Sport · Sri Lanka Bureau
විශ්වාස කරපල්ලා යකුනේ... අපේ උන් දිනුම්!
එංගලන්තය මොන වාර්තා තිබ්බත් මැච් එක අපේය. තරගයේ වීරයාත් අපේය. වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්රහණය කළ ලෝක එක් දින තරග ඉතිහාසයේ දෙවැනි අවස්ථාව මෙයය. ලෝකය යළිත් ඇස් ඇරගෙන බලා ඉන්නා තැනට ක්රිකට් ගෙනාවාට කොල්ලනේ ස්තුතී ය.
LSN Sri Lanka ·

දෙයියම්පල්ල ඒ ගැහිල්ල ගහයි කියා ලොවෙත් හිතුවේ නැත. 429ක් හඹා යෑම හීනයක් තරම් දුරින් ඇති ආතල් එක්ක බව සිතා මැච් එක බැලිල්ල පැත්තකට දමා කහට කෝප්පයක් බිබී ලිපියක් ලියමින් උන්නේය.

අද ශ්රී ලංකා කණ්ඩායම රාවල්පිණ්ඩි හි දී මැච් එකක් ගහන්නේ නැති බව දොස්තර මනෝජ් ප්රනාන්දුත් ෆේස් බුක් එකේ ලියා තියනු දුටුවෙමි. මේ වසයට දොස්තර මහත්තරු කියන එක අහගෙන ඉන්න එක වැදගත්ය. ඒ හින්දා මැච් එකක් නැති බව සිතා ගෙන සිටියෙමි. රාත්රී 10 පමණ වනවිට ආවේ අම්මට සිරි වෙන නිවුස් ඇලට් එකකි. යකෝ අපි 429 පන්නාගෙන ගොස් ගහලාය. විකට් දෙකකින් දිනුම්ය.

එංගලන්තයට මෙහෙම ගේමක් ගහන්නට හැකි කණ්ඩායමක් ලංකාවේ ඉන්නා බව මේ මැච් එක දිනන මොහොත වෙනතුරුම ලංකාවේ ක්රිකට් බලන උන් දැනගෙන හිටියේ නැත. අපේ උන් දැන් ඉන්නේ හරියට කොලොම්බස් ඇමරිකාව සොයාගත්තාක් බඳු ආතල් එකකය. අපට මෙහෙම ක්රිකට් ගහන උන් ඉන්නා බව අපවත් දැනගෙන හිටියේ නැත. මේ ඉතිහාසගතවන ගැහිල්ල ඉන්තේරුවෙන්ම පුදුමයක් වූයේ ඒ නිසාය.

තරගය පැවැත්වුනේ රාවල්පිණ්ඩි ක්රීඩාංගනයේ ය. ටොස්ට් එක දිනුවේ අපිය. අප තේරුවේ පන්දු රැකීමය.

මුලින්ම හිතුනේ මේ මොන නල්ලමලේ තීන්දුවක්දැයි කියාය. නායක හැරී බෘෘක් ලෝක වාර්තාවක් තැබුවේය. ඒ එක් දින ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කරමිනි. ඔහු පන්දු 116ක දී හතරේ පහර 21ක් සහ හයේ පහර 10ක් සමග ලකුණු 202ක් ලැබුවේය. මින් පෙර එම වාර්තාව තිබුණේ ශුබ්මන් ගිල් සතුවය. ඔහු පන්දු 117කින් ද්විත්ව ශතකය ලබාගෙන තිබිණි.

තවත් අහවල් දෙයක්වත් ඉතිරි වෙතැයි අප හිතුවේ නැත. ටොම් බැටන් ලකුණු 50කි. ජෝ රූට් ලකුණු 69කි. විල් ජැක් නොදැවී ලකුණු 66කි. ඔහු ලකුණු 66 ලබා ගන්නේ පන්දු 30ක දී ය. ඊට හතරේ පහර 08කි හයේ පහර 03කි. එංගලන්තය ඕවර 50 අවසන් වනවිට කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 429කි. දුනිත් වෙල්ලාලගේ කඩුළු 02කුත්, ජනිත් ලියනගේ සහ අසිත ප්රනාන්දු කඩුල්ල බැගිනුත් ලැබුවේය.

අපේ උන් කන්නේ කීයකින්දැයි සිතනවා විනා පන්නා ගොස් මේ ගාන ගහනු ඇතැයි හිතපු එකෙක්වත් නොසිටි බව නම් සහතික කර කියන්නට පුලුවන. කුසල් පුතාට ඉක්මනට ගෙදර එන්නට කියන ටෙලි ග්රෑම් එකක් ද ෆේස් බුක් එකේ ෂෙයාර් උනේය. ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස් ලකුණු 18කටත්, නායක කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දුවද්දී දැවී යන්නේත් මේ අතරය. කමිඳු මුළු ලකුණු සංඛ්යාව 23 දී දැවී යනනේය. ලකුණු නොලබා කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 24 දී දැවී යන්නේය. ලකුණු 24ට කඩුළු 02ක ය. ටී.වී එක ඕෆ් කර වැඩක් බලාගන්නට බොහෝ දෙනෙක් නැගිට ගියේ ඉන් පසුය.

