LSN News › Sri Lanka

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි මීට ප්‍රථම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කටයුතු කර ඇත.

LSN Sri Lanka · 23 October 2026

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි සබරගමුව විශ්වවිද්‍යාලයේ  නව කුලපති ලෙස පත් කෙරේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කරනු ලැබ ඇත.

</p>

<p>

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උන්වහන්සේගේ මෙම පත්වීම සිදු කරනු ලැබ තිබේ.

</p>

<p>

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පිළිගන්වන ලදී.

</p>

<p>

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි මීට ප්‍රථම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කටයුතු කර ඇත.

</p>

<p>

උන්වහන්සේ සිය ප්‍රථම උපාධිය ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, අනතුරුව, කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියද, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය සහ දර්ශනසූරී ආචාර්ය උපාධියද ලබා ඇත. මීට අමතරව උන්වහස්සේ බීජිං විශ්වවිද්‍යාලයෙන් චීන භාෂාව පිළිබද උසස් ඩිප්ලෝමාවද හදාරා ඇත.