පාස්කු ප්රහාරය: ගෝඨාභය රාජපක්ෂට එරෙහි විමර්ශන “ප්රබල තත්ත්වයක” – නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දෙයි!
ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ප්රබල තත්ත්වයක පවතින බව නීතිපති පාර්ශ්වය අවධාරණය කළේය. ඔහු සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී සිදුකළ හෘද සැත්කමින් පසු විපරම් හා ප්රතිකාර සඳහා නොවැම්බර් මැද දක්වා සති දෙකක් විදේස්ගත වීමට අවශ්ය බවට මෝසමක් ඉදිරිපත් කර ඇති අතර, මානුෂික හේතූන් මත එය සලකා බැලිය හැකි බවද සඳහන් විය.
LSN Sri Lanka ·

2019 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් පවතින නඩුව අද (21) කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන දැනට “ප්රබල තත්ත්වයක” පවතින බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය.

රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති මෙම නඩුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ අද කැඳවනු ලැබීය.

අධිකරණයේදී අනාවරණ වූ කරුණු

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට අනුව, විමර්ශන කඩිනමින් ඉදිරියට ගෙන යන බවත්, පසුගිය සතියේ විශේෂ සාක්ෂිකරුවන්ගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවත් සඳහන් විය. ඒ අතර යුද හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබාදුන් මිකෙල් සේවියර් විල්වරසිංහම් (රාජන්) නැමැත්තාගේ ප්රකාශයද ඇතුළත් විය.

එම ප්රකාශයට අනුව, ප්රහාරයට පෙර යුද හමුදා කෝප්රල් සුරංග නැමැත්තා සමඟ සම්බන්ධ වූ රාජන්, ඉන්සාෆ් අහමඩ්ගේ මාමණ්ඩිය වන අලව්දීන් නැමැති ව්යාපාරිකයාගේ මිතුරකු වන තීපන්ගේ නිවසක් පරීක්ෂා කිරීමට යොමුකර තිබේ. එහිදී කළු බුර්කාවක් ඇඳගත් කාන්තාවක් සහ පුරුෂයෙක් මඩකලපුව ප්රදේශයට හුරු දෙමළ බසින් කතා කරනු දැක තිබේ. ප්රහාරයෙන් පසු රූපවාහිනි ප්රවෘත්තිවලින් එම කාන්තාව සාරා ජෙස්මින් බව හඳුනාගත් රාජන් එය සුරංගට වාර්තා කළ විට, “ඔළුවට ගන්න එපා, නිහඬව ඉන්න, අමතක කරලා දාන්න” යැයි පවසා තිබේ. මෙම තොරතුරු ජනගත වීම හා අනාවරණය වීම වැළැක්වූයේ සුරේෂ් සලේගේ අනුදැනුම මත බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට අමතරව, හිටපු එල්ටීටීඊ සාමාජික කරුණා අම්මාන්ව ව්යාජ රාජ්ය තාන්ත්රික ගමන් බලපත්රයක් සකස්කර බ්රිතාන්යයට යැවූ බවටද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් විය. එම ගමන් බලපත්රය පරිසර අමාත්යාංශ ලේකම්වරයකු ලෙස කියවුණු කෝකිල දුෂ්මන්ත නැමැති (භෞතිකව නොපවතින) පුද්ගලයකුගේ නමට සකස්කර ඇති බවත්, එය සලේ සහ අන්සාර් නැමැත්තන් විසින් ලබාදුන් බව කරුණා අම්මාන් ප්රකාශ කර ඇති බවත් අධිකරණයට වාර්තා විය. සලේට පාස්පෝට් කිහිපයක් ඇති බවද සඳහන් වූ අතර, විදේශ කටයුතු අමාත්යාංශය හරහා වැඩිදුර විමර්ශන කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති පාර්ශ්වය පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නීතිමය තත්ත්වය

මහේස්ත්රාත්වරයා විමසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට සැකකරුවකු ලෙස නම්කර නොමැති බවය. එයට හේතුව අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවතීම සහ ඔහු අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක් පැවතීම බව සඳහන් විය.

