අධිකරණයේ තහනම් නියෝගයෙන් පසු: විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහය, නීතියේ සීමාව සහ අනාවරණය වන පසුබිම...
තේරුම් ගත යුත්තේ මේ අප ඉදිරියේ ඇත්තේ රටේ නෛතික හරයන් විහිලුවකට ලක් කළ දේශපාලන කුණුහරපයක් බවය. විපක්ෂය මෙන්ම ආණ්ඩුවත් ඒ කුණුහරපයේ කොටස්ය.
LSN Sri Lanka ·

කොළඹ විහාර මහා දේවී උද්යානයේ බුදු පිළිමය අසල, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ඉල්ලා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් පවත්වන අඛණ්ඩ සත්යග්රහය, 2026 ඔක්තෝබර් 23 වන රාත්රියේ වන විටත් අඛණ්ඩව සිදු කරමින් පවතී.

මේ සත්යග්රහය සිදුවන්නේ එම භූමියෙන් ඉවත්වන ලෙස දන්වා අධිකරණ නියෝගයක් නිකුත් වී ඇති පසුබිමකය.ඊයේ (22) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම විසින් අපරාධ නඩු විධාන සංග්රහයේ 106(1) වගන්තිය යටතේ එම නියෝගය නිකුත් කරනු ලැබුවේය. එම නියෝගය අද දිනයේදී වෙනස් නොකළ අතර, නියෝගය උල්ලංඝනය කළ හොත් පොලිසියට දණ්ඩ නීති සංග්රහය යටතේ කටයුතු කිරීමට බලය ඇති බව මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේය.

මේ වනවිට භික්ෂූන් වහන්සේලා නියෝගයට පිටුපා විහාර මහා දේවි උද්යාන භූමියේ රැඳී සිටිති. ඔවුන් අත්අඩංගුවට පත්වී සිද්ධියක් නිර්මාණය කරගැනීමේ අරමුණක් ඒ තුළ ඇති බව පෙනේ.

බලංගොඩ කස්සප හිමි ප්රමුඛ කණ්ඩායමට සහාය දැක්වීමට වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි විහාර මහා දේවී උද්යානයට පැමිණ ඇති බව වාර්තා විය. බලංගොඩ කස්සප හිමියන් ජනාධිපතිවරයාට “ඉල්ලා අස්වන්න හෝ සමාව දෙන්න” යන අවසාන නිවේදනයක් ද නිකුත් කර තිබෙන මාර අවස්ථාවක මිහින්තලේ විහාරාධිපති භික්ෂුවවන වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි මේ සත්යග්රහයට නැවත එක්වීම පිරිසකට මාර වැඩකි. පිරිසකට උත්ප්රාසය දනවන කාරණාවකි. එය වෙනම තබා කතා කළ යුතු ප්රස්තුතයක් බව විශ්වාස කරමු.

අධිකරණ කටයුතු සහ තර්ක

ඊයේ (22) සවස කුරුඳුවත්ත පොලිසිය විසින් නියෝගය රැගෙන සත්යග්රහ භූමියට පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. නියෝගය කියවාදීමේදී බාධා ඇතිකළ බව පොලිසිය පැවසීය. පොලිිසය පැමිණ සත්යග්රහයේ නිරත කාන්තාවන්ගේ පියයුරු ස්ඵර්ශ කරමින් ලිංගික අතවර කළ බවට එතැන සිටි පිරිස් මෙන්ම බලංගොඩ කස්සප හිමි ද ප්රකාශ කළහ.

කෙසේ වෙතත් අධිකරණ නියෝගය මගින් බුදු පිළිමය අසල අඛණ්ඩව රැඳී සිටීම, පොදු දේපළ හානි කිරීම සහ ඇතැම් මාර්ග අවහිර කිරීම තහනම් කර තිබිණි. මේ නියෝගයට එරෙහිව බලංගොඩ කස්සප ඇතුළු හිමිවරුන් වෙනුවෙන් මෝසමක් ගොනු කරනු ලැබුවේ කවුරුත් දන්නා මෛත්රී ගුණරත්න ජනාධිපති නීතිඥතුමාය.

