ගාලු වරායට පැමිණි ඉරාන නාවිකයන්ට මානුෂීය ආධාර සැපයීම ශ්රී ලංකාවේ වගකීමක් වන්නේ ඇයි?
ජාත්යන්තර නීතියෙන් පැවරෙන වගකීම සහ ශ්රී ලංකාවේ හැසිරිම රාජ්යයට සහ ලෝකයට බලපාන ආකාරය විසිම මේ ලිපියේ අරමුණ වනු ඇත.
LSN Sri Lanka ·

මානුෂීය ආධාර ලබාගැනීම සඳහා ඉරාන නෞකාවක සිටි නාවිකයන් පිරිසක් අද (24) ගාල්ල වරායට පැමිණ තිබේ. මෙම පිරිසට අවශ්ය පහසුකම් සැපයීමේදී ශ්රී ලංකාව ජාත්යන්තර නීති සහ සම්මුතිවලට අනුකූලව කටයුතු කරන බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි ප්රකාශ කළේය.

නාවිකයන් අයත් රට හෝ ඔවුන්ගේ ජාතිකත්වය මෙහිදී වැදගත් නොවන බවත්, ජාත්යන්තර සම්මුතිවලට අනුව කටයුතු කිරීමෙන් වෙනත් රටකට ගැටලුවක් ඇති නොවන බවත් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.

එසේ නම් විදේශීය නෞකාවක සිටින පුද්ගලයන්ට මානුෂීය ආධාර සැපයීමට ශ්රී ලංකාව බැඳී සිටින්නේ කෙසේද?

මුහුදේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමේ ජාත්යන්තර වගකීම

1982 එක්සත් ජාතීන්ගේ සාගර නීති සම්මුතියේ (UNCLOS) 98 වැනි වගන්තිය අනුව මුහුදේ ජීවිත අවදානමට ලක්වූ පුද්ගලයන්ට උපකාර කිරීම ජාත්යන්තර නීතිමය වගකීමකි.

මෙම සම්මුතියට අනුව නෞකා කපිතාන්වරුන්ට විපතට පත්වූවන්ට සහාය දීමට වගකීම් පැවරෙන අතර, මුහුදේ සෙවීම් සහ මුදාගැනීම් සඳහා අවශ්ය සේවා පවත්වාගෙන යාමට වෙරළබඩ රාජ්යයන් කටයුතු කළ යුතුය.

එසේම මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳ SOLAS සම්මුතිය සහ මුහුදු සෙවීම් හා මුදාගැනීම් පිළිබඳ SAR සම්මුතිය මඟින් ද මෙවැනි අවස්ථාවලදී රාජ්යයන්ගේ වගකීම් පැහැදිලි කර තිබේ.

මෙහි මූලික ප්රතිපත්තිය වන්නේ ආපදාවට ලක්වූ පුද්ගලයකුගේ ජාතිකත්වය හෝ දේශපාලන පසුබිම නොසලකා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගැනීමය.

එහෙත් මෙහි වැදගත් නීතිමය වෙනසක් තිබේ. මුහුදේ ජීවිත අවදානමකට මුහුණ දෙන පුද්ගලයන් බේරාගැනීමේ වගකීම සහ සාමාන්ය නෞකාවකට ආහාර, ඉන්ධන ඇතුළු සියලු සැපයුම් ලබාදීමේ වගකීම එකක් නොවේ. සැපයිය යුතු සහාය තීරණය වන්නේ නෞකාවේ තත්ත්වය, හදිසි අවශ්යතාව සහ අදාළ නීති අනුවය.

ඉරාන නාවිකයන්ට ලබාදිය යුතු මානුෂීය සේවා

නාවිකයන් ආහාර, පානීය ජලය හෝ වෛද්ය ප්රතිකාර නොමැතිව අනතුරට පත්ව සිටින්නේ නම් ඔවුන්ගේ ජීවිත සහ සෞඛ්ය ආරක්ෂා කිරීමට අවශ්ය පියවර ගැනීම ප්රමුඛතාවකි.

ඒ අනුව අවශ්යතාව අනුව ආරක්ෂිතව ගොඩබැස්වීම, පානීය ජලය, ආහාර, හදිසි වෛද්ය ප්රතිකාර, ඖෂධ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සිදු කළ හැකිය.

