LSN News › Sri Lanka

කොග්ගල දුම්රිය - බස් අනතුර ... සංඥා නොතකා පාසල් දරුවන් රැගත් බස් රිය දුම්රිය හරස් මාර්ගයට දැමූ මිනීමරු රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට!

මූලික වාර්තාවලට අනුව බස් රථය දුම්රිය සංඥා ආලෝක නොසලකා හරස් මාර්ගය හරහා ගොස් ඇති බව සඳහන් වේ. සංඥා ක්‍රියාත්මකව තිබූ බවට ද තොරතුරු වාර්තා වී ඇත.

LSN Sri Lanka · 25 October 2026

කොග්ගල දුම්රිය - බස් අනතුර ... සංඥා නොතකා පාසල් දරුවන් රැගත් බස් රිය දුම්රිය හරස් මාර්ගයට දැමූ මිනීමරු  රියදුරු හා කොන්දොස්තර  අත්අඩංගුවට!

අද ( ඔක්තෝබර් 25 වන දා ඉරිදා) දහවල් 12.50 පමණ හබරාදූව පොලිස් වසමේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය ආසන්න දුම්රිය හරස් මාර්ගයේ දී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අධ්‍යාපන චාරිකාවක නිරත පාසල් දරුවන් පිරිසක් රැගත් බස් රථයක පසුපස කොටසට ගැටීමෙන් ළමුන් 12ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය අංශයට අනුව මෙම බස් රථයේ කොට්ටාව ප්‍රදේශයේ උපකාරක පන්තියකට අයත් වයස අවුරුදු 14-15 අතර ළමුන් 41 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු සහ දෙමාපියන් 6 දෙනෙකු ඇතුළු ආසන්න වශයෙන් 61 දෙනෙකු මෙම බස් රථයේ ගමන් කරමින් සිට ඇත. ඔවුන් කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමෙන් පසු නැවත කොට්ටාව බලා යමින් සිටිය දි මෙම අනතුරට මුහුණ දී තිබේ.අනතුර සිදු වූ දුම්රිය හරස් මාර්ගය ආරක්ෂිත ගේට්ටු නොමැති වන අතර විදුලි ආලෝක සංඥා සහ සීනුවක් මගින් පමණක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය

තුවාලකරුවන් කරාපිටිය ගාල්ල ජාතික රෝහල සහ උණවටුන රෝහලට ඇතුළත් කර ඇත.ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පැවසූ පරිදි කරාපිටිය රෝහලට ළමුන් 9 දෙනෙකු ඇතුළත් කර ඇත. ඉන් වයස අවුරුදු 14ක දරුවෙකුට අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයක් සිදු කර ඇත.

තවත් දරුවෙකුගේ තත්ත්වය බරපතළ නමුත් ජීවිතයට තර්ජනයක් නොමැති බවත් අනෙක් දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය. කිසිදු මරණයක් වාර්තා වී නැත.

අත්අඩංගුවට ගැනීම් හා විමර්ශන

හබරාදූව පොලිසිය වයස අවුරුදු 40ක බස් රථ රියදුරු සහ වයස අවුරුදු 21ක කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හබරාදූව පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

මූලික වාර්තාවලට අනුව බස් රථය දුම්රිය සංඥා ආලෝක නොසලකා හරස් මාර්ගය හරහා ගොස් ඇති බව සඳහන් වේ. සංඥා ක්‍රියාත්මකව තිබූ බවට ද තොරතුරු වාර්තා වී ඇත.