මක්කම පල්ලියක් තුළ ආදරය කරන්නට ගොස් සෞදි නීතිය අනුව මරණීය දණ්ඩනයට ලක් කළ බංගලාදේශ පෙම් යුවල....
මරණ දඬුවම ක්රියාත්මක කිරීමේ සාමාන්ය ක්රමවේදය වන්නේ කඩුවෙන් හිස ගසා දැමීමය. ප්රසිද්ධියේ හෝ අර්ධ ප්රසිද්ධියේ හිස ගසා දැමීම දීර්ඝ කාලයක සිට සිදුවන ප්රධාන ක්රමය වන අතර ඇතැම් අවස්ථාවලදී වෙඩි තබා මරා දැමීම ද සිදු කෙරේ.
LSN Sri Lanka ·

පූජනීය මක්කම නගරයේ පිහිටි පල්ලියක් (මස්ජිදයක්) තුළ ප්රේම කරන්නට ගොස් ඉස්ලාමීය නීතියට අනුව 'ෆාහිෂා' හෙවත් ලිංගික අසභ්යතාවට වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික තරුණයෙකුට සහ තරුණියකට සෞදි අරාබි බලධාරීන් විසින් 2026 ඔක්තෝබර් 14 වන දින මරණ දඬුවම ක්රියාත්මක කිරීමේ බිහිසුණු පුවතක් මේ වනවිට බංගලාදේශ ජන සමාජය කළඹා තිබේ.

සෞදි අභ්යන්තර කටයුතු අමාත්යාංශය ප්රකාශ කළේ සිද්ධියේ ඇති බරපතලකම මෙන්ම අදාළ ස්ථානයේ සහ කාලයේ ඇති පූජනීයත්වයට සිදු වූ හානිය සලකා බලමින්, ඉස්ලාමීය නීතිය යටතේ විනිසුරුවරයාගේ අභිමතය පරිදි ලබා දෙන දඬුවමක් වන 'තසීර්' (Ta’zir) නීතිය යටතේ මෙම මරණ දඬුවම නියම කළ බවය.

අතිශය ඛේදනීය තත්ත්වය වන්නේ මෙම දඬුවම ක්රියාත්මක කිරීමට පෙර සෞදි අරාබිය ඒ පිළිබඳව බංග්ලාදේශයට දැනුම් දී නොතිබීමය. මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ තොරතුරු ලබා දෙන ලෙස බංග්ලාදේශය සෞදි අරාබියෙන් ඉල්ලා ඇත.

සෞදි ප්රවෘත්ති ඒජන්සිය (SPA) මගින් මරණ දඬුවම හිමි වූ දෙදෙනාගේ නම් ප්රකාශයට පත් කර තිබේ. , ඔවුන් නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් (Nazrul Islam Abdul Basir) සහ ස්වීටි අක්තර් ( Sweety Akhtar) ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් දෙදෙනාම සෞදි අරාබියේ 'අල් මජාල්' (Al Majal) සමාගමේ පිරිසිදු කිරීමේ සේවකයන් ලෙස සේවය කළ සේවකයින්ය.

පුවත් වාර්තා සහ පවුලේ සාමාජිකයන්ගේ ප්රකාශයන්ට අනුව මොවුන් මක්කම අල්-හරාම් පල්ලිය (Grand Mosque) ආසන්නයේ හෝ එහි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී ඇත. මොවුන් විවාහක යුවළක් නොවේ. ප්රේමයෙන් වෙලී සිටි පෙම්වතුන්ය. නස්රුල් අවිවාහක තරුණයෙකි. ස්වීටි දික්කසාද වූ තැනැත්තියකි. ඇයට කුඩා දියණියක සිටියි. ඇය රැකියාවට පැමිණ තිබුණේ සැමියා හැර ගිය පසු සිය දියණියගේ ජීවිතය රක්ෂා කරගැනීම වෙනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරු

අදාළ සිද්ධියෙන් පසු සෞදි බලධාරීන් විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අදක ඊයෙක නොවේ. ජෙඩා හි බංග්ලාදේශ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ 2018 ඔක්තොම්බර් 18 දිනැති රහස්ය සටහනකට අනුව මෙම දෙදෙනා 2023 අගෝස්තු මුල සිට අත්අඩංගුවේ පසුවී ඇත.

