ගාල්ලේ ප්‍රජා ජල ව්‍යාපෘති 18ක් අඩපණයි: රුපියල් කෝටි 23කට වැඩි මුදලක් අපතේ – ජාතික විගණන කාර්යාලයෙන් තොරතුරු එළියට!
අදාළ ජල ව්‍යාපෘති 2025 වසර අවසන් වන විටත් වැඩ නිමකර නොතිබූ බව විගණන වාර්තාව පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඉදිකිරීම් අවසන් කර තිබූ ජල මූලාශ්‍ර, පොම්පාගාර, ලැසි වැලි පෙරණ, රළු වැලි පෙරණ සහ ගබඩා ටැංකි ඇතුළු යටිතල පහසුකම් වසර 4ක පමණ කාලයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබේ. එසේම, ව්‍යාපෘති 5ක් වෙනුවෙන් මිලදී ගන්නා ලද ජල පොම්ප, පැනල් බෝඩ්, ගේට් වෑල්ව්, ඉනිමං, ජල නල සහ ජල මීටර් 2025 වසරේ ඔක්තෝබර් මාසය වන විටත් ප්‍රයෝජනයට නොගෙන ප්‍රජාමූල සංවිධාන සාමාජිකයන්ගේ නිවෙස්වල ගබඩා කර තිබූ බවද විගණනය මගින් අනාවරණය කරගෙන ඇත.
LSN Sri Lanka ·

ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව විසින් 2020 සහ 2021 යන වර්ෂවලදී ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද ප්‍රජා ජල ව්‍යාපෘති 18ක ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් ඒ සඳහා වැයකර තිබූ රුපියල් විසිතුන් කෝටි පනස්හය ලක්ෂ හැත්තෑතුන්දහස් හතළිස් එකක (235,673,041) මුදලක් සම්පූර්ණයෙන්ම නිෂ්කාර්ය වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

අදාළ ජල ව්‍යාපෘති 2025 වසර අවසන් වන විටත් වැඩ නිමකර නොතිබූ බව විගණන වාර්තාව පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඉදිකිරීම් අවසන් කර තිබූ ජල මූලාශ්‍ර, පොම්පාගාර, ලැසි වැලි පෙරණ, රළු වැලි පෙරණ සහ ගබඩා ටැංකි ඇතුළු යටිතල පහසුකම් වසර 4ක පමණ කාලයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා තිබේ.

එසේම, ව්‍යාපෘති 5ක් වෙනුවෙන් මිලදී ගන්නා ලද ජල පොම්ප, පැනල් බෝඩ්, ගේට් වෑල්ව්, ඉනිමං, ජල නල සහ ජල මීටර් 2025 වසරේ ඔක්තෝබර් මාසය වන විටත් ප්‍රයෝජනයට නොගෙන ප්‍රජාමූල සංවිධාන සාමාජිකයන්ගේ නිවෙස්වල ගබඩා කර තිබූ බවද විගණනය මගින් අනාවරණය කරගෙන ඇත.

මෙම ව්‍යාපෘති 2019-2021 කාලසීමාවේදී ආරම්භ කළද, රට තුළ පැවැති කොවිඩ්-19 වසංගත තත්ත්වය, ආර්ථික අර්බුදය සහ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ පැවැති හිඟතාව හේතුවෙන් ඉදිකිරීම් ප්‍රමාද වූ බව ජල සැපයුම් දෙපාර්තමේන්තුව විගණනයට කරුණු දක්වමින් පවසා ඇත. එමෙන්ම, මෙම අඩපණ වූ ව්‍යාපෘති 18න් 12ක් සඳහා මහවැලි උපදේශක කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබාගෙන ඉදිරි වසර 02 ඇතුළත වැඩ නිම කිරීමට සැලසුම් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රථම ඒවයේ තාක්ෂණික හා සාමාජීය ශක්‍යතාව පරික්ෂා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුව තිබූ බවත්, එසේ නොකර ව්‍යාපෘති ආරම්භ කර රජයේ මුදල් අපතේ යාමට ඉඩ හැර ඇති නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගත යුතු බවත් විගණන කාර්යාලය මගින් නිර්දේශ කර ඇත.

ජාතික ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කරන ලද විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වේ.