මහනායක හිමිවරුන්ගේ ලිපියෙන් අවසන් කළ විහාරමහාදේවී පිටියේ මහසෝන් සමයම!
ඥානසාර හිමි නිදහස් කිරීමේ සටනට මුවා වී චීවරයේ ගෞරවය විනාශ කළ පිරිසකට මහානායක හිමිවරුන් දුන් ශීලාචාර පිළිතුර...
LSN Sri Lanka ·

විහාරමහාදේවී උද්යානයේ දින දහයක් පුරා රඟ දැක්වූ නාඩගම අවසන් කිරීමට අවසානයේ ත්රෛනිකායික මහානායක හිමිවරුන්ට මැදිහත් වීමට සිදු විය. එය සිදු වූ ආකාරයත්, එම මැදිහත්වීම සඳහා යොදාගත් වචනත්, එහි අන්තර්ගතයත් විමසා බලන විට පෙනෙන්නේ අපූරු කතාවකි.

ඒ කතාව ඥානසාර හිමි නිදහස් කර ගැනීම ගැන කියන කතාවක් නොවේ. එය චීවරයේ ගෞරවය ගැන කතාවකි. බුද්ධ විනය ගැන කතාවකි. නීතියේ ආධිපත්යය ගැන කතාවකි. සියල්ලටම වඩා බුදු දහම ආරක්ෂා කරන බව කියමින් බුදු දහමේ මූලික හරයන්ටම අභියෝග කරන භික්ෂු දේශපාලනය පිළිබඳ කතාවකි.

මහානායක හිමිවරුන් කිසිවකුට බැණ වැදුණේ නැත. කිසිවකුට අවමන් කළේ නැත. තර්ජනය කළේ ද නැත. එහෙත් උන්වහන්සේලාගේ ලිපියෙහි ඇති වචන කිහිපය පසුගිය දින දහය පුරා විහාරමහාදේවී උද්යානයේ සිදු වූ ක්රියාකාරකම්වලට එල්ල කළ බරපතළම විවේචනය ලෙස කියවාගත හැකිය.

මහානායක හිමිවරුන් ඉතාම ශීලාචාර ලෙස කියා ඇත්තේ චීවරයේ ගෞරවය තවදුරටත් විනාශ නොකර මේ විගඩම අවසන් කරන ලෙසය. එහි ගැබ්ව ඇති පණිවිඩය එය බව අපගේ කියවීමය.

මහනායක හිමිවරුන්ගේ ලිපිය

මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්රී ඤාණරතන, ශ්රී ලංකා අමරපුර මහා නිකායේ මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති සහ ශ්රී රාමඤ්ඤ මහ නිකායේ මහනායක මකුලෑවේ විමල යන මහනායක හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ ලිපියේ මෙසේ සඳහන් වේ.

ශ්රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජයීය සන්දර්භය තුළ භික්ෂුන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පූජෝපහාරයට පාත්ර වන ආධ්යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේය. එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි.

එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති සංවේදී වාතාවරණය හමුවේ ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිර සම්බන්ධ උක්ත ගැටලුව නිත්යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්ය මැදිහත් වීම සිදු කර ඇත්තෙමු.

තවද කිනම් අර්බුදයක් හමුවේ වුවද ශාසනික විනය හා සංඝ සාමග්රිය ආරක්ෂා කරමින් එකී අර්බුද ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම මහා සංඝ රත්නය ලෙස අපගේ පරම වගකීම විය යුතු බව දන්වා සිටිනු කැමැත්තෙමු.

එහෙයින් ශාසන බ්රහ්මචර්යාවේ උදාර අරමුණත් ඓතිහාසික භික්ෂූ භුමිකාවේ සාමාජීය කාර්යභාරයත් නිරන්තරයෙන් මෙනෙහි කරමින් "අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවය " යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝ රත්නයට මෙයින් සිහිපත් කර සිටිම්හ.

මේ ලිපියේ නොකී කතාව

මහානායක හිමිවරුන්ගේ ප්රකාශයේ වැදගත්ම වාක්යය වන්නේ භික්ෂූන් වහන්සේලාට හිමි ගෞරවය සුරැකෙන්නේ සංවරශීලී පැවිදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව පැවසීමය.

මේ වාක්යයේ බර තේරුම් ගැනීම අවශ්යය.

එයින් කියන්නේ චීවරයක් පොරවා ගත් පමණින් කිසිවකුට සමාජයේ ගෞරවය ඉල්ලා සිටිය නොහැකි බවය. භික්ෂුවකට ලැබෙන ගෞරවය ඔහුගේ හැසිරීමෙන්, සංවරයෙන් සහ විනයෙන් ආරක්ෂා කරගත යුතු බවය.

චීවරය යනු සංවරයේ සහ විනයේ සංකේතයක් විනා නීතියට ඉහළින් සිටීමට ලැබෙන අවසර පත්රයක් නොවන බවත්, එය දේශපාලන බලය ප්රදර්ශනය කිරීමට ලැබෙන නිල ඇඳුමක් නොවන බවත්, එසේම තමන්ට විරුද්ධව ප්රශ්න කරන සමාජය බිය ගැන්වීමට ලැබෙන ආරක්ෂක ආවරණයක් ද නොවන බවත් මහා නායක හිමිවරු මේ කණ්ඩායමට සිහි කර දෙන අයුරු දකිමු.