2026 සැප්තැම්බර් 30 වන දින කොන්සල් කාර්යාලයට ලැබුණු රැඳවියන්ගේ ලැයිස්තුවට අනුව, නස්රුල් 2023 අගෝස්තු 1 වන දින සයිබර් අපරාධ චෝදනාවක් මත ද, ස්වීටි 2023 අගෝස්තු 2 වන දින කාමමිථ්යාචාර චෝදනාවක් මත ද අත්අඩංගුවට ගෙන තිබේ. එම ලැයිස්තුවේ මොවුන් දෙදෙනාට මරණ දඬුවම නියම වූ බවට කිසිදු සඳහන් කිරීමක් තිබී නැත.

එමෙන්ම මේ දෙදෙනාගෙන් කොන්සල් ජනරාල් කාර්යාලය වෙත කිසිදු සහනයක් ඉල්ලා ඉල්ලීමක් ද ලැබී නොතිබිණි. සෞදි බලධාරීන් මරණ දඬුවම හෝ දඬුවම ක්රියාත්මක කිරීම පිළිබඳව තානාපති කාර්යාලයට ද දැනුම් දී තිබුණේ ද නැත. ඔවුන් දෙදෙනා ඔක්තොම්බර් 11 සහ ඊට ආසන්න දිනවල දී නිවෙස්වෙත කතා කර තිබිණි. මරණීය දණ්ඩනයක් ගැන එහිදී ඔවුන් ප්රකාශ කර නැත. ස්විටී සිය පවුලේ අයට කියා ඇත්තේ තමන්ට නොබෝ දිනකින් නිදහස් වීමට හැකි බවය.

එහෙත් සිදුවූයේ කිසිවෙක් අපේක්ෂා නොකළ ඛේදවාචකයෙකි. තමන් මරණිය දණ්ඩනයට මුහුණ දෙන බව නොදැන සිටි මේ යුවල ඉන් දින තුනකට පසු මරා දැමීමට සෞදි අධිකරණය තීරණය කර තිබුණේය. ඒ තසීර් නීතිය යටතේය. මෙම තීන්දුව ඉහළ අධිකරණ මණ්ඩලයක් විසින් ද ස්ථිර කර තිබිණි. අනතුරුව , රාජකීය නියෝගයක් මගින් මරණ දඬුවම ක්රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා මරණීය දණ්ඩනයට ලක් කෙරිනි.

සෞදි අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ ප්රකාශයේ අදාළ ක්රියාවන්හි ඇති බරපතලකම සහ පල්ලියේ පූජනීයත්වයට සිදු වූ හානිය සඳහන් කළේය. නමුත් සිද්ධිය සිදු වූ නිශ්චිත පල්ලිය, සිදු වූ නිශ්චිත ක්රියාව කුමක්ද යන්න හෝ ඊට අදාළ සාක්ෂි ප්රසිද්ධියට පත් කර තිබුණේ නැත.

විදේශීය රාජ්ය තාන්ත්රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇතැම් බංග්ලාදේශ සහ ජාත්යන්තර මාධ්ය වාර්තා කළේ පල්ලිය තුළ සිප වැළඳ ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවය. කෙසේ වෙතත්, මෙම තොරතුරු සෞදි බලධාරීන් විසින් නිල වශයෙන් තහවුරු කර නොමැත. අත් අඩංගුවට පත් වූවන්ගේ පවුල්වල අය චෝදනා අභියෝගයට ලක් කරමින් කියා සිටින්නේ තමන් වෙනුවෙන් නිසි ලෙස කරුණු දැක්වීමට හෝ සාධාරණ නඩු විභාගයකට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බවය.

