LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ලකුණු 182ක් රැස් කරලත් පරාදයි! ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් නොනවතින පරාජයේ වේදනාව...

අප මෙහෙම කුජීත වෙන්නට ක්‍රිකට් ගැසූ ජාතියක් නොවේ. එක් කාලයක් අපට හැමදේම අහිමි වෙද්දී තිබුනේ ක්‍රිකට් පමණය. මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු ගෙනාවේ ක්‍රිකට්ය. එය ක්‍රීඩාවට වැඩි යමක් වූයේය. “ඔයාල ක්‍රිකට් සෙල්ලමකට අරන් ද?“

LSN Sri Lanka · 9 October 2026

ලකුණු 182ක් රැස් කරලත් පරාදයි!  ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් නොනවතින පරාජයේ වේදනාව...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආයෙත් පරාදය. මෙවර පරාජය වාර්තා වන්නේ පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීය. අද (09) පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් පාකිස්තානය කඩුලු හතරක ජයක් වාර්තා කළේය. ඒ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 182ක ඉලක්කය පන්දුවාර 18.5කදී පසුකර යමිනි.

පරාජය දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වගේය. දෙක දෙකක් නොව, එකක් ගානය. ප්‍රශ්නය වන්නේ පරාජය වීම පමණක් නොවේ. තරගයක් ජයග්‍රහණය කළ හැකි තත්ත්වයකට පැමිණියත් එය අවසානය දක්වා රැකගැනීමට අපේ කණ්ඩායමට නොහැකි වීමය. අද රාවල්පිණ්ඩියේදී දක්නට ලැබුණේ ඒ අර්බුදයේ තවත් පැතිකඩකි.

ලහිරු උදාරගේ සටන අපතේ යයි

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු අටකට ලකුණු 182ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ඉනිම වූයේ ලහිරු උදාරය. ඔහු පන්දු 55කදී ලකුණු 91ක් රැස් කළේය. ඒ හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගිනි. එය ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එරෙහිව දැඩි සටනක් දියත් කළ ඉනිමකි.

එහෙත් අනෙක් අන්තයෙන් ඔහුට ලැබුණු සහයක් නොවීය. නායක කුසල් මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගියේය. කමිල් මිෂාර ලකුණු හයකට දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් රැස් කළේය. දසුන් ශානක ලකුණු 18ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ විශේෂත්වයක් වූයේ අතිරේක ලකුණු 29ක් හිමි වීමය. ඒ අතර පාකිස්තාන පන්දු යවන්නන් ලබා දුන් වයිඩ් පන්දු ලකුණු 18ක් ද විය.

ලහිරු උදාරගේ ලකුණු 91 නොවන්නට ශ්‍රී ලංකාවේ ඉනිම කෙබඳු තැනක නතර වන්නට තිබුණේ දැයි සිතා බැලීම වටී.

පාකිස්තානය වෙනුවෙන් නසීම් ෂා ලකුණු 36කට කඩුලු තුනක් දවා ගත්තේය. මොහොමඩ් ඉම්රාන් ලකුණු 21කට කඩුලු දෙකක් ලබා ගත්තේය.

පාකිස්තානයේ පිළිතුර

ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය පන්දුවාර 18.5කදී කඩුලු හයක් දැවී ලකුණු 187ක් රැස් කළේය.

පාකිස්තාන ඉනිමේ ප්‍රධානතම ශක්තිය වූයේ සහිබ්සාදා ෆර්හාන්ය. ඔහු පන්දු 53කදී ලකුණු 89ක් ලබා ගත්තේය. මාස් සදාකත් පන්දු 29කදී ලකුණු 50ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එෂාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගත්හ. එහෙත් පාකිස්තානයේ ලකුණු රැස් කිරීමේ වේගය පාලනය කිරීමට එම දක්ෂතා ප්‍රමාණවත් නොවීය.

පන්දුවාර 20කදී ලකුණු 182ක් රැස් කිරීම සාමාන්‍යයෙන් තරගකාරී දක්ෂතාවකි. එහෙත් එම ලකුණු ප්‍රමාණය පවා ආරක්ෂා කරගැනීමට නොහැකි වූ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ සැලසුම්, ක්‍රීඩාංගණයේ පන්දු රැකීම සහ තරගය මෙහෙයවීම පිළිබඳව ප්‍රශ්න මතුවීම වැළැක්විය නොහැකිය.