ඔහු ඇතුළු නීතිඥවරුන් පිරිසක් අද (23) නියෝගය වෙනස් කරන ලෙස මෝසමක් ඉදිරිපත් කළහ. ඔවුන් තර්ක කළේ දින 7ක් සාමකාමීව රැඳී සිටි බව, මහජන සාමය කඩ නොකළ බව, අදහස් ප්රකාශ කිරීමේ නිදහස සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන වගන්තිය (බුද්ධාගම ආරක්ෂා කිරීම රාජ්ය වගකීම) පිළිබඳවය.

පොලිසිය වෙනුවෙන් රජයේ නීතිඥ කලන බුද්ධදාස ඊට විරුද්ධ වූයේ මහජන පීඩාකාරී තත්ත්වයත්, කොළඹ මහනගර සභාවේ පැමිණිල්ලත්, සංචාරකයින් හා නගර සභාවේ කටයුතු පැවැත්වෙන සංකීර්ණ පරිසරයත්, ශබ්ද විකාශන යන්ත්ර අවසරයක් නොමැතිව භාවිතය සහ “මහසෝන් යාගය” වැනි වැඩසටහන් අනුමැතියක් නොමැතිව පැවැත්වීමත් පිළිබඳවය.

අධිකරණ නියෝගය කියවීමට බාධා කිරීම අධිකරණයට අපහාසයක් බවත්, ඒ පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසත් එහිදි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහේස්ත්රාත්වරයා දන්වා සිටියේ අදහස් ප්රකාශ කිරීමේ නිදහසට අධිකරණය විසින් බාධා නොකරන බවය. නමුත් එය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සීමාවන්ට අනුකූලව සිදුවිය යුතු බව අධිකරණය අවධාරණය කළේය.

රැඳී සිටින කාලය පිළිබඳ පැහැදිලි පිළිතුරක් නොලැබුණු බව, පැමිණිලිකාර පාර්ශවය කී කඨින චීවරයක් පිළියෙළ කිරීම පිළිබඳව කාරණයේ දී ඒ සඳහා මෙම පොදු ස්ථානය තෝරා ගන්නේ ඇයිදැයි අධිකරණයට වැටහීමක් නැති බව, ඊට අවසර ලබාගෙන නැති බව සහ අධිකරණ නියෝගය ක්රියාත්මක කිරීමේදී සිදුවීම් වාර්තා වූ බව මහේස්ත්රාත්වරයා සලකුණු කළේය.

එහෙත් පොලිසිය විසින් අපේක්ෂා කරන වරෙන්තු නිකුත් කිරිම සඳහා ප්රමාණවත් කරුණු නොමැති බව අධිකරණය දැන්වූයේය.

මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ අධිකරණ නියෝග යම් පාර්ශවයක් විසින් කඩ කරන්නේ නම් ඒ සඳහා පොලිසිය අපරාධ නඩු විධාන සංග්රහය යටතේ කටයුතු කළ යුතු බවය .

නිතිමය පූර්වාදර්ශය

අපරාධ නඩු විධාන සංග්රහයේ 106(1) වගන්තිය මගින් මහේස්ත්රාත්වරයාට මහජන පීඩාවක්, බාධාවක් හෝ අනතුරක් වැළැක්වීම සඳහා වහාම නියෝග නිකුත් කළ හැකිය. එවැනි නියෝගයක් උල්ලංඝනය කිරීම දණ්ඩ නීති සංග්රහය යටතේ වරදක් වේ. අධිකරණ නියෝගය කියවීමට බාධා කිරීම අධිකරණයට අපහාසයක් ලෙස සැලකිය හැක. පොදු ස්ථානයක අඛණ්ඩව රැඳී සිටීමට අවසර නොමැතිව කටයුතු කිරීම නීති විරෝධීය.

එහෙත් බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් අධිකරණ නියෝග නොසලකා තවමත් විහාර මහා දේවී උද්යානයේ රැඳී සිටීති. මේ හැසිරිම අවසානයේ දී රටේ නීතිය කඩ කිරීම සහ අධිකරණයට අපහාසය කිරිමක් තෙක් නෛතිකව නිර්වචනය වේ.

