බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලාට සිවුරු දැරීමට අවසර දෙමින් විශේෂ ගැසට් නිවේදනයක්!
බන්ධනාගාරගත වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නියමිත කොන්දේසි යටතේ සිවුරු දැරීමට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
LSN Sri Lanka ·

ශ්රී ලංකාවේ බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නියමිත කොන්දේසි යටතේ සිවුරු දැරීමට අවසර ලබා දෙමින් රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යවරයාගේ අනුමැතිය සහිතව, (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනත යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරමින් 2026 ඔක්තෝබර් 20 වැනි දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නව රෙගුලාසිවලට අනුව, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත කරන අවස්ථාවේදී සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ යුතුය. එහිදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අදාළ නිකාය හෝ පාර්ශවය දැනුවත් කර, තමන්ගේ තීරණය දින 10ක් ඇතුළත බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුය.

එම කාලසීමාව ඇතුළත කිසිදු ප්රතිචාරයක් නොලැබුණහොත්, අදාළ ප්රතිපාදනවලට අනුකූලව අවශ්ය පියවර ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට බලතල හිමිවේ.

එමෙන්ම මෙම සංශෝධන මගින් බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේලා සැකකරුවකු හෝ රැඳවියකු ලෙස බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන අවස්ථාවලදීද සිවුරු දැරීමට අවසර හිමිවේ.

කෙසේ වෙතත්, අදාළ නිකාය හෝ පාර්ශවය විසින් එම භික්ෂූන් වහන්සේට සිවුරු දැරීමට අවසර ලබා දී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඒ සඳහා සුදුසු පියවර ගත යුතුය.

භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත කර වැඩකරන දින හතක් ඇතුළත, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඊට හිමි අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ යුතු බවද එහි දැක්වේ.

අවශ්ය වෙනස්කම් සහිතව මෙම ප්රතිපාදන අනෙකුත් ආගම්වල පූජ්ය පක්ෂය සඳහාද අදාළ වන බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා රැඳවුම් භාරයේ පසුවන අතරතුර ආගමික වස්ත්ර දැරීමට ඉඩ දිය යුතුද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ පසුබිමක මෙම නව රෙගුලාසි පනවා තිබේ.