LSN News › Sri Lanka

බෙංගාල බොක්කේ නව අඩු පීඩන කලාපයක් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉහළ අවදානමක්!

මෙම නව පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නමුත් පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින්, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

LSN Sri Lanka · 23 October 2026

බෙංගාල බොක්කේ නව අඩු පීඩන කලාපයක් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉහළ අවදානමක්!

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට බටහිර දෙසට ගමන් කරමින් පවතින නමුත් මේ වනවිට , උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) නිල නිවේදන අනුව ද, අද (ඔක්තෝබර් 23) උදෑසන 5.30ට පමණ නැගෙනහිර මධ්‍යම හා යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ මෙම අඩු පීඩන කලාපය නිර්මාණය වී ඇති බව තහවුරු වේ. එය එම ප්‍රදේශයේම පවතිමින් හෙට (ඔක්තෝබර් 24) වන විට පීඩන අවපාතයක් (Depression) දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

ඉන් අනතුරුව, පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් ශක්තිමත් වී ඔක්තෝබර් 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් (Deep Depression) බවටත්, ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් (Cyclonic Storm) බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යන දෙකම නිල වශයෙන් තහවුරු කර ඇත.

අනතුරුව පද්ධතිය තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ධ්‍ර ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ දෙසට ගමන් කිරීමට අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, මෙම නව පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නමුත් පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින්, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

දේශීය අනාවැකිය

හෙට (ඔක්තෝබර් 24) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වන්නේ නම් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.