සලේ ගේ පෙත්සමට අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්රතික්ෂේප කරයි!
පූජ්ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණි. ගොනු කර තිබූ පෙත්සම් ගණන 12කි.
LSN Sri Lanka ·
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළව කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා ඉදිරිපත් කර තිබූ අතරමැදි පෙත්සම් පෙළක් අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
</p>
<p>
මෙම කරුණ සම්බන්ධයෙන් ඉකුත් ඔක්තෝබර් 14 වනදා පැවැති විභාගයෙන් අනතුරුව, අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය නිකුත් කිරීම සඳහා අධිකරණය විසින් අද (22) දිනය නියම කර තිබුණි.
</p>
<p>
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
</p>
<p>
පූජ්ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණි. ගොනු කර තිබූ පෙත්සම් ගණන 12කි.
</p>
<p>
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම සහ දිගින් දිගටම රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා පෙත්සම්කරුවන් මෙම අවසරය ඉල්ලා තිබුණි.