අඩෝ... චීවරයට අත තියන්නෙ කවුද ඩෝ.....
විනය පිටකයේ චුල්ලවග්ගයේ පස්වැනි ඛන්ධකයේ 33.2 කොටස තිරශ්චීන විද්යා ඉගෙනීම සහ ඉගැන්වීම තහනම් කරයි. ඒ සඳහා දුක්කට ඇවතක් දක්වා ඇත. දුක්කට ඇවැතක් යනු වැරදි ලෙස කරන ලද ක්රියාවකි. එහෙත් රටේ රාජ්ය නායකයා හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වස් කවි කියා, පිල්ලියක් සාදා, කටු ගසා මරණීය ව්යසනයක් ප්රාර්ථනා කිරීම සහ ඒ සඳහා උපක්රම යෙදීම දුක්කට ඇවැතක් පමණක් නොවේ. එය භික්ෂු භාවය අහෝසි වන බරපතලම විනය උල්ලංඝනය කිරීමක් වන පාරාජිකා ඇවැතක් හෝ ථුල්ලච්චය ඇවැතක් දක්වා දිවයන මාරාන්තික විනය කඩකිරීමක් බව විනය පිටකයෙන් පෙනේ.
LSN Sri Lanka ·

පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන පැමිණ ඇත. බලංගොඩ කස්සප හිමි ආලවක සූත්රයෙන් පොලිසියට ධර්මය දේශනා කරන්නට ගනී. ආලවක යක්ෂයා බුදුන් වහන්සේ වෙහෙසට පත් කිරීමට උත්සාහ කළ ආකාරය සිහිපත් කරයි. තුන් වරක් පිටවි නැවත වැඩම කිරීමෙන් පසු බුදුන් පිටවී නොයන ස්ථාවරයකට පැමිණි අයුරු පවසයි. අනතුරුව තමන් ද බුද්ධ පුත්රයෙක් බව කියයි. බුදුන් සේ පිටව නොයන බව පවසයි. කස්සප හිමියන් ආලවක දමනයට ඇඳගෙන ඇති අයුරු දුටුවෙමු.

හොඳම කෑල්ල ඒ සමග මෙසේ කෑ ගැසීමය. “අනුර ගෝ හෝම්“

දැන් කස්සප හිමි බුදුන්ගේ භූමිකාවෙන් ඉවත්ව ආලවකයාට ඇඳගෙනය. “මොන නියෝගයක් ආවත් ඉවත් වෙන්නේ නෑ. අද ඉවත් කළහොත් හෙට ගම් දනව්වලින් ජනතාව කොළඹට කැඳවා අනුර පන්නනවා.“ කස්සප හිමියන්ගේ ආලවක භූමිකාව ඇත්තටම මරුය.

කස්සප හිමි සහ ආලවක සූත්රය

කස්සප හිමි ආලවක සූත්රය අවභාවිතා කළේය. මේ උත්තම ධර්මය ඛාණ්ඩය තුළ ඇත්තේ වචනාර්ථය ඉක්මවා ගිය ගැඹුරකි. ආලවක සූත්රයේදී බුදුන් වහන්සේ සිව්වැනි වර පිටවීම ප්රතික්ෂේප කරති. එහෙත් ඒ ප්රකාශයට පෙර උන්වහන්සේ යක්ෂයාගේ ඉල්ලීම අනුව තෙවරක් පිටතට වැඩම කර නැවත ඇතුළට පැමිණෙති. අනතුරුව යක්ෂයා කරන තර්ජනයට ප්රතිතර්ජනයක් එල්ල නොකර, ඔහුගේ ප්රශ්නවලට පිළිතුරු දෙති. සංවාදය අවසානයේ ඉස්මතු වන්නේ සත්යය, ප්රඥාව, ශ්රද්ධාව සහ යහපත් ජීවිතය පිළිබඳ ඉගැන්වීමකි. බුදුන් වහන්සේගේ ස්ථිරභාවය අර්ථවත් වන්නේ එහි පැවති ද්වේෂයෙන් තොර ප්රඥාව සමඟය.

කස්සප හිමි පොලිසියට බණ කියන්නේ මේ සූත්රයේ එක් වාඛ්යයක් උපුටාගෙන සූත්ර ධර්මයත් විකෘති කරමිනි. එය බණක් නම්, කස්සප හිමි සම්බුද්ධ පුත්රයෙක් ලෙස ඔහුම හඳුන්වා ගන්නවා නම් අප දුටුවේ සම්බුද්ධ තර්ජනයකි. රටේ නීතිය නොතකන බවට චීවරයට ආවරණය වී කරන මැර පාතාල හැසිරීමකි.