මෙම සිද්ධිය නීතියේ ආධිපත්යය පිළිබඳ පූර්වාදර්ශයක් නිර්මාණය කරයි. ආගමික කණ්ඩායම්වලට අධිකරණ නියෝග තෝරා බේරා උල්ලංඝනය කළ හැකි බව පෙන්වීම නීතියේ සමානාත්මතාවයට අභියෝගයකි. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වන වගන්තිය බුද්ධාගම ආරක්ෂා කිරීම පිළිබඳ රාජ්ය වගකීමක් නිර්මාණය කළද, එය අධිකරණ නියෝගයකට උඩින් පැවතිමට ඇති ලයිෂන් එකක් නොවේ.

අදහස් ප්රකාශ නිදහස ද සීමාවන් ඇති අතර, මහජන පීඩාව සහ පොදු ස්ථානවල අවසර නොමැති කටයුතු එම සීමාවන් ඉක්මවයි. මේ පිරිස් විෂයෙහි නීතිය ක්රියාත්මක කිරිම කල් මරමින් නැවත වරක් පවතින රජය ද සිය දේශපාලන පැවැත්ම මුල් කරගෙන ඉතිහාසය පුරාම සිදුවූ ආකාරයට නීතිය නවා නොව අටපට්ටම් කර තිබේ.

පොලිසියේ ස්ථාවරය සහ වර්තමාන තත්ත්වය

පොලිසිය නියෝගය බලාත්මක කිරීමට උත්සාහ කර ඇත. නමුත් වහාම අත්අඩංගුවට ගැනීමක් සිදු වි නැත. වරෙන්තු නිකුත් කිරිම අධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ. එබැවින් පොලිසියට ඉදිරි කටයුතු සඳහා අවාරණයක් සකස් කර ගැනීමට පොලිසිය දැරූ උත්සාහ ව්යයර්ථ වී ඇති අයුරු පෙනේ. අධිකරණය වරෙන්තු නිකුත් නොකළත් අධිකරණ නියෝග උල්ලංඝනය කර ඇතිනම් පොලිසියට ක්රියාත්මක විය හැකි බව අද මහේස්ත්රාත්වරයා කළ පැහැදිලි කිරීම පොලිසියට ප්රමාණවත් නැති සෙයක් පෙනේ.

අවසාන වශයෙන් තේරුම් ගත යුත්තේ මේ අප ඉදිරියේ ඇත්තේ රටේ නෛතික හරයන් විහිලුවකට ලක් කළ දේශපාලන කුණුහරපයක් බවය. විපක්ෂය මෙන්ම ආණ්ඩුවත් ඒ කුණුහරපයේ කොටස්ය.

අධිකරණ තීන්දුවලට ගරු කිරීම රාජ්යයේ මූලික වගකීමකි. කිසිම කණ්ඩායමක් තෝරා බේරාගෙන අධිකරණ තීන්දුවක් ක්රියාත්මක කිරිමට ඉඩදීම හෝ නොදීම දිගුකාලීනව නීතිමය පද්ධතිය විනාශ කරන බව දේශපාලන අධිකාරියක් තේරුම් ගත යුතුය. දේශපාලන බලයක් සහිත ආණ්ඩුවක් සදාකාලික නැත. ඔවුන් ජන වරමක් ලැබෙන්නේ අවුරුදු පහකටය. ඒ අවුරුදු පහෙන් ඔබ්බටත් රටක් පැවතිය යුතුය.

අවසානයේ රටේ නීතියේ සමානාත්මතාවය සහ පොදු අවකාශයේ පරිහරණය පිළිබඳ වැදගත් පරීක්ෂණයක් අප ඉදිරියේ තබා ඇත. රටම සීරුවෙන් ඒ දෙස බලා සිටී. ආණ්ඩුවේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන අවස්ථාවක් මේ රටේ මිනිසුන් අපේක්ෂා නොකරන බවත් මේ සමග සටහන් කළ යුතුව ඇත.