ජාත්‍යන්තර ක්‍රිකට් විශ්ලේෂණයෙන් පෙනෙන අර්බුදය

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අර්බුදය හුදෙක් අද තරගයෙන් පමණක් පැහැදිලි කළ නොහැකිය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග පූර්ව විශ්ලේෂණයට අනුව, මෙම තරගයට පෙර ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පහෙන් හතරක් පරාජය වී තිබිණි. අද පරාජයත් සමග එම අවසන් තරග හය තුළ පරාජයන් පහක් වාර්තා වී තිබේ.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව පමණක් නොව, කණ්ඩායමේ සංයුතිය සහ තරගයට අනුව වෙනස් වන සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ යුතුය.

විස්ඩන් ක්‍රිකට් වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පැමිණියේ වෙනස්කම් රැසක් සමගිනි. ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබිණි. බිනුර ප්‍රනාන්දු නැවත කණ්ඩායමට ඇතුළත් වූ අතර නවක ක්‍රීඩකයන්ටද අවස්ථා ලැබි ඇති අයුරු පෙනුණි. .

මෙම තොරතුරු එක් කර බැලීමේදී පෙනෙන්නේ ශ්‍රී ලංකාව තවමත් ස්ථාවර ජයග්‍රාහී කණ්ඩායමක් ගොඩනගා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින බවය.

පාකිස්තානයේ ඩෝන් පුවත්පතේ ක්‍රිකට් විශ්ලේෂක නූරිෂ් ඛාන් අද පළ කළ ලිපියකින් පෙන්වා දෙන්නේ පාකිස්තානයේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවටද දක්ෂතාවට වඩා ස්ථාවර සැලැස්මක් අවශ්‍ය බවය. කුමන ක්‍රීඩකයා කුමන ස්ථානයේ පන්දුවට පහර දෙන්නේද, අවසන් පන්දුවාර යවන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලි වගකීම් තිබිය යුතු බව එම විශ්ලේෂණයේ මූලික අදහසයි.

එය පාකිස්තානය පිළිබඳ විග්‍රහයක් වුවද ශ්‍රී ලංකාවටද අදාළ කරගත හැකි වැදගත් ක්‍රිකට් පාඩමකි.

අපට ඇත්තටම සිදු වී ඇත්තේ කුමක්ද? අද තරගයේ සංඛ්‍යා ලේඛන තුළම ප්‍රශ්නයට පිළිතුරක් තිබේ.

ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් රැස් කළේ එක් පිතිකරුවෙකි. අනෙක් පිතිකරුවන් අටදෙනකු පන්දුවට පහර දුන්නද ඔවුන්ගෙන් කිසිවකු ලකුණු 25 සීමාවටවත් පැමිණියේ නැත. එයින් පෙනෙන්නේ කණ්ඩායමේ සාමූහික පිතිකරණය තුළ පවතින දුර්වලතාවකි.

අනෙක් අතට ලකුණු 182ක් රැස් කළ කණ්ඩායමක් පන්දුවාර 20 අවසන් වීමටත් පෙර පරාජය වීමෙන් පන්දු යැවීමේ සහ තරග පාලනයේ ගැටලුද හෙළි වේ. එපමණක් නොව තවත් ප්‍රශ්න තිබේ.

අප මෙහෙම කුජීත වෙන්නට ක්‍රිකට් ගැසූ ජාතියක් නොවේ. එක් කාලයක් අපට හැමදේම අහිමි වෙද්දී තිබුනේ ක්‍රිකට් පමණය. මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු ගෙනාවේ ක්‍රිකට්ය. එය ක්‍රීඩාවට වැඩි යමක් වූයේය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් පසුබෑමකට ලක්ව ඇත්තේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හිඟය නිසා නොවන බව ලහිරු උදාර පෙන්නුවේය. එහෙත් තනි ක්‍රීඩකයකුගේ දක්ෂතාව කණ්ඩායමක ජයග්‍රහණයක් බවට පත්කිරීමට අවශ්‍ය සාමූහික ශක්තිය අපට තිබුණේ නැත.

කලෙක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට ලබා දුන් පණිවිඩය වූයේ සම්පත් සීමිත රටකට වුවද සැලසුම, විනය සහ දක්ෂතාව එකතු කර ලෝකය ජයගත හැකි බවය. මේ සිදුවි ඇත්තේ ක්‍රිකට් සෙල්ලමකට ගැනිමේ ඵලය ය. මුරලි මේක කීවේය.

“කාටවත් බැනලා වැඩක් නෑ... එකොලොස් දෙනා යාර හැත්තෑව ඇතුළට ගියාට පස්සේ ඒ අය එයාලගේ ගේම ගහන්න ඕන... මට දුස්රා එක දාන්නවත්, සංගට ස්වීප් එක ගහන්නවත් කෝච්ට පුරුදු කරන්න බෑ...“