දැදුරු ඔය හා රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘතයි: පහත් බිම්වල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම්!
LSN Sri Lanka ·

දිවයිනේ ප්රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය සහ රාජාංගනය ජලාශවල වාන් දොරටු විවෘත කර ජලය මුදා හැරීම සිදුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි. අද (ඔක්තෝබර් 22) දහවල් වනවිට මෙම වාන් දොරටු විවෘ කිරීම සිදුකර තිබේ.

දැදුරු ඔය ජලාශය

ජලාශයේ ඉහළ හා මධ්යම පෝෂක ප්රදේශවලට ලැබුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 16,500ක පමණ ජල ප්රමාණයක් දැදුරු ඔයට මුදා හැරේ. ජලය මුදා හැරීමේ ප්රමාණය තවදුරටත් වැඩි විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දැදුරු ඔය ද්රෝණියේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, අරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ජනතාව මෙන්ම එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් ද දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය. මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර විසිනි.

රාජාංගනය ජලාශය

රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු අටක් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 7,884ක ජල ප්රමාණයක් කලා ඔයට මුදා හරිමින් පවතී. ඉහළ පෝෂක ප්රදේශවල වර්ෂාපතනය හේතුවෙන් ජල මට්ටම පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇත.

ඉහළ කොත්මලේ ජලාශය

ඉහළ කොත්මලේ ජලාශයේ ද වාන් දොරටුවක් විවෘත කර ඇති අතර, ජලාශයට පහළින් කොත්මලේ ඔය ආශ්රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ. තවදුරටත් වර්ෂාව ලැබුණහොත් තවත් දොරටු ස්වයංක්රීයව විවෘත විය හැකි බව ඉංජිනේරුවෝ සඳහන් කරති.

ජලාශවල සමස්ත ජල ධාරිතාව

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 48ක් පමණ වේ. පසුගිය දිනවල ගින් ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය වැනි ගංගාවල ජල මට්ටම් ඉහළ ගිය අතර, දැනට ප්රධාන අවධානය යොමු වී ඇත්තේ දැදුරු ඔය සහ කලා ඔය ද්රෝණිවලටයි.

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව තවදුරටත් වර්ෂාපතනය අපේක්ෂා කළ හැකි බැවින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය නිකුත් කරන නිවේදන කෙරෙහි අවධානය යොමු කර පහත් බිම්වල රැඳී නොසිටින ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.