LSN News › Sri Lanka

කුවේටයේ දී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියයයි: බලධාරීන්ගෙන් විශේෂ පරීක්ෂණ!

කුවේටයේ ප්‍රදේශ දෙකකදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. සිද්ධීන් දෙක අතර සම්බන්ධයක් නැති බව පවසන කුවේත් බලධාරීන් පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය කියවන්න.

LSN Sri Lanka · 24 October 2026

කුවේටයේ දී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියයයි: බලධාරීන්ගෙන් විශේෂ පරීක්ෂණ!

කුවේට් රාජ්‍යයේ අලි සබා අල්-සලීම් (Ali Sabah Al-Salem) සහ අල්-නහ්දා (Al-Nahda) යන ප්‍රදේශවල සිදුවූ සිදුවීම් දෙකකින් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැක කටයුතු ලෙස මියගොස් ඇත.,

එම මරණ දෙකම සැකකටයුතු මරණ (suspected foul play) ලෙස ලියාපදිංචි කර කුවේට් බලධාරීන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට Arab Times ,Times Kuwait සහ Kuwait Upto Date වැනි ප්‍රමුඛ මාධ්‍ය වාර්තා කර තිබේ.

පළමු සිදුවීම – අලි සබා අල්-සලීම් ප්‍රදේශය

අලි සබා අල්-සලීම් ප්‍රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ (rooftop) ගබඩා කාමරයක් තුළ තිබී ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළසිරුර සොයාගෙන ඇත්තේ එම නිවසේ පදිංචි කුවේත් ජාතිකයෙකු විසිනි.

1988 වසරේ උපත ලබා ඇති මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව, අහ්මදි මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශය (Ahmadi Public Prosecution) විසින් මෙය සැකකටයුතු මරණයක් ලෙස ලියාපදිංචි කිරීමට නියෝග කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර වෛද්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව (Forensic Department) වෙත යොමුකර තිබේ. සිද්ධියට අදාළ පසුබිම් කරුණු සහ මරණයට හේතුව අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (Criminal Investigation Department) පරීක්ෂණ පවත්වයි.

දෙවන සිදුවීම – අල්-නහ්දා ප්‍රදේශය

අල්-නහ්දා ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවන සිදුවීමේදී 1999 වසරේ උපත ලැබූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළසිරුර හමුවී ඇත. 1989 වසරේ උපත ලැබූ කුවේට් පුරවැසියෙකු විසින් මේ පිළිබඳව පොලිස් මෙහෙයුම් කාමරය (Operations Room) වෙත වාර්තා කර තිබේ.

සැකකටයුතු මරණයක් ලෙස නිගමනය කර ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශයේ (Jahra Public Prosecution) උපදෙස් මත ඇගේ සිරුර ද පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. අපරාධ සාක්ෂි දෙපාර්තමේන්තුවේ (Criminal Evidences Department) නිලධාරීන්, අධිකරණ වෛද්‍ය පරීක්ෂකයින් සහ රහස් පරීක්ෂකයින් එකතු වී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන පවත්වයි.

විමර්ශන තත්ත්වය සහ නිල වාර්තා

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම සිදුවීම් දෙක වෙන වෙනම ප්‍රදේශවල සිදුවූ ඒවා වන අතර, ඒවා අතර කිසිදු සෘජු සම්බන්ධයක් නොමැති බවය. සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මියගිය කාන්තාවන්ගේ නම් ගම් හෝ ඡායාරූප නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත.

කුවේට් මාධ්‍ය විසින් මෙම පුවත වාර්තා කිරීමේදී ද පොලිස් ලාංඡන හෝ සාමාන්‍ය නිදර්ශන ඡායාරූප පමණක් භාවිත කර ඇත. එසේම, මෙම සිදුවීම් පිළිබඳව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

කුවේටයේ අලි සබා අල්-සලීම් සහ අල්-නහ්දා ප්‍රදේශවල ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර, ඒ පිළිබඳව කුවේත් බලධාරීන් පරීක්ෂණ පවත්වයි.