ඉතිරි වී ඇති ඇත් සම්පත ආරක්ෂා කරන්න වනජිවී නිලධාරින් සහ ආරක්ෂක අංශ එක් කිරීමේ වැඩ පිළිවෙළක්...
කාවන්තිස්ස ඇතු ආරක්ෂා කරගැනීමට නොහැකි වීම සම්බන්ධව මෙන්ම දැනට ලංකාවේ සිටින විශාලම දළ හස්තියාවන මහසෙන් සම්බන්ධව වාර්තා නොවීම සම්බන්ධව විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී කරුණු මතු කළේය.
LSN Sri Lanka ·

වන ජීවී නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල සාමුහිකත්වයෙන් යුතුව ඉතිරි වී ඇති වන ඇතුන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සම්බන්ධව හෙට දිනයේ දී මූලික වැඩ කටයුතු ආරම්භ කරන බව පරිසර ඇමති වෛද්ය ධම්මික පටබැඳි අද පාර්ලිමේන්තුවට කීවේය.

ඇමතිවරයා මේ බව ප්රකාශ කළේ කාවන්තිස්ස ඇතු ආරක්ෂා කරගැනීමට නොහැකි වීම සම්බන්ධව මෙන්ම දැනට ලංකාවේ සිටින විශාලම දළ හස්තියාවන මහසෙන් සම්බන්ධව වාර්තා නොවීම සම්බන්ධව විපක්ෂ නායකවරයා කර කරුණු දැක්වීමකට පිළිතුරු දෙමිනි.

කාවන්තිස්ස ඇතා ආරක්ෂා කරගැනීමේ මෙහෙයුමේ දී වන ජීවී පශු වෛද්යවරුන් විසින් කළ කාර්ය භාර්යය ද මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්රේමදාස විසින් රටට සාධනීය පැහැදිලි කිරීමක් කළේය.

විපක්ෂනායක සජිත් ප්රේමදාස පාර්ලිමේන්තුවට අදහස් දැක්වූයේ මෙසේය.

කාවන්තිස්ස ඇතා ඇත්ත වශයෙන්ම රෝගී භාවයට පත් වෙනවායි කියන එක නිරීක්ෂණය වුණේ සැප්තැම්බර් 20 ගණන්වල. මටත් ඒ දැනුම් දීම කළාම මමත් පුද්ගලිකව ඒ පශු වෛද්යවරයාට කතා කරා. ඉසුරු කියන පශු වෛද්යවරයා, වයඹ පළාත භාරව සිටින පශු වෛද්යවරයා.

ඒ වගේම ඉන් පසුව අපි දැක්කා මේ ඇතා පුංචි කාලයක් ගල්ගමුව, සියඹලංගමුව යනාදී ප්රදේශයේ සැරිසරිලා නීරාවිය පැත්තට යනවා. ඒ නීරාවිය පැත්තට යනකොට ඒ ප්රදේශයේ ජනතාව නිරීක්ෂණය කළා මේ ඇතාට තිබුණු පොඩි ඩයරියා තත්ත්වයක්... ඒ කියන්නේ බඩයාමේ තත්ත්වයක්. ආහාර අනුභව කරන්නට බැරි තත්ත්වයක්.

ඒ තත්ත්වය තුළ පශු වෛද්ය කණ්ඩායම් රැසක් ඇත්ත වශයෙන්ම මේ ඇතාට ප්රතිකාර කරන්නට කටයුතු කළා. මට ඇහුණා මේ සභාවේ කියනවා අදාල ඇමතිවරයා ගිහිල්ලා ඇතාව බැලුවලු... හොඳට සුව වෙලා හිටියලු... මම ඒ නිගමනයට එන්නේ නැහැ. මොකද, කාවන්තිස්ස ඇතා අර බඩයාමේ තත්ත්වයක්, ඩයරියා තත්ත්වයක් තුළ එකක් කෑම කෑවේ නැහැ. ඒ තුළ පශු වෛද්යවරුන්ට ඒ වසුරු පරීක්ෂා කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ඩයරියා එක්ක ඒ උද්ගත වුණු වැසි කාලයත් එක්ක ඒ වසුරු යම් ප්රමාණයක් හරි තිබුණා නම් ඒවා පරීක්ෂණය කරන්නට බැරි වුණත්, ඇමතිතුමා ඇවිල්ලා බැලුවා සතා හොඳින් ඉන්නවා කියන එක මම පිළිගන්නේ නැහැ. ඇමතිතුමා එනකොටත් සතා දවල් කාලයේ ඉන්නේ ඇලේ, වතුරේ. රාත්රී කාලයට ගොඩට යනවා.

එතකොට දවල් කාලයේ දිගින් දිගටම වතුරේ ඉන්නකොට පශු වෛද්යවරුනුත් තීන්දු කළා මේ ඇතාට ප්රශ්නයක් තිබෙනවායි කියලා විවිධාකාරයේ ප්රතිකාර කරන්නට කටයුතු කළා.

