යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනපති එක් වෙයි
ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී මතුවන ගැටලු අදාළ සියලු පාර්ශ්වයන් එක්ව සාකච්ඡා කර විසඳා ගනිමින් සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
LSN Sri Lanka ·

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්රවේශ මාර්ග ප්රතිසංස්කරණය කිරීම, බැතිමතුන්ට සහ දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්ය පහසුකම් වැඩිදියුණු කිරීම, කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්රියාත්මක කිරීමට අදාළ අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) පස්වරුවේ එක් විය.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ව්යුහාත්මක සැලැස්මක් සකස් කර අනුරාධපුර පූජාභූමි සැලසුම් යෝජනා ක්රමය ලෙස ගැසට් කර ඇත. එය 2026-02-27 වන දින ගැසට් පත්රයක් මගින් නැවත “යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සහ සංවර්ධනය කිරීමේදී අනුගමනය කළයුතු නිර්ණායක ප්රකාශයට පත් කර ඇත. මෙම ව්යාපෘතිය සඳහා ඉන්දීය රජය විසින් ප්රතිපාදන ලබාදීමට එකඟතාව පළ කර තිබෙන අතර සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7.7කි.

අනුරාධපුර පූජා නගරය වෙත පැමිණි ජනාධිපතිවරයා පා ගමනින් ඇවිඳ යමින් සංවර්ධන කටයුතුවලට අදාළ භූමිය සහ සැලසුම් නිරීක්ෂණය කළ අතර, නිලධාරින් සමඟ සාකච්ඡා කරමින් එම කටයුතුවල ප්රගතියද විමසා බැලීය.

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන ආශ්රිත ප්රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු සහ බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්යාත්මක කැණීම් කටයුතු මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අනතුරුව, රුවන්වැලි සෑය ආසන්නයේ අක්කර අට ප්රදේශයේ රථගාල ඉදිකිරීමට යෝජිත භූමිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, යෝජිත සංවර්ධන ව්යාපෘතිවලට අදාළ භූමි හා සැලසුම්ද නිරීක්ෂණය කළේය.

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පෞරාණිකත්වය සහ ආගමික වටිනාකම සුරක්ෂිත වන අයුරින් සියලු සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී මතුවන ගැටලු අදාළ සියලු පාර්ශ්වයන් එක්ව සාකච්ඡා කර විසඳා ගනිමින් සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මේ අතර, ඓතිහාසික රුවන්වැලි චෛත්යරාජයාණන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහි සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

එහිදී වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්යාරාමාධිපති අතිපූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ආශීර්වාද කළහ.

අනුරාධපුර පුදබිම වෙත පැමිණ සිටි ජනතාව මෙහිදී ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ජනාධිපතිවරයා ඔවුන්ගේද තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සේන නානායක්කාර, ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අනුරාධපුර නගරාධිපති එන්.කරුණාරත්න, දිස්ත්රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්.ටී.එච්. රුචිර විතාන, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඊ.ඒ. සෙනරත් වික්රමසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් දමිත් දිසානායක, මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.