එසේම ඔවුන්ගේ සෞඛ්ය තත්ත්වය පරීක්ෂා කිරීම, අනන්යතාව තහවුරු කිරීම සහ අවශ්ය අවස්ථාවලදී තාවකාලික නවාතැන් හා පවුල් සමඟ සන්නිවේදන පහසුකම් ලබාදීමද වැදගත්ය.

මෙම සේවාවන් සැපයීමේදී වරාය බලධාරීන්, නාවික හමුදාව, සෞඛ්ය අංශ සහ ආගමන විගමන බලධාරීන් අතර සම්බන්ධීකරණයක් අවශ්ය වේ.

ජාත්යන්තර මානුෂීය නීතිය අදාළ වන්නේ කෙසේද?

1949 දෙවැනි ජිනීවා සම්මුතිය අනුව ජාත්යන්තර සන්නද්ධ ගැටුමකදී මුහුදේ තුවාල ලබන, රෝගී වන හෝ නැව් අනතුරකට ලක්වන හමුදා සාමාජිකයන් ආරක්ෂා කළ යුතුය.

ඔවුන්ට වෙනස්කම් නොකර මානුෂීය සැලකිල්ල සහ අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීම එහි මූලික අවශ්යතාවකි.

කෙසේ වෙතත්, සාමාන්ය වෙළෙඳ නෞකාවක සේවය කරන සිවිල් නාවිකයන්ට මෙම සම්මුතියේ සියලු විධිවිධාන එලෙසම අදාළ නොවේ. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාගර නීතිය, මානව හිමිකම් නීතිය සහ අදාළ අනෙකුත් ජාත්යන්තර නීති වැදගත් වේ.

එබැවින් ගාල්ලට පැමිණි පිරිස සිවිල් නාවිකයන්ද, හමුදා සාමාජිකයන්ද යන්න නීතිමය වශයෙන් වැදගත්ය.

මානුෂීය ආධාර සැපයීමෙන් ශ්රී ලංකාවේ මධ්යස්ථභාවයට බලපෑමක් සිදුවේද?

ජාත්යන්තර සන්නද්ධ ගැටුමකදී මධ්යස්ථ රාජ්යයකට විශේෂ වගකීම් පැවරේ.

එහෙත් විපතට පත්වූ මිනිසුන්ට ආහාර, ජලය සහ වෛද්ය ප්රතිකාර ලබාදීම පමණක් යුද ගැටුමක එක් පාර්ශ්වයකට හමුදා සහාය ලබාදීමක් නොවේ.

ඊට වෙනස්ව නෞකාවක් නැවත යුද මෙහෙයුම් සඳහා සූදානම් කිරීම හෝ යුදමය පහසුකම් සැපයීම මධ්යස්ථභාවය පිළිබඳ නීතිමය ගැටලු ඇති කළ හැකිය.

එබැවින් මානුෂීය ආධාර සහ යුදමය සහාය අතර සීමාව පැහැදිලිව පවත්වාගැනීම අවශ්යය.

මෙහිදී නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළ ආකාරයට ජාත්යන්තර සම්මුතිවලට අනුකූලව කටයුතු කිරීම වැදගත් වුවද, එයින් කිසිදු රාජ්යතාන්ත්රික ගැටලුවක් ඇති නොවන බව නීතිමය වශයෙන් සහතික කළ නොහැකිය.

අවසානයේ වැදගත් වන්නේ ශ්රී ලංකාව ඉරානයට පක්ෂපාතී වන්නේද යන්න නොව, මානුෂීය අවශ්යතාවකට ප්රතිචාර දක්වන්නේ ජාත්යන්තර නීතියට අනුකූලවද යන්නය.

මුහුදේ විපතට පත්වූ මිනිසකුගේ ජීවිතය ආරක්ෂා කිරීම සහ ඔහුට අවශ්ය මූලික සහාය ලබාදීම දේශපාලන පක්ෂපාතිත්වයක් නොවේ. එය ශිෂ්ට රාජ්යයක මානුෂීය වගකීමකි. රටක් ලෙස අප එය ඉටු කර තිබේ.