නිශ්චිතයි... තලල්ලේ කුඩු තොගය ටොන් භාගය පනී... එත් විදියේ කුඩු අඩු නැත්තේ ඇයි?
මත්ද්රව්ය ගෙනා බෝට්ටු හිමිකරු දැනට ඩුබායි රාජ්යයේ සැඟව ඉන්නා අපරාධකරුවෙක් බවත්, ඔහු ගන්දර, ගන්දරගම ප්රදේශයේ පදිංචිකරුවෙක් බවත් කියැවෙමින් ඇත. මේ මත්ද්රව්ය තොගය දෙහි බාලේගේ බවටවන අදහසක් ඇතැම් ප්රධාන මාධ්ය නාලිකාවලත් පල විය. එය සමාජ මාධ්ය ඔස්සේ මේ වනවිට දැඩිව සංසරණය වන අදහසකි.
LSN Sri Lanka ·

ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්රදේශය ආවරණය වන පරිදි අද (2026 ඔක්තෝබර් 24) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය ප්රමාණය කිලෝ 561 ග්රෑම් 705ක් බව දැන් නිශ්චිතවම ප්රකාශ කර තිබේ. මුලින් වාර්තා වන්නේ අත් අඩංගුවට ගත් මත්ද්රව්ය ප්රමාණය කිලෝ 475ක් බවය.

ඉන්තේරුවෙන්ම දැන් කිව හැකි කාරණාව නම් මත් කුඩු ප්රමාණය ටොන් බාගයක් ඉක්මවා යන බවය. .

පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම මත්ද්රව්ය තොගයෙහි පාර්සල් 200ක අසුරන ලද අයිස් මත්ද්රව්ය (Crystal Methamphetamine) කිලෝ 239 ග්රෑම් 764ක පමණ තොගයක් සහ පාර්සල් 275ක අසුරන ලද හෙරොයින් මත්ද්රව්ය කිලෝ 321 ග්රෑම් 941ක පමණ තොගයක් ද ඇති බවට තහවුරු විය.

OFRP_A_1522_MTR අංක දරන ඩිංගි බෝට්ටුවෙන් වෙරළට ගෙනා එම මත්ද්රව්ය තොගයේ දල වීථි වටිනාකම රුපියල් බිලියන 11.8 කට අධිකය.
ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු වි තිබිණි. මත්ද්රව්ය ජාවාරම්කරුවන් වෙරළ ආරකෂක නිලධාරින් දැක පලා ගිය බව එක් වාර්තාවක පෙනේ. එහෙත් මේ තොරතුරු කලින්ම ජාවාරමුන්ට ලැබී තිබීම හේතුවෙන් උන් බිලියන 12කට ආසන්න සිය වත්කම අතහැර පලා ගොස් ඇති බව කියැවිනි.

“විශ්වාසනීය තොරතුරු“ සම්බන්ධව මෙවැනි සංකීර්ණතා අපි පසුගිය කාලය පුරාම දුටුවෙමු. මේ මත්ද්රව්ය ජාලය කොපමණ අක් මුල් විහිදි ගිය එකක් දැයි අසුවන මත්ද්රව්ය තොගවලින් පමණක් නොව, සැකකරුවන් අතුරුදහන් වීම් මගින්ද තේරුම් ගත හැකිය.

කෙසේ වෙතත් මෙම මෙහෙයුමත් සමග, 2025 ඔක්තෝබර් මාසයේ සිට, ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන 109කට අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රජය කියයි.

2026 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් බිලියන 68කට අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්රව්ය අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවේ මේ මත්ද්රව්ය මෙහෙයුම් අතිශය සංකීර්ණ බවය. මේ ජාලය තුළ සක්රිය වූ කණ්ඩායම් 48ක් සහ පුද්ගලයින් දහසකට වැඩි ප්රමාණයක් හඳුනාගෙන ඇති අයුරුත්, ඔවුන් පසුපස පන්නමින් නීතිය ක්රියාත්මක කරන අයුරුත් ඇමතිවරයා විස්තර කළේය.