ප්රධාන සිදුවීම්වල කාලරාමුව

• 2022 නොවැම්බර්: නස්රුල් විදේශ රැකියා සඳහා සෞදි අරාබියට පැමිණෙයි. ස්වීටි ද එම කාල වකවානුවේදී හෝ 2023 වසරේදී පැමිණෙයි. දෙදෙනාම පිරිසිදු කරන්නන් ලෙස රැකියාවල නිරත වෙති.

• 2023 අගෝස්තු 1–2: අත්අඩංගුවට ගැනීම සිදුවෙයි. නස්රුල් සයිබර් අපරාධ චෝදනා මත ද ස්වීටි කාමමිථ්යාචාර චෝදනා මත ද ජෙඩා ප්රදේශයේ බන්ධනාගාරගත කෙරේ.

• 2026 සැප්තැම්බර් 30: සෞදි බලධාරීන් ජෙඩා හි බංග්ලාදේශ කොන්සල් කාර්යාලය වෙත රැඳවියන්ගේ ලැයිස්තුවක් ලබා දෙයි. එහි මොවුන්ගේ නම් තිබුණ ද මරණ දඬුවමක් ගැන සඳහන් නොවේ.

• 2026 ඔක්තෝබර් 11: නස්රුල් බ්රාහ්මන්බාරියා හි පිහිටි තම පවුලේ අයට කෙටි දුරකථන ඇමතුමක් ලබා දෙයි. ස්වීටි ද ඔක්තෝබර් මුලදී තන්ගායිල් හි පිහිටි ඇගේ පවුලේ අයට කතා කරමින් තමා ළඟදීම නිදහස් වනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසා ඇත.

• 2026 ඔක්තෝබර් 14: මක්කා කලාපයේදී මරණ දඬුවම ක්රියාත්මක කෙරේ. සෞදි ප්රවෘත්ති ඒජන්සිය එදිනම අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ ප්රකාශය ප්රකාශයට පත් කරයි.

• 2026 ඔක්තෝබර් 17–19: බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්ය අමාත්යවරයා ඇතුළු නිලධාරීන් සෞදි අරාබියෙන් නිල පැහැදිලි කිරීම්, අධිකරණ තීන්දු, වරදේ විස්තර සහ පූර්ව දැනුම්දීමක් නොකිරීමට හේතු විමසා සිටියි. බංග්ලාදේශය තුළ දැඩි මහජන විරෝධයක් සහ ආන්දෝලනයක් හටගනී.

• 2026 ඔක්තෝබර් 18: කොන්සල් කාර්යාලය මගින් බංග්ලාදේශ විදේශ රැකියා අමාත්යාංශය වෙත යැවූ සටහනකින් රඳවා ගැනීමේ ඉතිහාසය තහවුරු කරන අතර මරණ දඬුවම් පිළිබඳව කලින් හෙළිදරව් කර නොතිබූ බව පෙන්වා දෙයි.

සෞදි අරාබියේ මරණ දඬුවම ක්රියාත්මක වන ආකාරය

සෞදි අරාබියේ අපරාධ නීති පද්ධතිය ඉස්ලාමීය ෂරියා නීතිය මත පදනම් වී ඇත. එහි දඬුවම් කොටස් කිහිපයකට බෙදේ. එනම්

1. 'හදුද්' (ඉස්ලාමීය නීතියට අනුව නියමිත නිශ්චිත දඬුවම්),

2. 'කසාස්' (පළිගැනීමේ දඬුවම් - ප්රධාන වශයෙන් මිනීමැරුම් සඳහා

3. 'තසීර්' (නිශ්චිත දඬුවමක් නියම කර නැති විට විනිසුරුවරයාගේ අභිමතය පරිදි ලබා දෙන දඬුවම්) ය.

මෙම සිදුවීම ඇතුළුව සෞදි අරාබියේ බොහොමයක් මරණ දඬුවම් නියම වන්නේ 'තසීර්' ක්රමය යටතේ ය.