කෙසේ වෙතත්, ඔහු සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ප්රබල තත්ත්වයක පවතින බව නීතිපති පාර්ශ්වය අවධාරණය කළේය. ඔහු සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී සිදුකළ හෘද සැත්කමින් පසු විපරම් හා ප්රතිකාර සඳහා නොවැම්බර් මැද දක්වා සති දෙකක් විදේස්ගත වීමට අවශ්ය බවට මෝසමක් ඉදිරිපත් කර ඇති අතර, මානුෂික හේතූන් මත එය සලකා බැලිය හැකි බවද සඳහන් විය.

මීට පෙර ජුනි මාසයේදී කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ, හිටපු කර්නල් මොහමඩ් අන්සාර් සහ හිටපු බුද්ධි නිලධාරි ප්රේමානන්ද උදලගම යන අයට විදේශ ගමන් තහනමක් පනවා තිබිණි. ඔක්තෝබර් 1 වැනිදා අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කරන ලද අතර, ඔහු එයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

සුරේෂ් සලේගේ තත්ත්වය හා විත්ති පාර්ශ්වයේ කරුණු

සැකකාර සුරේෂ් සලේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින අතර, දින 121කට ආසන්න කාලයක් රෝහල්ගතව සිටීමෙන් පසුව දැන් පෙරට වඩා හොඳ තත්ත්වයක පසුවන බව නීතිපති පාර්ශ්වය පැවසීය. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන පැවසුවේ, වැලිසරට යැවීමට වඩා CID භාරයේ තැබීම වඩා සුදුසු බවත්, රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට ස්තුතිවන්ත වන බවත්ය.

ජනාධිපති නීතිඥ ශවින්ද්ර ප්රනාන්දු සලේ වෙනුවෙන් කරුණු දක්වමින් පැවසුවේ, මෙතෙක් ඇත්තේ ප්රකාශ පමණක් බවත්, පාස්පෝට් අංක හෝ ලබාගත් ආකාරය පිළිබඳ නිශ්චිත සාක්ෂි ඉදිරිපත් නොකරන බවත්ය. කරුණා අම්මාන්ට පාස්පෝට් සකස්කළ කාලයේ සලේ ප්රංශයේ සිටි බවද ඔහු අවධාරණය කළේය.

ප්රධාන නඩුවේ වරදකරුවන්ගෙන් ප්රකාශ

නීතිපති පාර්ශ්වය තවදුරටත් කියා සිටියේ, සැප්තැම්බර් 22 වැනිදා කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ පාස්කු ප්රහාරයේ ප්රධාන නඩුවේදී වරදකරුවන් කරන ලද චූදිතයන් තිදෙනෙක් (මිල්හාන්, රිස්කාන් සහ සෙල්නුල් ආබ්දින්) විනිසුරු මඩුල්ල ඉදිරියේ “අපි හිරේ ගියාට, සත්ය වශයෙන්ම සම්බන්ධ පිරිස එළියේ ඉන්නවා” යැයි ප්රකාශ කළ බවය. එම ප්රකාශ ලබාගැනීමට අවසර ඉල්ලා සිටි අතර, අධිකරණය එයට අවසර ලබාදුන්නේය.

මතක තබා ගත යුතු කරුණක් නම්, එම ප්රධාන නඩුවේදී විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කර වසර 200 සිට 260 දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලද අතර, නව දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලද්දේය.

ඉදිරි පියවර

කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන පැමිණිල්ලේ ඉල්ලීම්වලට අවසර ලබාදෙමින්, විමර්ශන ප්රගතිය වාර්තා කිරීම සඳහා නඩුව නොවැම්බර් 25 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

2019 අප්රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ දේවස්ථාන තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදුවූ මරාගෙන මැරෙන ප්රහාර මාලාවෙන් 270කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය. වර්තමාන රජය යටතේ එම ප්රහාරය පිටුපස ඇති බව කියන කුමන්ත්රණ හා විමර්ශන නොමඟ යැවීම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දැනට ක්රියාත්මක වෙමින් පවතී.