ඔහු පවසන්නේ තවත් සංවිධාන 48ක් මේ අවස්ථාව වනවිට නිශ්ක්රියව සිටින බවය. මේ මත් කුඩු තොගය සමාජගත වුනා නම් ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධව ඔහු ප්රශ්න කළේය.

ආරක්ෂ නියෝජ්ය ඇමති විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පැවසුවේ නාවික හමුදාව; වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්රව්ය වැටලීමේ මෙහෙයුම් තීව්ර කර ඇති බවය. රටතුලට මත්ද්රව්ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව ද හෙතෙම අවධාරණය කළේය.

මත්ද්රව්ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්රියාත්මක කිරීමේ ආයතන වෙත ක්ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස නියෝජ්ය ඇමතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිියේය.

සිදුව ඇති මෙහෙයුම අග්රගන්ය එකක් බව කිව යුතුව ඇත. එහි ආයේ දෙකක් නැත.

මත්ද්රව්ය ගෙනා බෝට්ටු හිමිකරු දැනට ඩුබායි රාජ්යයේ සැඟව ඉන්නා අපරාධකරුවෙක් බවත්, ඔහු ගන්දර, ගන්දරගම ප්රදේශයේ පදිංචිකරුවෙක් බවත් කියැවෙමින් ඇත.
මේ මත්ද්රව්ය තොගය දෙහි බාලේගේ බවටවන අදහසක් ඇතැම් ප්රධාන මාධ්ය නාලිකාවලත් පල විය. එය සමාජ මාධ්ය ඔස්සේ මේ වනවිට දැඩිව සංසරණය වන අදහසකි.
මේ වනවිට දකුනු පලාතේ ප්රධානම මත්ද්රව්ය ජාවාරම්කාර අපරාධකරුවෙක් වන දෙහි බාලේ නැමැත්තාගේ ජාලය තුළ මේ මත්ද්රව්ය පාලනයට සම්බන්ධ ඉහළම ආයතනවල ඉහළම පොලිස් නිලධාරින්, පළාතේ ඉහළම පොලිස් නිලධාරින් සල්ලිවලට පාවිච්චි වන ආකාරය අවස්ථා ගණනාවක දි රට තුළ විසංවාදයක් ඇති කළේය.

තත්ත්වය ඇත්තේ අප දකිනවාට වඩා වෙනස් මානයකය. මේ තත්ත්වය පසුගිය දා චාමර සම්පත් මන්ත්රිවරයා අමුවෙන්ම පාර්ලිමේන්තුවේ දී ප්රශ්න කළේය.

“ ටොන් ගණන් අල්ලනවා තමයි. හරි... ඒත් කෝ... රටේ කුඩු හිඟයක නෑ නේ... කුඩු නැතිව සික් එක ගහලා ඉන්න උන් එකෙක්වත් හොයා ගන්න පුලුවන් ද?. හන්දියකට ගිහිල්ලා ටිකක් කැරකුනොත් ඕන තරම් හොයා ගන්න පුලුවන්. මේ ජාවාරම නැවතිලා නෑ. තවමත් මේ ජාලය ක්රියාත්මකයි.“ ඔහු කිවේය.
ප්රශ්නය ඇත්තේ මෙන්න මෙතනය. අද ටොන් බාගයක් කුඩු අල්ලා ඇත. ඇමතිවරයා පෙන්වා දෙන විදිහට මේ වසරේ අද දක්වා රුපියල් බිලියන 68ක වීදි වටිනාකමක් සහිත කුඩු අත් අඩංගුවට ගෙන ඇත.

එහෙත් කුඩ්ඩන්ට සික් එකක් නැත. ප්රශ්නය ඇත්තේ එතැනය. හද්දා පිටිසර ගමක හන්දියකට ගියත් කුඩු ෂොට් එකක් සොයා ගත හැකිය. රටම එකට සිටගෙන විසඳ ගත යුත්තේ මේ උභතෝකෝටික ගැටලුව ය.