ශ්රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ සහ විදේශ ආයෝජන: සැබවින්ම සිදුවන්නේ කුමක්ද?
විදේශීය ආයෝජකයන් තීරණ ගනු ලබන්නේ ලාභය, අවදානම, කාල රාමුව සහ ගෝලීය තත්ත්වයන් පදනම් කරගනිමිනි. එක ව්යාපෘතියක් අවලංගු වූ පමණින් සියලු විදේශීය ආයෝජන රට හැර යන බව අදහස් නොවේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම් මගින් පෙනී යන්නේ ශ්රී ලංකාව තවදුරටත් ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීමට පියවර ගත යුතු බවයි.
LSN Sri Lanka ·

පසුගිය මාස කිහිපය තුළ ශ්රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ පහත වැටීමකට ලක්වෙමින් පවතී. ප්රධාන දර්ශකයවන සියලු කොටස් මිල දර්ශකය (ASPI) මේ වන විට ප්රසාද ලක්ෂ්ය 19,900–20,000 සීමාවේ පවතින අතර, වසර ආරම්භයේ සිට බලන කල එය 9%–12%ත් අතර ප්රමාණයකින් පහත වැටීමකි. මේ හේතුවෙන් බොහෝ දෙනා කම්පනයට පත්ව සිටිති. ඇතැමුන් පවසන්නේ කොටස් වෙළෙඳපොළ කඩා වැටෙමින් පවතින බවය. තවත් අයෙක් විදේශීය ආයෝජකයන් රට හැර යන බව කියනු ඇසේ. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද?

ක්ෂේත්රයේ ප්රමාණියන්ට අනුව තත්ත්වය බිය විය යුතු තරම් අර්බුදකාරී මට්ටමනැත. එහෙත් එය අවධානය ලක් කළ යුතු ප්රවේශයක් උපදවා තිබේ.

කොටස් වෙළෙඳපොළ පහත වැටෙන්නේ ඇයි?

කොටස් වෙළෙඳපොළ කඩා වැටෙමින් පවතින්නේ නැත. සිදු වෙමින් පවතින්නේ වසර මුලදී වාර්තා වූ ඉහළ යෑමෙන් පසුව සිදු වන සාමාන්ය වෙළෙඳපොළ සංශෝධනයකි (Market Correction). ඉහළ මිල ගණන් යටතේ කොටස් මිලදී ගත් ආයෝජකයන් මේ වන විට සිය ලාභ ලබාගැනීමට (Profit taking) කටයුතු කරමින් සිටී. එමෙන්ම විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට වඩා වැඩි ප්රමාණයෙන් කොටස් අලෙවි කිරීමද මෙයට බලපා ඇත.

තවද, ගෝලීය වශයෙන් මතුව ඇති අභියෝගද ශ්රී ලංකාවට බලපා තිබේ. මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇත. මෙහි ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාවේ උද්ධමනය 8%ක මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ. රුපියල මතද යම් පීඩනයක් එල්ල වී ඇත. මෙම කරුණු හේතුවෙන් ආයෝජකයන් වඩාත් ප්රවේශම්සහගත ලෙස කටයුතු කිරීමට පෙළඹී තිබේ.

ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ව පවතින බව ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සඳහන් කර ඇත. 2026 වසරේ පළමු අර්ධයේදී ආර්ථික වර්ධනය 4%ක මට්ටමක පැවැති අතර, රජයේ ආදායම් තත්ත්වයද පෙරට වඩා යහපත් වී තිබේ. ණය ප්රතිව්යූහගත කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති අතර විදේශ විනිමය සංචිතද වර්ධනය වී ඇත. ඒ අනුව කොටස් වෙළෙඳපොළ පහත වැටීම සිදු වී ඇත්තේ වෙළෙඳපොළ චක්රීය වෙනස්කම්, විදේශීය කොටස් අලෙවිය සහ බාහිර අභියෝග හේතුවෙනි.

විදේශ ආයෝජන පිළිබඳ කනස්සල්ල

පසුගියදා වාර්තා වූ පුවත් දෙකක් හේතුවෙන් ජනතාව අතර යම් කනස්සල්ලක් ඇති විය.

