කාඩර් එකෙන් බාගයක් පුරප්පාඩු... පශු වෛද්යවරු වනජීවී සේවයට එන්නේ නෑ... එහෙම තියෙද්දි බොරු කියලා ඉන්න පිරිසත් පන්න ගන්න එපා... ශ්රී ලංකා පශු වෛද්ය සංගමය කියයි!
වන සතුන්ට ප්රතිකාර කිරීමට කැමැත්තෙන් පසුවන පශු වෛද්යවරුන් වරප්රසාදනයන්, දිරිදීමනාවන් , කිසිවක් නොමැතිවත් , අවශ්ය උපකරණ, ආරක්ෂිත ඇදුම් කට්ටලවල බරපතල හිඟයක් පැවතීයේදීත් එම දෙපාර්තමේන්තුවේ සේවය සඳහා පැමිණෙන පශු වෛද්යවරුන්ව ආරක්ෂා කර ගැනීමට වෙනුවට අද වන්නේ ඔවුන්ට විරුද්ධව අසත්ය තොරතුරු ප්රචාරය කරමින් මඩගැසීම යැයිද වෛද්ය බණ්ඩාර අවධාරණය කරයි.
LSN Sri Lanka ·

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින පුරප්පාඩු පුරවා ගැනීමට වසර ගණනාවක සිටම නොහැකි වී ඇති බව ශ්රී ලංකා පශු වෛද්ය සංගමය සඳහන් කරයි.
</p>
<p>
වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය සඳහා පශු වෛද්යවරුන් 32ක් අවශ්යව සිටියද දැනට එහි සේවය කරන්නේ වෛද්යවරුන් 17ක් දෙනෙකු පමණක් බවත් ඉතිරි පුරප්පාඩු පුරවා ගැනීමට අයඳුම්පත් කැදවුවද ඒ සඳහා ඉල්ලුම් කිරීමට පශු වෛද්යවරුන් ඉදිරිපත් නොවන බවත් සංගමයේ ලේකම් වෛද්ය උදිත බණ්ඩාර පවසා සිටියි.
</p>
<p>
වන සතුන්ට ප්රතිකාර කිරීමට කැමැත්තෙන් පසුවන පශු වෛද්යවරුන් වරප්රසාදනයන්, දිරිදීමනාවන් , කිසිවක් නොමැතිවත් , අවශ්ය උපකරණ, ආරක්ෂිත ඇදුම් කට්ටලවල බරපතල හිඟයක් පැවතීයේදීත් එම දෙපාර්තමේන්තුවේ සේවය සඳහා පැමිණෙන පශු වෛද්යවරුන්ව ආරක්ෂා කර ගැනීමට වෙනුවට අද වන්නේ ඔවුන්ට විරුද්ධව අසත්ය තොරතුරු ප්රචාරය කරමින් මඩගැසීම යැයිද වෛද්ය බණ්ඩාර අවධාරණය කරයි.
</p>
<p>
කාවන්තිස්ස ඇතාගේ රුධිර සාම්පල තායිලන්තයට ගෙන ගිය බවත් එයින් එම සතාගේ වකුගඩුවේ ක්රියාකාරිත්වය සියයට 10දක්වා පහත වැටී ඇති බව හෙලිවූ බවත් යන්න අසත්ය තොරතුරු සමාජ ගත කරමින් නිදිවර්ජිතව කුසගින්නේ සිට ඇතාට ප්රතිකාර කළ පශු වෛද්යවරුන් ඉලක්ක කරමින් ඔවුන්ගේ චරිතය ඝාතනය කිරීම සංගමයක් ලෙස හෙළා දකින බවද ලේකම්වරයා පවසා සිටියි.