ශ්රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නව නීති රාමුවක්!
මඟතොට වෙසෙන සුනඛයන්ට උපකාර කරන්නන් ආරක්ෂා කිරීම: වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, පෝෂණය කරන හෝ වෛද්ය ප්රතිකාර සපයන තැනැත්තන්, එම සතුන්ට උපකාර කිරීම නිසාම ඔවුන්ගේ නීතිමය අයිතිකරුවන් ලෙස ස්වයංක්රීයව සැලකීම හෝ අයිතිකරුවන්ට අදාළ නීතිමය වගකීම්වලට යටත් කිරීම වැළැක්වෙන පරිදි සංශෝධන ගෙන ඒමට සාකච්ඡා විය.
LSN Sri Lanka ·

පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පසුගිය අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ පාලනය, නීතිය හා සාධාරණත්වය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ රේඛීය අංශ පාරිසරික/ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්, යම් යම් වගන්ති සංශෝධනය කිරීමට යටත්ව ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙම යෝජිත පනත මගින් සුනඛයන් එන්නත් කිරීම, උන්ගේ ගහනය පාලනය කිරීම සහ වාණිජමය වශයෙන් සුනඛයන් බෝකිරීම නියාමනය කිරීම තුළින් ශ්රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අරමුණු කරයි. එමෙන්ම සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්රාදේශීය උපදේශක කාරක සභා පිහිටුවීම සහ දැනට පවතින පැරණි ජලභීතිකා ආඥාපනත හා සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වා දීම ද අපේක්ෂා කෙරේ.

මෙහිදී පැවැති සාකච්ඡාවලදී කාරක සභාව විසින් අවධානය යොමුකළ ප්රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:

සුනඛයන්ට ප්රථම එන්නත ලබාදීම:සුනඛයෙකුට පළමු ජලභීතිකා එන්නත ලබා දිය යුතු නිශ්චිත වයස සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක් ඇතුළත් කිරීමේ අවශ්යතාව අවධාරණය විය.

මඟතොට වෙසෙන සුනඛයන්ට උපකාර කරන්නන් ආරක්ෂා කිරීම: වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, පෝෂණය කරන හෝ වෛද්ය ප්රතිකාර සපයන තැනැත්තන්, එම සතුන්ට උපකාර කිරීම නිසාම ඔවුන්ගේ නීතිමය අයිතිකරුවන් ලෙස ස්වයංක්රීයව සැලකීම හෝ අයිතිකරුවන්ට අදාළ නීතිමය වගකීම්වලට යටත් කිරීම වැළැක්වෙන පරිදි සංශෝධන ගෙන ඒමට සාකච්ඡා විය.

ශල්යකර්ම මගින් වන්ධ්යාකරණය: හෝමෝන එන්නත් වැනි විකල්ප ක්රම සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සුනඛයන් වන්ධ්යාකරණය කිරීම පශු වෛද්ය අධීක්ෂණය යටතේ සිදුකරන ශල්යකර්ම මගින් පමණක් සිදු කළ යුතු බව පෙන්වා දෙන ලදී.

නීති හා දඩ මුදල් තර කිරීම:සුනඛයන් ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් වන දඩ මුදල් සංශෝධනය කිරීම, වාණිජමය සුනඛ බෝ කිරීමේ මධ්යස්ථාන නියාමනය වන නීති ශක්තිමත් කිරීම සහ සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා වඩාත් තදින් නීති ක්රියාත්මක කිරීමට යෝජනා විය.

සංවිධානය හා සම්බන්ධීකරණය: ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට සැකකෙරෙන සුනඛයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිසි පශු වෛද්ය ක්රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම මෙන්ම, ජාතික හා ප්රාදේශීය උපදේශක කාරක සභා පිහිටුවීම, ඒවායේ වගකීම් සහ අදාළ අනෙකුත් ආයතන සමග පවත්වන සම්බන්ධීකරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.