ලබාදිය යුතුය. ඒවා ක්‍රියාත්මක වූයේදැයි පසුව සොයා බැලිය යුතුය. අනතුරෙන් දිවි ගලවාගත් පුද්ගලයන්ගේ ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ විපතට පත් පවුල්වල අනාගතය ද රාජ්‍ය අවධානයට ලක්විය යුතුය.

අප රටක් ලෙස මිනිස් ජීවිතය පිළිබඳ අපගේ තක්සේරුව වෙනස් කළ යුතු තීරණාත්මක මොහොතකට පැමිණ සිටිමු. මහ පාරේ මියයන මිනිසා සංඛ්‍යාලේඛනයක තවත් එක් අංකයක් නොවේ. ඔහු පවුලක පියෙකි. මවකි. දරුවෙකි. නැතහොත් සිය අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇතිව නිවසින් පිටත්වූ සාමාන්‍ය පුරවැසියෙකි.

රටක ශිෂ්ටත්වය මැනිය යුත්තේ එහි මාර්ගවල ධාවනය වන සුඛෝපභෝගී වාහනවලින් නොවේ. ඒ මාර්ගයේ ගමන් කරන දුර්වලම පදිකයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට රට සමත් වී ඇති ප්‍රමාණයෙනි. අකුරණ අපට ඉතිරි කළ ප්‍රශ්නය එයය.

තවත් අනතුරක් සිදුවන තෙක් බලා සිටිනවාද? නැතහොත් නීතිගරුකව මහ පාරට පිවිසෙන මිනිසකුට ආරක්ෂිතව නිවසට පැමිණීමට ඇති අයිතිය රටක් ලෙස සහතික කරනවාද යන්න පිළිබඳව තීරණය ගැනීමට අප දැනටමත් ප්‍රමාද වැඩිය.