එහෙත් ඒ අතරේ මහා පෙරළිකාර සටනක් දියත් වෙමින් තිබිණි. අවිශ්ක ප්රනාන්දු පන්දු 83ක දී ලකුණු 97ක් ලබාගෙන දැවැන්ත සටනකට මුල පුරා තිබිණි. අවිශ්ක සිය ලකුණු 97ට හතරේ පහර 11ක් සහ හයේ පහර 02ක් එල්ල කළේය. මේ තරගය දිශානතිය වෙනස් කළ නියමුවා වූයේ පවන් රත්නායකය. පවන් පන්දු 106ක දී විශිෂ්ට ලකුණු 130ක් ලැබුවේය. ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

දස්සා යළිත් දස්කම් අතරට ඇවිත්ය. පන්දු 50ක දී ලකුණු 97කි. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 08ක් ඇතුළත් වූයේය. එය අති විශිෂ්ට ප්රහාරයක් වන්නේ මැද පෙළට මහා ශක්තියක් සහිත විශ්වාසයක් එක් කළ හෙයිනි.

අවසාන ඕවර කීපය තුළ තරගය අතිශය තියුණු වූවා පමණක් නොව දෙපැත්තටම විවෘත වූයේය. මේ මොහොතේ එය ජයග්රහණයකින් කෙළවර කිරීමේ විශිෂ්ට ප්රයාමය දියත් කළේ ජනිත් ලියනගේය.

අවසන් පන්දු ඕවරයේ කඩුල්ලේ සිටියේ ජනිත් ලියනගේ සහ දුනිත් වෙල්ලාගේය. ජනිත් පළමු පන්දුවට ලකුණක් ගෙන දුනිත්ට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේය. ඕවරයේ දෙවැනි පන්දුවෙන් දුනිත්ගේ කඩුල්ල කුඩු වුනේය. ඉන් පසු එශාන් මාලිංග ඊලඟ පන්දුවෙන් දැවී ගියේය. දැන් ඕවරයේ දෙවැනි සහ තුන්වැනි පන්දු දෙකක දී කඩුළු 02ක් බිඳවැටි ඇත. කඩුළු ත්රිත්තවයක් ලබා ගැනීමේ අවස්ථාව පන්දු යවන ටොන්ග් සතුවය. අවසන් පන්දු තුනේ දී ජයග්රහණය සඳහා ලකුණු 07ක් රැස් කිරීම පිතිකරුවන් ඉදිරියේ ය. නවක ක්රීඩකයා අසිත ප්රනාන්දුය.

කඩුළු ත්රිත්වය අවස්ථාව පන්දු යවන්නාට ලබා නොදී අසිත ප්රනාන්දු එක් ලකුණක් ලබාගෙන ජනිත් ලියනගේ ට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය. ඒ වනවිට ජනිත් සිටියේ ලකුණු 55ක් ලබාගෙනය. ඒ පන්දු 26ක දීය. දැන් ජයග්රහණයට පන්දු දෙකක දී ලකුණු 06ක් ලබා ගත යුතුය.

අවසන් ඕවරයේ පස් වෙනි පන්දුව මිඩ් ඕෆ් කලාපයෙන් නැවතුනේ ඉහළින්ම සීමා ඉර පසුකරය. ජනිත් පන්දු 27ක දී ලබා ගත් ලකුණු 61 විශිෂ්ට තරග නිමා කරන්නෙකුගේ ප්රභාව ලෝකයට පෙන්නුවේය. ඔහු සිය 61 ලබන්නේ හයේ පහර 03ක් සහත හතරේ පහර 07ක් සමගින් නොදැවීය.

මේ තරගය ඉතිහාසයට එක් වන තරගයකි. ලෝක වාර්තාවක් තබා ද්විත්ව ශතකයක් ලබා ගත් හැරී බෘෘක් තරගයේ වීරයා නොවේ. තරගයේ වීරයා පවන් රත්නායකය.

එක්දින ජාත්යාන්තර තරගයක දී හයේ සහ හතරේ පහරවලින් වැඩිම ලකුණු සංඛ්යාවක් එංගලන්තයට රැස්කළ ක්රීඩකයා ලෙස හැරී බෘෘක් වාර්තා පොතට ගියේය. ඔහු හයේ සහ හතරේ පහරවලින් ලකුණු 144ක් රැස් කර තිබිණි. බෘෘක් එක් දින ජාත්යාන්තර තරගයක එංගලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්යාවක් රැස් කළ ක්රීඩකයා ලෙස ඉතිහාසගත වුනේය. එංගලන්ත ඉතිහාසයේ එකම එක් දින ද්විත්ව ශතක ලාභියා ඔහුය. එම වාර්තාව තිබුණේ ලකුණු 182ක් රැස් කර සිටි බෙන් ස්ටෝක් සතුවය. එංගලන්ත ශ්රී ලංකා එක්දින තරගවලදී වැඩිම ලකුණු ගණනක් දෙපිලම එකතුව වාර්තා කළ තරගය මෙයය. දෙපිලේම ලකුණුවල එකතුව 859ක්ය.

එංගලන්තය මොන වාර්තා තිබ්බත් මැච් එක අපේය. තරගයේ වීරයාත් අපේය. වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්රහණය කළ ලෝක එක් දින තරග ඉතිහාසයේ දෙවැනි අවස්ථාව මෙයය. ලෝකය යළිත් ඇස් ඇරගෙන බලා ඉන්නා තැනට ක්රිකට් ගෙනාවාට කොල්ලනේ ස්තුතී ය. විස්මය කුජීත වෙන්නට පැරදෙමින් සිට මෙවැනි අදහා ගත නොහැකි ගැහිල්ලක් ගසා මැච් දිනන එකය.

ඇත්තටම අපේ ක්රිකට්වල ඇති ආතල්ම කෑල්ලත් එය ය.