LSN News › Sri Lanka

World · Sri Lanka Bureau

මැදපෙරදිග ගල්ෆ් කලාපයේ උණුසුම තවත් ඉහළට: ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බලවත් අනතුරු ඇඟවීමක්!

තුර්කිය, ඊජිප්තුව, පාකිස්තානය, සවුදි අරාබිය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල විදේශ අමාත්‍යවරුන් ඉස්තාන්බුල් නුවරදී හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පවතින ගැටුම තවත් දරුණු වන බවට අනතුරු ඇඟවූ ඔවුහු, මෙම යුද්ධය අවසන් කිරීමට ඇති එකම මාර්ගය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පමණක් බව අවධාරණය කළහ.

LSN Sri Lanka · 24 October 2026

මැදපෙරදිග ගල්ෆ් කලාපයේ උණුසුම තවත් ඉහළට: ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බලවත් අනතුරු ඇඟවීමක්!

2026 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඉරානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර යුද්ධයට මේ වන විට මාස අටකට ආසන්න කාලයක් ගත වී ඇත. ප්‍රධාන අංශවල සටන්වල වේගය මඳක් අඩු වී තිබුණද, ගල්ෆ් කලාපයේ පවතින දැඩි නොසන්සුන්තාව සහ යුධ අවදානම එලෙසම පවතී.

නව ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම්, හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට සිදුවන ප්‍රහාර, සවුදි අරාබියට එල්ල වන හූති ප්‍රහාර සහ ඉරාන නිලධාරීන්ගේ දැඩි ප්‍රකාශ හමුවේ කලාපීය තත්ත්වය ඉතා සංකීර්ණ වී ඇත.

ට්‍රම්ප්ගේ නවතම අනතුරු ඇඟවීම

සිකුරාදා (ඔක්තෝබර් 23) ෆ්ලොරිඩාවේ ෆෝට් මයර්ස් හි පැවැති ජනරැලියක් අමතමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ටෙහෙරානය යම් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඇමෙරිකාව විසින් ඉරානයට එරෙහිව තවත් "කුඩා එපික් ෆියුරි" (Epic Fury) ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බව‍ෙ.

"ඔවුන් බුද්ධිමත් නම්,“අපි සාකච්ඡා කර වැඩේ කරගනිමු“ කියා කියනු ඇත. නමුත් මට සැකයි ඔවුන් එසේ කරයි කියා. මන්ද සමහර විට ඔවුන් බුද්ධිමත් නැති නිසා විය හැකියි," යනුවෙන් ද ට්‍රම්ප් එහිදී සඳහන් කළේය.

මීට පෙර, තුර්කියේ ඇමෙරිකානු තනාපති ටොම් බැරැක් ද මෙම සති අන්තයේ ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාවක් පවතින බව ප්‍රකාශ කර තිබුණි. එසේම හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ප්‍රහාර සහ බිම් බෝම්බ අටවා ඇති බවට වන වාර්තා ඉරානය විසින්ම ගොතන ලද ඒවා බවත්, ඒ හරහා ඉන්ධන මිල ඉහළ නැංවීමට ඔවුන් උත්සාහ කරන බවත් ට්‍රම්ප් චෝදනා කළේය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ජෙනරාල් යාදොල්ලා ජවානිගේ ප්‍රකාශය

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) දේශපාලන කාර්යාංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර්-ජෙනරාල් යාදොල්ලා ජවානි ප්‍රකාශ කළේ, සතුරා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වන්නේ නම් ඉරානය විදේශීය හමුදාවලට " සොහොන් බිමක්" බවට පත්කරන බවය. ප්‍රදේශයේ දැනටමත් පිහිටි හමුදා කඳවුරුවලම ඇමෙරිකානු හමුදාවන්ට සීමා පැනවී ඇති පසුබිමක, නුහුරු නුපුරුදු භූමියකට ඇතුළු වී රැඳී සිටින්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය. ෆාර්ස් පුවත් සේවයට අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සතුරා එවැනි වරදක් කළහොත්, ඔවුන් පැමිණෙන ඕනෑම මාර්ගයකදී විදේශීය ආක්‍රමණික හමුදාවන්ගේ සුසාන භූමිය බවට ඉරාන භූමිය පත්කරන බවය.