මරණ දඬුවම ක්රියාත්මක කිරීමේ සාමාන්ය ක්රමවේදය වන්නේ කඩුවෙන් හිස ගසා දැමීමය. ප්රසිද්ධියේ හෝ අර්ධ ප්රසිද්ධියේ හිස ගසා දැමීම දීර්ඝ කාලයක සිට සිදුවන ප්රධාන ක්රමය වන අතර ඇතැම් අවස්ථාවලදී වෙඩි තබා මරා දැමීම ද සිදු කෙරේ.

නඩු විභාගයෙන් සහ අභියාචනා ක්රියාවලියෙන් පසුව දඬුවම ක්රියාත්මක කිරීමට රාජකීය ආඥාවක් අවශ්ය වේ. මෙම සිදුවීමේදී ද පුරුෂයාට සහ කාන්තාවට වෙන වෙනම ස්ථානවලදී හිස ගසා දමා මරණ දඬුවම ලබා දී ඇති බව ඇතැම් බංග්ලාදේශ මාධ්ය වාර්තා කර තිබේ. සෞදි බලධාරීන් බොහෝ විට දඬුවම ක්රියාත්මක කරන නිශ්චිත ක්රමය ප්රසිද්ධ නොකරන අතර පවුලේ අයට ද පූර්ව දැනුම්දීම් සිදු නොකරයි. මරණ දඬුවම ක්රියාත්මක කළ බව පවුලේ අය දැනගන්නේ එය සිදුවූ පසුවය.

මෙවැනි ම්ලේච්ඡ දණ්ඩනයක් නිමයවන සංස්කෘතික පසුබිම කුමක් ද?

සෞදි අරාබිය ඇතුළු මූලධර්මවාදී රාජ්යයන්හි මෙතරම් දැඩි ලෙස මරණීය දණ්ඩනය ක්රියාත්මක කිරීම පිටුපස ඇත්තේ ගැඹුරු ඓතිහාසික, දේවධාර්මික සහ දේශපාලනික පදනමකි. ඉස්ලාමීය සම්ප්රදායට අනුව මක්කම යනු හුදෙක් නගරයක් නොව පෘථිවිය මත පිහිටි උත්තම පූජනීය භූමියකි (*Haram*). මෙම පූජනීය භූමිය තුළ සිදු කරනු ලබන කුඩා හෝ පාපයක් වෙනත් සාමාන්ය ස්ථානයක සිදුවන පාපයකට වඩා සිය දහස් ගුණයකින් බරපතල ලෙස සලකනු ලබයි. එවැනි ස්ථානයක් කෙලෙසීමට ඉඩ හැරීම මුළු මහත් සමාජය වෙතම දේව කෝපය කැඳවා ගැනීමක් ලෙස ඔවුහු අදහති. එම කෙලෙසීම වහාම පාපක්ෂය කර පිරිසිදු කිරීමට නම් අදාළ වරදකරුවන්ට අතිශය දැඩි දඬුවම් දිය යුතු බවටවන දැඩි විශ්වාසයක් මෙම පද්ධතිය තුළ පවතී.

එමෙන්ම, මෙහිදී යොදාගෙන ඇති 'තසීර්' (Ta'zir) නීති සංකල්පය මගින් රාජ්යයට සහ ආගමික පද්ධතියට දැඩි තර්ජනයක් වන හෝ භයානක ආදර්ශයක් විය හැකි ඕනෑම ක්රියාවකට තම අභිමතය පරිදි මරණීය දණ්ඩනය නියම කිරීමට විනිසුරුවරයාට හෝ පාලකයාට පුළුල් බලයක් හිමිවේ. නූතන ලෝකය නීතිය සහ අධිකරණය දෙස මානව හිමිකම් හා පුද්ගල ස්වාධීනත්වය මුල් කරගෙන බලද්දී, සෞදි නීති පද්ධතියේ ප්රමුඛතාව හිමිවන්නේ දේව නීතියට සහ ආගමික සදාචාරයේ ආරක්ෂාවටය. එනම්, පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතියට වඩා ආගමික පද්ධතියේ පවිත්රතාව රැක ගැනීම උසස් කොට සැලකීමය.