බුද්ධ පුත්රයෙක් ලෙස තමන් හඳුන්වා ගන්නා තැනැත්තාට පැවරෙන අමතර සදාචාර වගකිමක් තිබේ. තමන්ගේ කෝපය, අභිමතය සහ බල වුවමනාව ධර්මයෙන් පරීක්ෂා කරගැනීම ඉවතලා චීවරය නීතියෙන් නිදහස් වීමට ඉදිරිපත් කරන බලපත්රයක් ලෙස භාවිතා කිරීමට කස්ස හිමි ඇතුළු කණ්ඩායමට බෞද්ධ සංස්කෘතික සම්ප්රදාය තුළ ලයිෂන් ලැබෙන්නේ නැත. ඔවුන් මේ ගමන මේ දක්වා පැමිණ තිබුණේ ඒ සංස්කාතික මානයන් සියල්ල හකුලාගෙනය.

ආලවකයාට අදින්නට පෙර පිල්ලි යැවූ හැටි

බුදුන්ටත් ආලවකයාටත් එකවර ඇඳගන්නට පෙර කස්සප හිමි පසුකර පැමිණි ගමනක් වුයේය. ඊට දින කීපයකට පෙර ඔහු ඇතුළු චීවරය පොරවාගත් කණ්ඩායමක් යකැදුරන්ට ඇන්දේය. අනුරගේ රූපයක් හදා පිල්ලියක් බව කියමින් ඊට කටු ගැසුවේය. වස් කවි කීවේය. මේ සියල්ල කරන්නේ විහාර මහා දේවී උද්යානයේ සම්බුද්ධ පිලිරුව ඉදිරියේ දී ය. ජීව මානව වැඩ සිටියා නම් බුදුන් වහන්සේ ආයු සංස්කාර අත්හැර පිරිණිවන් පාන්නට තීරණය කරන්නේ එදා බව විශ්වාස කරමි.

ජනාධිපතිවරයා සංකේතවත් කරන රුවකට කටු ගසා ඔහුට හෙණ ඉල්ලා සුන් කර ව්යසනයට පත් කරන ලෙස අමනුෂ්ය බලවේගවලින් ඉල්ලමින් විහාර මහා දේවී උද්යානයේ සම්බුද්ධ පිළිරුව ඉදිරියේ සිට කස්සප හිමි, සමන්ත භද්ර හිමි ඇතුළු චීවරයෙන් සැරසුන පිරිසක් කළ හූනියම අවසානයේ දී පෙන්වා දුන්නේ මිත්යා දෘෂ්ඨික කාලකණ්ණි ගෝත්රික කණ්ඩායමක බුද්ධියේ සහ චින්තනයේ දිග පළලය. දැන් ප්රශ්නය වි ඇත්තෙ මේ තොවිලයෙන් කස්සප හිමි ඇතුළු කණ්ඩායම සමාජයට ලබා දෙන භික්ෂු භූමිකාවේ සදාචාරත්මක පණිවුඩය කුමක් ද යන්නය.

මේ අශිෂ්ට හැසිරීමට පිළිතුරු ධර්මයෙන්ම ලැබේ. දීඝ නිකායේ බ්රහ්මජාල සූත්රයේ මහාසීල කොටසෙහි, සැදැහැවතුන්ගේ ආධාරයෙන් යැපෙමින් විවිධ ගුප්ත ශාස්ත්ර ජීවිකාව කරගැනීම ප්රතික්ෂේප කරයි. අනුන්ට අවාසනාව ඇතිකිරීමට මන්ත්ර කීම, දිව හා හනු බැඳීමට කරන මන්ත්ර සහ ආවේශ මඟින් පිළිතුරු සෙවීම වැනි ක්රියා එහි සඳහන් වෙයි. ඒවා තිරශ්චීන විද්යා හා මිථ්යා ආජීව යන සන්දර්භය තුළ විස්තර කර තිබේ.

විනය පිටකයේ චුල්ලවග්ගයේ පස්වැනි ඛන්ධකයේ 33.2 කොටස තිරශ්චීන විද්යා ඉගෙනීම සහ ඉගැන්වීම තහනම් කරයි. ඒ සඳහා දුක්කට ඇවතක් දක්වා ඇත. දුක්කට ඇවැතක් යනු වැරදි ලෙස කරන ලද ක්රියාවකි. එහෙත් රටේ රාජ්ය නායකයා හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙක් ඉලක්ක කරගෙන වස් කවි කියා, පිල්ලියක් සාදා, කටු ගසා මරණීය ව්යසනයක් ප්රාර්ථනා කිරීම සහ ඒ සඳහා උපක්රම යෙදීම දුක්කට ඇවැතක් පමණක් නොවේ. එය භික්ෂු භාවය අහෝසි වන බරපතලම විනය උල්ලංඝනය කිරීමක් වන පාරාජිකා ඇවැතක් හෝ ථුල්ලච්චය ඇවැතක් දක්වා දිවයන මාරාන්තික විනය කඩකිරීමක් බව විනය පිටකයෙන් පෙනේ.

මෙහිදී සූත්ර දේශනාවේ සදාචාර විවේචනයත් නිශ්චිත විනය ඇවතත් විග්රහ කරගෙන අදාළ විනය නියමය පරීක්ෂා කර තීරණයක් දීම විනය දන්නා සංඝ සමාජයේ වගකීමකි.