පළමුවැන්න නම්, කොළඹ වරායේ ආරම්භ කිරීමට යෝජිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක වටිනාකමකින් යුතු ප්රසම්පාදන මධ්යස්ථාන ව්යාපෘතිය ඉදිරියට කරගෙන නොයෑමට චීනයේ China Merchants Port Holdings සමාගම තීරණය කිරීමය. 2023 වසරේදී ප්රකාශයට පත් කරන ලද මෙම ව්යාපෘතිය අත්හැරීමට හේතු වූයේ වාණිජමය කරුණු සහ බාහිර පරිසරයේ සිදු වූ වෙනස්කම් බව ශ්රී ලංකා වරාය අධිකාරිය මෙන්ම අදාළ චීන සමාගමද ප්රකාශ කර ඇත. එයින් අදහස් වන්නේ China Merchants සමාගම ශ්රී ලංකාව හැර යන බව නොවේ. ඔවුන් තවදුරටත් කොළඹ ජාත්යන්තර පර්යන්තය (CICT) සහ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සිදු කරයි. වරාය අධිකාරිය සඳහන් කර ඇත්තේ අදාළ ප්රසම්පාදන ව්යාපෘතිය සඳහා නව ආයෝජකයකු සොයා ගැනීමට කටයුතු කරන බවයි.

දෙවැන්න නම්, HSBC බැංකුවේ ගෝලීය සේවා මධ්යස්ථානය (Global Service Centre) 2027 වන විට ශ්රී ලංකාවෙන් ඉවත් කරගැනීමට සූදානම් වන බවට පළවන වාර්තාවන්ය. විපක්ෂ නායක සජිත් ප්රේමදාස විසින් මෙම තොරතුර අනාවරණය කර ඇති නමුත් HSBC බැංකුව මෙතෙක් ඒ පිළිබඳව නිල ප්රකාශයක් කර නැත. එමෙන්ම HSBC බැංකුව සිය සිල්ලර බැංකුකරණ (Retail Banking) කටයුතු නේෂන්ස් ට්රස්ට් බැංකුව වෙත පැවරීමට කටයුතු කරමින් සිටින අතර එය වෙනමම වාණිජමය තීරණයකි.

විදේශීය ආයෝජකයන් තීරණ ගනු ලබන්නේ ලාභය, අවදානම, කාල රාමුව සහ ගෝලීය තත්ත්වයන් පදනම් කරගනිමිනි. එක ව්යාපෘතියක් අවලංගු වූ පමණින් සියලු විදේශීය ආයෝජන රට හැර යන බව අදහස් නොවේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම් මගින් පෙනී යන්නේ ශ්රී ලංකාව තවදුරටත් ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීමට පියවර ගත යුතු බවයි.

මෙහි අවසාන අදහස කුමක්ද?

ශ්රී ලංකා ආර්ථිකය 2022 වසරේ පැවැති දැඩි අර්බුදයෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. ආර්ථික වර්ධනය ඉදිරියට යන අතර මූල්ය පාලනයද යහපත් වී ඇත. ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන සාර්ථකව ඉදිරියට යයි.

කෙසේ වෙතත් අභියෝග තවදුරටත් පවතී. බලශක්ති ගාස්තු පිරිවැයට ගැලපෙන පරිදි පවත්වාගෙන යාම, මධ්යකාලීනව රාජ්ය ආදායම් එකතු කිරීම ශක්තිමත් කිරීම සහ පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගැනීමට අදාළ ව්යූහාත්මක ප්රතිසංස්කරණ වේගවත් කිරීම රජය හමුවේ ඇති ප්රධාන අවශ්යතාවන්ය.

කොටස් වෙළෙඳපොළ පහත වැටීම සහ මහා පරිමාණ ව්යාපෘතියක් අවලංගු වීම සැබෑ සිදුවීම් වන අතර ඒවා කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. නමුත් එයින් අදහස් වන්නේ ආර්ථිකය කඩා වැටෙන බව හෝ රජය ආර්ථික කළමනාකරණයෙන් අසාර්ථක වී ඇති බව නොවේ. එයින් පැහැදිලි වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්රියාවලිය තවමත් සිදුවෙමින් පවතින බවත්, බාහිර අවදානම් සහ ආයෝජක විශ්වාසය තවදුරටත් ප්රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවත්ය.

ශ්රී ලංකාව පැහැදිලි ප්රගතියක් ලබා ඇත. ඉදිරි වසරවලදී කොටස් වෙළෙඳපොළ මෙන්ම විදේශ ආයෝජනද ශක්තිමත් කරගැනීමට නම් ප්රතිසංස්කරණ, පාරදෘශ්යභාවය සහ ස්ථාවර ව්යාපාරික පරිසරයක් පවත්වාගෙන යාම අත්යවශ්ය වේ.