LSN News › Sri Lanka

මාතර තලල්ල වෙරළෙන් ටොන් බාගයකට ආසන්න අයිස් හා හෙරොයින් තොගයක් අත්අඩංගුවට – සැකකරුවන් පලා ගිහින්!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය ලබාගෙන සිදුකළ පරීක්ෂාවේදී අදාළ තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 275කට අධික ප්‍රමාණයක් අඩංගු බව තහවුරු වී ඇත.

LSN Sri Lanka · 24 October 2026

මාතර තලල්ල  වෙරළෙන්  ටොන් බාගයකට ආසන්න අයිස් හා හෙරොයින් තොගයක් අත්අඩංගුවට – සැකකරුවන් පලා  ගිහින්!

මාතර දිස්ත්‍රික්කයේ තලල්ල ප්‍රදේශයේ නාඔටුන්න මුහුදු සහ වෙරළ තීරයේ අද (ඔක්තෝබර් 24) පෙරවරුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළඅ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙත්) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 475කට අධික තොගයක් සොයාගෙන ඇත.

මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක්, ගමන් මලු 11ක් සහ එම තොගය රැගෙන ආ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

වෙරළ ආරක්ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් ප්‍රවාහනය කෙරෙන බවට සැකයක් මත මෙම වැටලීම සිදුකර ඇත. සැකකරුවන් මලු වෙරළේ දමා පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය ලබාගෙන සිදුකළ පරීක්ෂාවේදී අදාළ තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 275කට අධික ප්‍රමාණයක් අඩංගු බව තහවුරු වී ඇත.

එම මත්ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම දකුණු වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් රටාව පිළිබඳ මෑතකාලීන අනතුරු ඇඟවීම් සමග ගැලපේ. පොලිසිය පවසන පරිදි පසුගිය මාස හය තුළ දකුණු වෙරළේදී මුහුදෙන් මත්ද්‍රව්‍ය ගොඩබා ගොඩබිමට ප්‍රවාහනය කිරීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස වැඩිවී ඇත.

මාතර දෙයියන්දර, වැලිගම සහ මිදිගම ආශ්‍රිත ප්‍රදේශවල මෑතකදී විශාල හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇති අතර, නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධ මෙහෙයුම් ශක්තිමත් කරමින් සිටී.

“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භවී වසරක කාලයකදී නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් දළ විථි වටිනාකම රුපියල් බිලියන 97ක් පමණ වන මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මීට පෙර සඳහන් කර තිබේ.

දකුණු මුහුදේ සහ වෙරළ තීරයේ සිදුකරන මෙවැනි වැටලීම් එම ප්‍රයත්නයේ කොටසක් ලෙස සැලකිය හැකිය.

නාවික හමුදාව පවසන්නේ ලියාපදිංචි ධීවර බෝට්ටු විශාල සංඛ්‍යාවක් පවතින බැවින් සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒවා භාවිතා කරමින් වෙරළට මත්ද්‍රව්‍ය ගොඩබැස්සීමට උත්සාහ කරන බවය. කෙසේවෙතත් ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් වීම නිසා සාර්ථක මෙහෙයුම් වැඩිවෙමින් පවතින බව නාවික හමුදා නිලධාරීන් පෙන්වා දෙති.

මෙම තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ජාවාරම් ජාලයේ ඉහළ පුරුක් හඳුනාගැනීම අරමුණු කරගත් කටයුතු දිගටම පවතී.