ප්රජා කේන්ද්රීය වැඩසටහනක් හදන්න

ඉතින් මං මේ කාරණාව කියන්නේ, ඇත්ත වශයෙන්ම කාවන්තිස්ස කියන ඇතා අපේ රටට අහිමි වුණා. දැන් අපි කළ යුත්තේ ඉන්න ඇත් සම්පත ආරක්ෂා කිරීමයි. මේ ඉන්න ඇත් සම්පත ආරක්ෂා කරන්න, අලි සම්පත ආරක්ෂා කරන්න ප්රජා කේන්ද්රීය වැඩසටහනක්, ප්රජා මූලික, ප්රජා කේන්ද්රීය, ප්රජා නායකත්වය පරිසර සංරක්ෂණයකට අපි යන්නටම ඕනේ.

ඒ සතා සිවුපාවා රැකගැනීම රජයේත්, පශු වෛද්ය අංශයේත්, ඒ වගේම ඒ අලි ඇතුන් සැරිසරන ප්රදේශයේ ප්රජාවගේත් සහභාගීත්වය ඇතුව කරන්නට ඕන. එසේනම් ඒ වනාන්තර සම්පත තුළින් ඒ ප්රජාවට ප්රතිලාභයක් ලැබෙන ආකාරයට සංචාරක කර්මාන්තය, එකෝ ටුවරිසම් (Ecotourism), පරිසර කේන්ද්රීය සංචාරක කර්මාන්තය වැනි ව්යාපෘති හරහා ඒ වනාන්තර සම්පතෙන් ඒ ප්රේරක කලාපයේ (Buffer Zone) ඒ ප්රජාවට යම්කිසි ආදායමක් ලැබෙන ආකාරයේ ප්රජා කේන්ද්රීය සංරක්ෂණ වැඩසටහනකට යා යුතුමයි.

ඒ වගේම මම යෝජනා කරනවා, දැනට ඉතුරු වෙලා තිබෙන, ඉතුරු වෙලා ඉන්න ඒ ඇත් සම්පත ආරක්ෂා කරන්න විශේෂිත ආරක්ෂක වැඩසටහනක් ක්රියාත්මක කරන්නට ඕන. සිවිල් ආරක්ෂක බලකාය, යුධ හමුදාව, STF එක, අනෙකුත් හමුදා බලකායන් ඒ සියලු දෙනාම එකතු කරගෙන වනජීවී දෙපාර්තමේන්තුවත්, ඒ පරිසර අමාත්යාංශයත් කේන්ද්ර කරගෙන වෙනමම භට කණ්ඩායමක් ක්රියාත්මක කරන්නට ඕන.

ලංකාවේ ලොකුම දළ ඇතා අතුරුදහන් ද?

මම කැමතියි අවධානම් කාරණාවක් කියන්න. දැන් ඇත්ත වශයෙන්ම දළින් බැලුවොත් මේ කාවන්තිස්සට වැඩිය ලංකාවේ ඉන්න ලොකුම ඇතා මහසෙන් කියන ඇතා. ඒ ඇතා සැරිසැරුවේ මරදන්කඩවල බලප්රදේශයේ. කපිටියාගම ආශ්රිතව තමයි ඔය ඇතා හිටියේ. කාලෙන් කාලයට එයා සංක්රමණය වෙනවා, වේලාවකට රිටිගලට යනවා, වේලාවකට කන්තලේ යනවා, තවත් වේලාවකට සෝමාවතියට යනවා, වේලාවකට කවුඩුල්ලට යනවා, වේලාවකට මින්නේරියට යනවා.

දැන් ඒ ඇතා අතුරුදහන් වෙලා. ඒ කියන්නේ දළින් බැලුවොත් ලංකාවේ අපි හිතන ආකාරයට, මම ඇහැට නිරීක්ෂණය කරපු ආකාරයට ලොකුම ඇතා ඒ මහසෙන් ඇතා දළින් බැලුවොත්. දැන් එයාද පේන්නට නැහැ.

අර අග්බෝ කියන ඇතා සොයන්නට විශේෂිත කණ්ඩායමක් යොදලා බොහොම ප්රශංසනීය කාර්යභාරයක් කළේ වනජීවී දෙපාර්තමේන්තුවත් ඒ ආරක්ෂක අංශයත්. ඇත්ත වශයෙන්ම මේ මහසෙන් කියන ඇතා ඇතුළුව තවත් විශාල ඇත් පරපුරක් ඉන්නවා. මේ ඇත් පරපුර වෙනුවෙන්, මේ , සුවිශේෂී සතුන් කණ්ඩායම ආරක්ෂා කරන්නට ඉතාමත්ම පැහැදිලි වැඩසටහනක් ක්රියාත්මක කරන්නට ඕන.