මීට අමතරව, මහජනයා තුළ දැඩි බියක් ඇති කරමින් සමාජය පාලනය කිරීමේ මෙවලමක් ලෙස ද මෙවැනි දැඩි දඬුවම් භාවිත කෙරේ. විශේෂයෙන්ම, නීතිමය සහාය ලබා ගැනීමට නිසි ඉඩකඩක් නොමැති සහ රාජ්ය තාන්ත්රික බලපෑමක් කළ නොහැකි දකුණු ආසියාතික අඩු වේතන ලාභී සංක්රමණික ශ්රමිකයන් මත මෙවැනි දඬුවම් පහසුවෙන් ක්රියාත්මක වන අතර, එය රාජ්යයේ "නීතියේ දැඩි බව" ලෝකයට සහ සිය රටවැසියන්ට පෙන්වීමට යොදාගන්නා සංස්කෘතික හා දේශපාලනික රටාවක් බව ද මානව හිමිකම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බංග්ලාදේශයේ ප්රතිචාරය

මිලියන තුනකට අධික බංග්ලාදේශ ජාතිකයන් ප්රමාණයක් සෞදි අරාබියේ අඩු වේතන සහිත රැකියාවල නිරත වෙති. දැන් මෙම පුවත බංග්ලාදේශය තුළ දැඩි කම්පනයක් සහ මහජන විරෝධයක් ඇති කිරීමට හේතු වී තිබේ. බංග්ලාදේශ නිලධාරීන් මෙම සිදුවීම විදේශගත ශ්රමිකයන්ට "විශාල පාඩමක්" ලෙස හඳුන්වා දී ඇත.

නස්රුල්ගේ ඥාතීන් පවසන්නේ තමන්ට සාධාරණය ඉෂ්ට විය යුතු බවත් දේහය ආපසු ලබා දෙන ලෙසත්ය. ස්වීටිගේ පවුලේ අය පවසන්නේ තමන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් නොලැබුණු බවත් තමන්ට තම දියණියගේ දේහය අවශ්ය බවත්ය. බංග්ලාදේශ රජය සෞදි බලධාරීන්ගෙන් අධිකරණ වාර්තා සහ තානාපති කාර්යාලයට දැනුම් නොදීමට හේතු විමසා සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු රැසක් අනාවරණය වී නොමැත. එනම් සිදු වූයේ යැයි කියන ක්රියාවේ ස්වභාවය, අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි, චුදිතයන්ට නිසි නීතිමය සහාය ලැබුණේද යන්න සහ මරණ දඬුවම ක්රියාත්මක කළ නිශ්චිත ස්ථානය හා ක්රමවේදයයි. බංග්ලාදේශය දිගටම පූර්ණ අධිකරණ ලේඛන ඉල්ලා සිටී.

මෙම සිදුවීම හරහා සෞදි අරාබියේ තිගස්වන සුළු බිහිසුණු ස්වරූපය යළිත් ලෝකයට පෙන්වා තිබේ. වරදක් සිදුවී ඇතැයි ඔවුන් තින්දු කළහොත් ඔබ මැරෙන බව ඔබ දන්නේත් නැත. ඔබගේ මළ සිරුරවත් ලැබේදැයි සහතිකයක් නැත. ඒ සම්බන්ධව රාජ්ය තාන්ත්රිකව කළ හැකි මංගල්ලයක් ද නැත. පාපය එවැනි රටවල්වල බැල මෙහෙවර කිරීමට ජීවිතය පරදුවට තබා යන්නට සිදුවන තරමට දකුණු ආසියාතික රටවල ශ්රමිකයන් අත් කරගෙන ඇති “සමෘද්ධිය“ ය.