LSN News › Sri Lanka

ජනපති සහ ඇමතිවරුන් නොමග යවා පාම්තෙල් ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ උත්සාහයක් - පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයෙන් චෝදනා!

වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා මෙන්ම වැවිලි කටයුතු අමාත්‍යවරයාද දැනට පාම්තෙල් ආනයන සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට අදහස් පළකර තිබේ. එසේ තිබියදීත්, අදාළ නිලධාරීන් ආහාර සුරක්ෂිතතා කමිටුවේ අවසරයද මගහරිමින් මෙම සීමාවන් ඉවත් කිරීමට සූදානම් වන බව රංජිත් විතානගේ පවසයි.

LSN Sri Lanka · 22 October 2026

ජනපති සහ ඇමතිවරුන් නොමග යවා පාම්තෙල් ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ උත්සාහයක් - පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයෙන් චෝදනා!

ජනාධිපතිවරයා, පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා සහ වැවිලි කටයුතු අමාත්‍යවරයා නොමග යවමින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙරටට පාම්තෙල් ආනයනය කිරීමේ සීමාවන් ඉවත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

</p>

<p>

එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේ පෙන්වා දෙන්නේ, මෙරට ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කර ගැනීම සඳහා පත්කරන ලද විද්වත් කමිටුවක් මගින් 2021 වර්ෂයේදී පාම්තෙල් ආනයනයට සීමාවන් පැනවූ බවය. එම සීමාවන් වත්මන් රජය මගින්ද අනුමත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.

</p>

<p>

වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා මෙන්ම වැවිලි කටයුතු අමාත්‍යවරයාද දැනට පාම්තෙල් ආනයන සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට අදහස් පළකර තිබේ. එසේ තිබියදීත්, අදාළ නිලධාරීන් ආහාර සුරක්ෂිතතා කමිටුවේ අවසරයද මගහරිමින් මෙම සීමාවන් ඉවත් කිරීමට සූදානම් වන බව රංජිත් විතානගේ පවසයි.

</p>

<p>

මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මෙවැනි අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් රජය මෙන්ම පාරිභෝගිකයින්ද දැඩි අපහසුතාවයට පත්වන බව හෙතෙම පෙන්වා දෙයි.

</p>

<p>

එම නිසා මෙම නිලධාරීන්ගේ උත්සාහයන් ව්‍යාර්ථ කර මෙරට පාරිභෝගිකයින්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.