LSN News › Sri Lanka

ආරණ්‍යවාසී බලංගොඩ කස්සප හිමියන් නවාතැන් පහසුකම් ලබා ගැනීමට කිංස්බරියට වැඩි හේතුව වදාරති!

හිසේ සිට සිවුරක් පොරවාගෙන එක්වනම හඳුනා ගැනිමට අපහසුවන සේ මාස්ක් එකක් දමාගත් ආරණ්‍යවාසී බලංගොඩ කස්සප හිමියන් පොහොට්ටුවේ හිටපු ඇමති සරත් වීරසේකර ඇතුළු දායක පිරිසක් පිරිවරාගෙන කිංස්බරි හෝටලයේ අසුන් පනවා ඇති කාමරය වෙත ගමන් කරන ආකාරය වයිරල් වී මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් ඇත.

LSN Sri Lanka · 25 October 2026

ආරණ්‍යවාසී බලංගොඩ කස්සප හිමියන් නවාතැන් පහසුකම් ලබා ගැනීමට  කිංස්බරියට වැඩි හේතුව වදාරති!

විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට සහභාගී වෙමින් සිටිය දී තමන් වහන්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි බැවින් දායකයින් විසින් කිංස්බරි හෝටලයේ නවාතැන් පහසුකම් සලසා දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බවත් බෞද්ධ ශාසනයට දායක කාරකාදීන් ඉඩම් දේපල වතුපිටි පරිත්‍යාග කරන ඉතිහාසයක් ඇති රටක හෝටල් කාමරයක් සම්බන්ධව කරදරව ප්‍රතිගාමී පිරිස් කරදර වන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරන බවත් ආරණ්‍යවාසී බලංගොඩ කස්සප හිමියෝ පවසති.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස බල කරමින් අධිකරණ නියෝගවලට පිටුපා මේ උද්ඝෝෂණය මේ වනවිට විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙමින් තිබේ. කස්සප හිමියන් තමන් වහන්සේ කිංස්බරි හෝටලයට වඩින සීසීටීවී දර්ශන සම්බන්ධව සමාජ මාධ්‍යයේ සංසරණයවන ප්‍රකාශවලට පිළිතුරු දෙමින් පවසන්නේ ආණ්ඩු පාක්ෂිකයින් පිරිසක් මේ අවස්ථාව උපයෝගී කරගනිමින් විරෝධතාවයේ යෙදෙන භික්ෂුන් අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන බවය.

විරෝධතාවය අතරතුර තමන් වහන්සේගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102 දක්වා ඉහළ ගොස් තිබූ අතර, විරෝධතාව පැවැත්වෙන කාල සීමාව තුළ විවේක ගැනීම සඳහා දායකයින් විසින් ස්ථාන කිහිපයක්ම සූදානම් කර තිබූ බවද උන්වහන්සේ පවසති.

කෙසේ වෙතත්, විහාරමහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන විරෝධතා භූමියට ආසන්නව රැඳී සිටීමට අවශ්‍ය වූ බැවින් එම ආරාධනා බොහොමයක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවත් කිංස්බරි හෝටලයේ නවාතැන් පිළිගනු ලැබුවේ විරෝධතා භූමියට ආසන්නව තිබුණු නිසා බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

දායකයන්ගේ ආරාධනය වැඩම කළ ඇතැම් ස්ථානවලදී වෛද්‍ය කණ්ඩායම් පැමිණ තමන් වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් උන්වහන්සේ පැවසූහ.

මෙලෙස නවාතැන් උපකාර පිළිගැනීම ශාසනික සම්ප්‍රදයක් බව ද ආරණ්‍යවාසී බලංගොඩ කස්සප හිමියෝ පෙන්වා දුන්හ. බෞද්ධ සිරිත් විරිත් සහ ඉතිහාසයට අනුව දායකයින් විසින් සංඝරත්නයට සහ ආගමික සථාන වෙත දානය, නවාතැන් පහසුකම්, වාහන, ඉඩම් මෙන්ම ගෙවල් පවා පූජා කර ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්නේ ඉතිහාසයේ පැනෙනා උදාහරණත් සමගිනි.

"ඇතැම් පිරිස් වතුර බෝතලයක් පූජා කරනවා. තවත් පිරිසක් කූඩාරම්, ආහාර හෝ නවාතැන් පහසුකම් ලබා දෙනවා. තමන්ගේ ගෙවල් දොරවල් සහ ඉඩකඩම් පවා පූජා කිරීමට ලෑස්ති දායකයින් සිටිනවා," යැයි උන්වහන්සේ සඳහන් කළහ.

බෞද්ධ ඉතිහාසයේ සංඝරත්නය උදෙසා මුළු ගම්මාන සහ අක්කර ගණනින් දේපළ පූජා කර තිබියදී, හෝටල් කාමරයක් සම්බන්ධයෙන් මෙලෙස ආන්දෝලනයක් ඇති කිරීමට උත්සාහ කරන්නේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියහ.

එමෙන්ම, විරෝධතාවයට සහාය දක්වන දායකයින්ගේ පෞද්ගලික තොරතුරු අනිසි ලෙස හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ද බළන්ගොඩ කස්සප හිමියෝ සිය විරෝධය පල කළහ. හෝටල් ඇතුළු විවිධ ආයතන කළමනාකරණය කරන පිරිස් විසින් අදාළ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු සහ අනන්‍යතා තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවට උන්වහන්සේ චෝදනා කළ ආරණ්‍යවාසී බලංගොඩ කස්සප හිමි සිය විරෝධය යොමු කරනු ලැබුවේ කිංස්බරි හෝටලය වෙතය.

උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරයේ සිය ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු හෙළි කිරීම ශ්‍රී ලංකාවේ පවතින ජාත්‍යාන්තර හෝටල් පද්ධතියේ විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවය. තමන් වහන්සේ හෝටලයට ඇතුළුවීම සම්බන්ධව සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට වනවාසී බලංගොඩ කස්සප හිමි මේ වනවිට සූදානම් වන බව වාර්තා වේ.

හිසේ සිට සිවුරක් පොරවාගෙන එක්වනම හඳුනා ගැනිමට අපහසුවන සේ මාස්ක් එකක් දමාගත් ආරණ්‍යවාසී බලංගොඩ කස්සප හිමියන් පොහොට්ටුවේ හිටපු ඇමති සරත් වීරසේකර ඇතුළු දායක පිරිසක් පිරිවරාගෙන කිංස්බරි හෝටලයේ අසුන් පනවා ඇති කාමරය වෙත ගමන් කරන ආකාරය වයිරල් වී මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් ඇත.