ඉරානයෙන් එල්ල වන අනෙකුත් තර්ජන

ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ මාණ්ඩලික ප්‍රධානී අබ්දොල්රහීම් මූසාවි පැවසුවේ, කිසිදු පදනමක් යටතේ ඇමෙරිකානු නාවික නෞකාවලට පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වීමට ඉඩ නොදෙන බවය. ඉරාන හමුදා විසින් එම කලාපයේ ඇමෙරිකානු නාවික හමුදාව අක්‍රීය කර ඇති බව ද ඔහු කීවේය.

ඊට අමතරව, නැවත ප්‍රහාරයක් එල්ල වුවහොත් ගල්ෆ් කලාපයේ මුහුදු පතුලේ ඇති අන්තර්ජාල කේබල් ඉලක්ක කිරීමට ද ඉරානය සැලසුම් සකස් කර ඇත. එමගින් මුළු කලාපයේම සන්නිවේදන පද්ධති අක්‍රීය විය හැකි බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

ඇමෙරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීම් සහ තානාපති කාර්ය මණ්ඩල සීමා කිරීම්

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ වෙත සංදේශයක් යොමු කරමින් ඇමෙරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේ ක්ලේටන් අනතුරු අඟවා ඇත්තේ, ඇමෙරිකානු නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඉරානය දියත් කරන මෙහෙයුම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවය.

මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිටින ඇමෙරිකානු නිලධාරීන්ට එරෙහිව ඝාතන තර්ජන ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව එම සංදේශයේ සඳහන් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෙබනනය, කටාර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලවල සංඛ්‍යාව අඩු කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

මීට පෙර සවුදි අරාබියේ සිටි අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද වහාම ඉවත් වන ලෙස නියෝග කර තිබුණි.

සවුදි අරාබිය සහ හූති ප්‍රහාර

සෙනසුරාදා උදෑසන, යේමනයේ හූති කැරලිකරුවන් විසින් රියාද් නගරය දෙසට එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් සාර්ථකව වළක්වා විනාශ කළ බව සවුදි නායකත්වයෙන් යුත් ගුවන් සන්ධානය ප්‍රකාශ කළේය.

ඔක්තෝබර් මාසය පුරාම හූතිවරුන් විසින් සවුදි අරාබියේ ගුවන් තොටුපළවල්, තෙල් පහසුකම් සහ අනෙකුත් වැදගත් ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සිදු කළහ.

හෝමූස් සමුද්‍ර සන්ධිය සහ තෙල් මිල

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවත්, තවත් නෞකා කිහිපයක් බිම් බෝම්බවල ගැටී හානියට පත් වූ බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව හිමිකම් කීවේය.

කෙසේ වෙතත් ඇමෙරිකානු මධ්‍යම බලකාය (USCENTCOM) මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, විශේෂ ආරක්ෂිත ඒකක නෞකාවල සහාය ඇතිව යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති තත්ත්වයටත් වඩා වැඩි තෙල් ප්‍රමාණයක් මේ වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වන බවය.

කෙසේ වෙතත්, ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයක් ඩොලර් 116–117 වැනි ඉහළ අගයක තවදුරටත් පවතී.

රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්

තුර්කිය, ඊජිප්තුව, පාකිස්තානය, සවුදි අරාබිය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල විදේශ අමාත්‍යවරුන් ඉස්තාන්බුල් නුවරදී හමු වී සාකච්ඡා පැවැත්වූහ.

ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පවතින ගැටුම තවත් දරුණු වන බවට අනතුරු ඇඟවූ ඔවුහු, මෙම යුද්ධය අවසන් කිරීමට ඇති එකම මාර්ගය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පමණක් බව අවධාරණය කළහ.

ඔක්තෝබර් 24 වන දින උදෑසන වන විටත් ගල්ෆ් කලාපයේ උණුසුම් තත්ත්වය එලෙසම පවතී. ට්‍රම්ප්ගේ නව ප්‍රහාර අනතුරු ඇඟවීම්, ඉරානයේ දැඩි ප්‍රතිප්‍රහාර තර්ජන, ඇමෙරිකානු නිලධාරීන්ට එල්ල වී ඇති බුද්ධි අංශ අනතුරු ඇඟවීම් සහ සවුදි අරාබියට එල්ල වන හූති ප්‍රහාර හමුවේ යුද්ධය නැවතත් මහා පරිමාණයෙන් ඇවිළී යාමේ දැඩි අවදානමක් පවතී.