රඹුක්කන - පේරාදෙණිය සහ පේරාදෙණිය - ගම්පොළ අතර දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි!
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, අද (25) මධ්යම රාත්රියේ සිට අදාළ සේවා “තවදුරටත් දැනුම් දෙන තුරු” අත්හිටුවා ඇත. කඩිගමුව අසල සක්රීය නායයෑමක් නිසා අඛණ්ඩ වැසි සමග පස් මාර්ගයට පැමිණෙමින් පවතින බව දුමරිය දෙපාර්තමේන්තුව පවසයි.
LSN Sri Lanka ·

රඹුක්කන - පේරාදෙණිය සහ ගම්පොල - පේරාදෙණිය අතර සියලුම දුම්රිය වාර නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට දුම්රිය දෙපාරත්මේන්තුව විසින් තීරණය කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්රිය වී දුම්රිය මාර්ගය මතට පස් සේදී එමින් තිබීම මේ අත්හිටුවීමට ප්රධානම හේතුව වී ඇතැයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.
</p>
<p>
අදාළ දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ ( 2026.10.24) සහ අද (2026.10.25) යන දෙදින තුළ හදිසි ප්රතිසංස්කරණ කටයුතු සිදු කළ ද, ප්රදේශයට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ දැඩි අවදානම තවමත් පහව ගොස් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
</p>
<p>
ඒ අනුව, මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය ධාවනය සඳහා පූර්ණ ආරක්ෂිත බව තහවුරු වන තෙක්, ඔක්තෝබර් 24 සහ 25 දෙදින සඳහා තාවකාලිකව අත්හිටවූ රඹුක්කන සහ පේරාදෙණිය / ගම්පොළ අතර සියලුම දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු අද මධ්යම රාත්රී 12 සිට ඉදිරියටද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
</p>
<p>
අදාළ කාලසීමාව තුළ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියන් සඳහා මුදල් ගෙවා ආසන වෙන් කරවා ගත් මගී ජනතාවට, ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල ඕනෑම දුම්රිය ස්ථානයකින් නැවත ලබා ගැනීමට අවශ්ය පහසුකම් සලසා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
</p>
<p>
මෙම අත්යවශ්ය දුම්රිය ගමන් වාර අවලංගු වීම හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සිය බලවත් කනගාටුව ප්රකාශ කර සිටියි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
<figure style="margin:1.5rem 0;text-align:center"><img src="https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/862518030_1557101423102618_6079667656832947186_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1080x1506&ctp=s1080x1506&_nc_cat=101&_nc_map=urlgen_bucketless&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=JmJVMyVQU5EQ7kNvwHQLYT1&_nc_oc=Adom2twGFWHyl36gUlDo1eCZLDBGjIOGooTtUol0Ho1ZwLLbOyriaxxOyTsSFNt4n1o&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=WnMbLJ_OJxTsubJE83G9XA&_nc_ss=7a2a8&oh=00_AQPhMB2a0TshPnRv4KzkI5a_3N6i6N8k27cC9T8f9M7mTA&oe=6AE3E427" alt="" style="max-width:100%;border-radius:6px" /><figcaption style="font-size:0.85em;color:#6b7280;margin-top:0.4rem"></figcaption></figure>