LSN News › Sri Lanka

චෙම්මනි සමූහ මිනීවළක් නෙවෙයි; සාමාන්‍ය සුසාන භූමියක්: පුරාවිද්‍යා වාර්තාව කියයි...

චෙම්මනි සිද්ධියෙන් පීඩාවට පත් පාර්ශ්වයන් වන අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, මහාචාර්ය සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කළ මෙම අතුරු වාර්තාව අභියෝගයට ලක් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර ඇත.

LSN Sri Lanka · 25 October 2026

චෙම්මනි සමූහ මිනීවළක් නෙවෙයි; සාමාන්‍ය සුසාන භූමියක්: පුරාවිද්‍යා වාර්තාව කියයි...

යාපනය, චෙම්මනි සිට්ටුපට්ටි සුසාන භූමියේ සිදු කරන ලද කෑණීම්වලදී සොයා ගන්නා ලද අස්ථි සැකිලි 584 ක් සහ පුරාවස්තු 170 කට අධික ප්‍රමාණය පිළිබඳ මෙතෙක් රැස් කර ඇති සාක්ෂි මත පදනම්ව, එම ස්ථානය රහසිගත සමූහ මිනීවළකට වඩා සාමාන්‍ය සුසාන භූමියක ලක්ෂණ පෙන්නුම් කරන බව පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවක සඳහන් වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ අනූෂා වන්නිනායක විසින් පිළියෙල කරන ලද “චෙම්මනි පුරාවිද්‍යාත්මක කෑණීම්” පිළිබඳ තුන්වන අතුරු වාර්තාව පසුගිය සඳුදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

කෙසේ වෙතත්, වාර්තාවේ දැක්වෙන සාක්ෂි පමණක් පදනම් කරගෙන, අදාළ භූමියේ සිදුව ඇති භූමදානයන්හි ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹීමට තරම් ප්‍රමාණවත් නොවන බව මහාචාර්ය රාජ් සෝමදේව වාර්තාවෙන් පෙන්වා දෙයි. ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් හමු වන රහසිගත සමූහ මිනීවළවල්වලට වඩා, සාමාන්‍ය චාරිත්‍රානුකූල භූමදාන ක්‍රමවේදයන් පැවති ස්ථානයකට මෙම භූමියේ ලක්ෂණ සමාන වන බව අදාළ පුරාවිද්‍යාත්මක සහ සන්දර්භගත සාක්ෂි අධ්‍යයනයේදී නිරීක්ෂණය වන බවද එහි දැක්වේ.

මේ අතර, චෙම්මනි සිද්ධියෙන් පීඩාවට පත් පාර්ශ්වයන් වන අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, මහාචාර්ය සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කළ මෙම අතුරු වාර්තාව අභියෝගයට ලක් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර ඇත. ඉදිරිපත් කර ඇති වාර්තාවේ ඇති මතභේදාත්මක නිගමන අවසානාත්මක තීරණ ලෙස සැලකීමට පෙර, එහි ඇති මූලික විරුද්ධතාවන් සහ සාක්ෂිමය ගැටලු නිසි ලෙස විමර්ශනය කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කස්තුරි අලහකෝන් මගින් ගොනු කරන ලද මෙම මෝසම මගින්, අදාළ වාර්තාවේ ඇතුළත් සොයාගැනීම්, නිරීක්ෂණයන්, අර්ථකථනයන් සහ නිගමන කෙරෙහි දැඩි විරෝධය පළ කර තිබේ.

වාර්තාවේ නිරීක්ෂණ

දින අසූවකට අධික කාලයක් තිස්සේ සිදු කරන ලද කෑණීම්වලින් අනතුරුව මෙම වාර්තාව භාර දී ඇත. වසංගතයක් හෝ වෙනත් ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම භූමදානයන් සිදුවූයේ නම්, ඒ හා සබැඳි ද්‍රව්‍යමය මෙවලම් හෝ පුද්ගලික භාණ්ඩ සීමිත ප්‍රමාණයක් හමුවීම පුදුමයට කරුණක් නොවන බව වාර්තාවේ සඳහන් වේ. එවැනි තත්ත්වයකදී මූලික අවධානය යොමුවන්නේ මෘතදේහයන් ඉක්මනින් ඉවත් කර භූමදානය කිරීමට මිස, පුද්ගලික දේපළ හෝ පූජා භාණ්ඩ තැන්පත් කිරීමට නොවන බවද එහි දැක්වේ.

එනම්, වසංගතයක් හෝ ස්වාභාවික විපතක් නිසා සිදු වූ මරණ හදිසි භූමදානයන්ට මග පාදන්නට ඇති බව කතුවරු පවසති. මෙම නිරීක්ෂණයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක සන්දර්භය, ස්තරගත සබඳතා, භූමදාන සංවිධානය සහ සැකිලි සාක්ෂි එක්තැන් කරමින් වඩාත් පුළුල් අර්ථකථනයක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම භූමදානයන්හි පසුබිම, අරමුණ හෝ ඓතිහාසික සන්දර්භය ගැන නිගමනයකට එළඹීමට පෙර පවතින සාක්ෂි ප්‍රවේශමෙන් ඇගයීමට ලක් කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කෙරේ.