එහෙත් ඒ තීරණය ලැබෙන තුරු පැහැදිලි සදාචාර ප්රශ්නය නොපෙනෙන සේ සමාජයක් සිටිය යුතු නැත. චිවරය දරාගෙන තමන් දරන්නේ අරහත් ධජය බව කියමින් දේශපාලන විරුද්ධවාදියකුගේ විනාශය වෙනුවෙන් බුදු දහමේ ගර්හාවට ලක් කළ තිරශ්චීන විද්යාවන් අනුව මහපාරේ තොවිල් නටන පිරිසකගෙන් ශාසනය ආරක්ෂා කරගැනීමේ වගකීම බෞද්ධ සමාජයකට ද පැවරී තිබේ.

කකචූපම සූත්රයේදී බුදුන් වහන්සේ භික්ෂුව පුහුණු කරන්නේ තමන්ට රළු ලෙස කතා කරන පුද්ගලයා කෙරෙහි පවා ද්වේෂයෙන් තොරව සිටීමටය. නපුරු වචන නොකීමටය. ඉතා දරුණු හිංසාවක් ඉදිරියේ පවා මෛත්රී සිත රැකගැනීම එහි ඉගැන්වීමය.

භික්ෂුවට සමාජ භූමිකාවක් තිබේ. එහෙත් ඒ සම්බන්ධ මැදිහත්වීමක සදාචාර වටිනාකම තීරණය වන්නේ එහි අරමුණෙන් සහ භාවිතයෙනි. සිරගත භික්ෂුවක නිදහස් කිරීමේ ඉල්ලීම අනතුරුව අධිකරණ නියෝග නොතකන ප්රකාශ, සහ අවසානයේ දි රටේ ජනාධිපතිවරයා පන්නන තර්ජන සහ ඔහුට හූනියම් කරමින් හැසිරෙන ගෝත්රික ආකාරය තෙක් පරිවර්තනය වි ඇත. අනෙක් අතට මේ නර්තන සිදුවන්නේ මේ සිදුවන්නේ රටේ දූෂිත දේශපාලන වළල්ල අධිකරණය ඉදිරියට ගෙන්වමින් ඇති පරිසරය.

දැන් ඇති ප්රශ්නය මේ හැසිරීම සංඝ සමාජය විසින් සුලු කොට සලකා නොසලකා හරින්නට සැරසෙන්නේ ද යන්නය. රටට පෙනෙන පරිදි පිස්සු කෙළින මෙවැනි කණ්ඩායම් නිරුවත් වනවිට චීවරය දරන පුද්ගලයා ආරක්ෂා කිරීමත්, චීවරයෙන් නියෝජනය වන ගුණධර්ම ආරක්ෂා කිරීමත් අතර තේරීමක් කිරිමට සංඝ නායකත්වයට වගකීමක් තිබේ.

උන්වහන්සේලා ඉදිරියේ දැන් ඇත්තේ කස්සප හෝ සමන්තභද්ර රකින්නේ ද අනුර රකින්නේද යන පුද්ගල බද්ධ කාරණා නොවේ. ඉතිහාසය විසින් පවරා ඇති සමාජ වගකීම් සාධනය සඳහා බෞද්ධ සංස්කෘතික සම්ප්රදාය තුළ ධර්මය සහ විනය ආරක්ෂා කරන භික්ෂු පරම්පරාවක් වෙනුවෙන් ඔබවහන්සේලා ගේ වගකීම කුමක් ද යන්නය.

චීවරයට සමාජ ගෞරවය ලැබෙන්නේ එය දරන්නාට අන් පුරවැසියන් ඉක්මවා බලයක් හිමි නිසා නොවේ. එය සංයමය, කරුණාව, අහිංසාව සහ අත්හැරීම නියෝජනය කරන බැවිනි. එම ගෞරවය දේශපාලන බලපෑමක් සඳහා යොදාගන්නා මොහොතේ, චීවරය පිළිබඳ විශ්වාසයම අනතුරට පත්වෙයි. බුදු දහමත් ජාතියත් ආරක්ෂා කරගත යුත්තේ මෙවැනි ගර්හිත මිනිස් පිළිලවලින් බවට වූ අදහස බොහෝ දෙනා තුළ ඇති වී තිබෙන්නේ ඒ නිසාය. සම්බුද්ධ ශාසනය පවත්වා ගැනීමට මෙවැනි පිරිස් අවශ්ය බව මහා නායක හිමිවරුන් තවදුරටත් කල්පනා කරනවා ගෞරවණිය මහා නායක හිමිවරුනි. එය ඔබ වහන්සේලාගේ ප්රශ්නයක් බව කියා ඥානසාර හිමියන්ගේ වචනයකින්ම මේ සටහන නිමා කරමි.

එහෙම උනොත් නම් ඉතින් “අබ සරණයි“