වනජිවී නිලධාරීන් සහ ආරක්ෂක අංශ ඒකරාශී කර ඇත් පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපීය වැඩ සටහනක් හදන ලෙස ද විපක්ෂ නායකවරයා යෝජනා කළේය.

අනතුරුව නැගි සිටි පරිසර ඇමති ධම්මික පටබැඳි ප්රකාශ කළේ ඇතුන් ආරක්ෂා කිරිම සඳහා ක්රියාත්මකවන ආරක්ෂක වැඩ පිළිවෙළ සම්බන්ධව හෙට පරිසර අමාත්යාංශයේ දී මූලික වැඩපිළිවෙළ ආරම්භ කරන බවය.

එමෙන්ම ඇමතිවරයා මෙහිදි අවධාරණය කරනු ලැබුවේ වෙනත් කිසිම හස්ථියෙකුට නොකළ මැදිහත් විමක් කරමින් කාවන්තිස්ස ආරක්ෂා කරගැනිමට වනවජිවී වෘත්තිකයින් කටයුතු කළ ආකාරය ය.

එහිදි ඇමතිවරයා මෙසේ පැවසුවේය.

කාවන්තිස්සට ප්රතිකාර කළ හැටි

අපි මේ හස්තියාගේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කළේ 23 වෙනිදා සැප්තැම්බර් මාසේ. 24 වෙනිදා අපි ප්රතිකාර ආරම්භ කළා. 25 වෙනිදා අපි නිර්වින්දනය කරලා අවශ්ය කරන සාම්පල් අරගෙන, Blood samples අරගෙන ප්රතිකාර දෙවෙනි දිනයේදීත් කළා. ඉන්පසු දිනපතා අපි මේ හස්තියාට ප්රතිකාර කළා.

30 වෙනිදා තමයි මම ගල්ගමුව ප්රදේශයට නිරීක්ෂණය සඳහා ගියේ. ඒ වෙනකොට, ඊට කලින් දවස වෙනකොට මේ හස්තියා සුවය ලබලා, හොඳින් පාද හතරටම බර අරගෙන ඇවිදින තත්ත්වයක හිටියේ. ඒ වගේම පුද්ගලයන්ට සහ සතුන් පසුපස එලවා පහර දීමට උත්සාහ කරලා තිබුණා. 30 වෙනිදා මම යනකොට හස්තියා මට නිරීක්ෂණය කරගන්න ලැබුණේ නැහැ. නමුත් පශු වෛද්යවරුන් සහ වනජීවී නිලධාරීන් සමඟ සාකච්ඡාවේදී මම ඒ Blood samples වල Reports ඔක්කොම බැලුවා. ඒවා සම්බන්ධයෙන් අවබෝධයක් ගත්තා.

ඒ වෙනකොට මේ ගල්ගමුවේ කාවන්තිස්ස ඇතාගේ ඉදිරි පාදයේ තිබිච්ච රෝගී තත්ත්වය සුව අතට පත් වෙලා තිබුණා. ඉන්පස්සේ දින කීපයක් නිරීක්ෂණය වුණේ නැහැ. නමුත් 4 වෙනිදා මේ හස්තියා අනුරාධපුර ප්රදේශයේ නිරීක්ෂණය වෙලා තිබුණා. 6 වෙනිදා තමයි අර කියන පාචන තත්ත්වය නිරීක්ෂණය වෙන්නේ, වාර්තා වෙන්නේ.

ඒ නිසා පළවෙනි රෝගී තත්ත්වය අපි සුව කරලා, අනුරාධපුර ප්රදේශයට ගියාට පස්සේ ඇති වුණු දෙවන රෝගී තත්ත්වය තමයි ගරු නියෝජ්ය කථානායකතුමනි අපට සුවපත් කරගන්න බැරි වුණේ. ඒ නිසා මේක සංවේදී ප්රශ්නයක්. මා ගරු විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන්, වැරදි අවබෝධයන් හැදෙන විදියට කටයුතු කරන්න එපා. අපි වෙන කිසිදු හස්තියෙකුට මැදිහත් නොවෙන තරම් පශු වෛද්යවරුන්, වනජීවී නිලධාරීන් මේ සියලු දෙනා මැදිහත් වෙලා තමයි ඒ ප්රතිකාර සඳහා සිදු කළේ.

ඒ වගේම අපි හෙට දිනයේ දාගෙන තියෙනවා වනජීවී නිලධාරීන් සහ ආරක්ෂක අංශ සම්බන්ධ වෙලා අපේ රටේ ආරක්ෂා කරගත යුතු ඉතිරි ඇතුන් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා පරිසර අමාත්යාංශයේදී ඒ සම්බන්ධයෙන් සැලසුමක් හදන්න. අපේ රටේ වනජීවීන් ආරක්ෂා කරගන්න එක, විශේෂයෙන්ම අලියැතුන් ආරක්ෂා කරගන්න එක අපි කාගෙත් සාමූහික වගකීමක්." ඇමතිවරයා පැවසුවේය.