කෑණීම්වලදී කුඩා ළමුන්ගේ සිරුරු නොගඹුරු වළවල්වල භූමදානය කර ඇති බවට විශේෂිත රටාවක් නිරීක්ෂණය වී ඇත. හමු වූ කිසිදු මානව අස්ථි සැකිල්ලක ඇඳුම් පැළඳුම් පිළිබඳ සාක්ෂි ඉතිරිව නොතිබූ අතර, රෙදිපිළි කොටස් හමු නොවීමෙන් මියගිය අය ඇඳුම් නොමැතිව භූමදානය කළ බවට නිගමනය නොකළ යුතු බවද වාර්තාවේ සඳහන් වේ.

ප්ලාස්ටික් බෑගයක් සහ පාවහන් ඇතුළු පුද්ගලික භාණ්ඩ කිහිපයක් හමු වූ අංක 25 දරන මානව අස්ථි සැකිල්ල කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති අතර, එහි තිබූ මිනීපෙට්ටියක යැයි සැක කළ හැකි අවශේෂ කොටස් පෙන්වා දෙමින්, එය සසුරන ලද අනෙකුත් භූමදානයන්ගෙන් වෙනස් වන බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන අවශ්‍ය බව පෙන්වා දී තිබේ.

සියවසකට එපිට පුරාවිද්‍යා සාධක

පෘථිවි අභ්‍යන්තරයට විනිවිද යන රේඩාර් (GPR) පරීක්ෂණ ඡායාරූප මගින් අදාළ භූමියේ භූගත විෂමතාවන් රැසක් අනාවරණය වී ඇති අතර, ඒවා අතිරේක භූමදාන ස්ථාන විය හැකි බවට වාර්තාවේ සඳහන් වේ. මෙම නිරීක්ෂණයන් මගින් පෙන්නුම් කරන්නේ විභව භූමදාන ලක්ෂණ දැනට කෑණීම් කරන ලද ප්‍රදේශයට වඩා ඔබ්බට ව්‍යාප්ත වී ඇති බවත්, මෙම ස්ථානය කෑණීම් කළ ප්‍රදේශයට වඩා විශාල භූමි ප්‍රදේශයක් විය හැකි බවත්ය.

කෑණීම් අගල තුළ වූ අස්ථි සැකිලි සමග කාසි කිහිපයක් ද හමු වී ඇත. පැහැදිලිව හඳුනාගත හැකි කාලවකවානු ලෙස 1920, 1944, 1963, 1975, 1978, 1982, 1991 සහ 1994 යන වර්ෂයන්හි කාසි ඒ අතර වේ.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අදහස

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ඉදිරිපත් කළ මෝසම මගින් සඳහන් කරන්නේ වාර්තාවේ සොයාගැනීම්, හමු වූ මානව අවශේෂ පිහිටි ස්ථානය, ඒවා සොයාගත් ආකාරය, පුරාවිද්‍යාත්මක සන්දර්භය, සොයාගත් පුරාවස්තු, අවශේෂයන්හි ප්‍රමාණය සහ ව්‍යාප්තිය මෙන්ම අදාළ කාල සීමාවේ එම ප්‍රදේශයේ පැවති ඓතිහාසික තත්ත්වයන් මත පදනම්ව විමර්ශනය කළ යුතු බවය.

මෙම අවශේෂ හමු වූ නිශ්චිත භූමි භාගයේ කිසිදු නිල සුසාන භූමි වෙන් කිරීමක් හෝ අනුමත කරන ලද සුසාන භූමි කොටසක් හඳුනාගෙන නොමැති බවද පීඩාවට පත් පාර්ශ්වයන් තර්ක කරයි.

මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අතුරු වාර්තා තුනෙහිදීම මහාචාර්ය සෝමදේව "සමූහ මිනීවළ" (mass grave) යන පදය භාවිතා කළ බව පෙන්වා දෙන අදාළ පාර්ශ්වයන්, නවතම වාර්තාවෙන් එම පදය චේතනාන්විතවම ඉවත් කර ඇති බවට චෝදනා කරයි. එම පදය හැරපෑම් කිරීම මගින් මෙම අතුරු වාර්තාවේ නිවැරදිභාවය සහ වලංගුභාවය පිළිබඳව දැඩි සැකයක් මතුවන බව ඔවුහු පවසති.

භෞතික සාක්ෂි සහ පුරාවිද්‍යාත්මක සන්දර්භය නිසි ලෙස පරීක්ෂා කිරීමකින් තොරව, මෙම වාර්තාව මගින් සාමාන්‍ය භූමදානයක් සිදුව ඇති බවට එළඹෙන ඕනෑම නිගමනයකට පීඩාවට පත් පාර්ශ්වයන් දැඩි ලෙස විරෝධය පළ කරයි.

වැඩිහිටියෙකු විසින් දරුවෙකු වඩාගෙන සිටින ආකාරය පෙන්නුම් කරන අස්ථි සැකිලි යුගල එකකට වඩා හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍ය භූමදාන රටාවකට මුළුමනින්ම පටහැණි අසාමාන්‍ය සොයාගැනීමකි. අවශේෂ තැන්පත් කර ඇති ආකාරය සහ පසුබිම තීරණය කිරීම සඳහා මෙම තත්ත්වයන් පිළිබඳව පුළුල් වෝහාරික සහ පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවද මෝසම මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සන්ඩේ ටයිම්ස් වාර්තාවක් ඇසුරිනි-