පිරිත්, වස් කවි, හූනියම් සහ කඨින සිවුරු මැසීම

සමාජය දුටුවේ පසුගිය දින 10 තුළ විහාරමහාදේවී උද්යානයේ සිදුවූ ගර්හිත හැසිරිම් ස්වරූපයකි. උන් හූනියම් කරමින්, තොවිල් නටමින්, වස් කවි කියමින් පිල්ලි යවමින් සිය දේශපාලන සතුරන් සත් කඩකට කඩා විනාශ කරන්නට වින කරන අතරම පිරිත් කියති. කඨින චීවර මසති. ආලවක සූත්රයෙන් බණ කියති.

හොඳම හරිය රට සජීවීව දුටුවේය. ආරණ්යවාසී කස්සප හිමි ආලවකයාට සහ බුදුන් වහන්සේට එක වර ඇන්දේය. තමන් සංකල්පීය අරහත් භාවයට පත් සංකල්පීය බුදුවරයෙක් බව තමන්ම ප්රකාශයට පත් කරගෙන සිරි සමන්තභද්ර ලෙස සිය පැවිදි නාමයත් වෙනස් කරගත් පිටිදූවේ සිරිධම්ම ලෙස පැවිදිව සිටි භික්ෂු කට්ටඬියෙකුට ඇඳ ගත්තේය.

අවසානයේ දී අධිකරණ තීන්දුවට අභියෝග කරමින් අත් අඩංගුවට පත් වී මේ අර්බුදය වෙනත් දිශානතියකට යොමු කිරීමට උත්හාස කරමින් චීවර ධාරී සංඝ පාතාලයක් සම්බන්ධව සමාජයේ තිබූ කථිකාවේ සැබෑ ස්වරූපය තහවුරු කළේය.

ආණ්ඩුව මුන් එකෙක්වත් අත් අඩංගුවට ගත්තේ නැත. බොහෝ දෙනෙකුගේ අපේක්ෂා කඩ කළ ආණ්ඩුවේ තීරණය වෙනම සාකච්ඡා කළ යුතු එකකි. එහි පරිනත දේශපාලන ස්වරූපයක් ගැබ් වී තිබිණි.

අවසානයේ දී වැඩේ හත් පොලේ ගාගන්නේ ආරණ්යවාසී කස්සප භික්ෂුව කිංස්බරි හෝටලයට සෙනසුන් සඳහා වැඩම කරද්දී මොකෙක්දෝ කඩප්පුලියෙක් ඒ සීසීටීවී දර්ශන සමාජ මාධ්යයට යොමු කිරීම සමගය.

වැඩේ කෙලවුන බව දැනගත් පසු කට පියාගෙන ඉන්නේ නැතිව ආරණ්යවාසී කස්සප භික්ෂුව කීවේ බෙහෙත් ගන්නට කිංස්බරි හෝටලයට වැඩම කළ බවය. රෝගයක් වැළඳුන විට හොස්පිටල් එකකට නොගිහින් තරු පහේ හෝටලයක නවතින්න යන අරුම පුදුම සත්ත්වයෙක් දකිමින් හිනා වෙන්නද අඬන්නද නොදැන වික්ෂිප්ත වූ මිනිසුන් දුටුවෙමු.

බෙහෙත් ගන්නට කිංස්බරි හෝටලයට වැඩම කළ ආරණ්යවාසී කස්සප ගේ කාමරයට ප්රවේශ වන්නන්ගේ දර්ශන එකින් එක එළියට එන්නේය. සීසීටීවී දර්ශන පෙන්වන්නේ කාමරයට ඇතුළුවන පොහොට්ටු ඇමති සරත් වීරසේකරය. සරත් වීරසේකරගෙන් බෙහෙත් අරගන්නට කිංස්බරි හෝටලයට වඩින ආරණ්යවාසී කස්සප භික්ෂුව ගැන සීසීටීවී දර්ශන සමග අනාවරණය වනවිට ඔවුන් තේරුම් ගත යුතුව තිබුණේ මේ රටේ මිනිස්සු ඉන්නේ තැනය. රටට සමාජයට අවැඩක් වන කිසිම තැනක දිවි හිමියෙන් දේවල් රක්ෂා කරපු සමාජයක අත්දැකීම අපි අරගලය වකවානුවේ දී අත් දුටුවෙමු.

මහා නායක හිමිවරුන් මැදිහත්ව මේ වහුකුණු උපද්රවය වළක්වා ගන්නේ මිනිස්සු මේ මොවුන් පන්නා දමන්නට මොහොතකට පෙර බව අපගේ විශ්වාසය ය. මක්නිසා ද යත් පසුගිය දින 10 පුරාම මොවුන් සිදුකලේ බෞද්ධ සමාජයේ ගෞරවය පරීක්ෂාවට ලක්වන ක්රියාකාරකම්ය.

මේ විරෝධතාවයෙන් ඥානසාර හිමි නිදහස් වූයේ නැත. අධිකරණ තීන්දුව වෙනස් වූයේ ද නැත. එහෙත් විරෝධතාව තාවකාලිකව අවසන් විය. නටපු නැටුමකුත් නැතිව බෙරේ පලුවක් ද අහිමි කරගෙන මුන් මේ විගඩම් සියල්ල නටන්නේ ශාසනික නායකත්වය යටතේ නීත්යනුකූල විසඳුමක් සෙවීමේ මාර්ගය විවෘතව තිබූ පසුබිමක බව අවසානයේ දි රටට පෙනුනේය. මේ තෝරා ගැනිමට දින 10ක් ගතවීම සම්බන්ධව දැන් මොවුන් සමාජයට පැහැදිලි කිරිමක් කළ යුතුය.

අවසානයේ දී මහා නායක හිමිවරුන්ට පින් සිද්ධ වන්නට සිවුරු ලෙෆ්ට් උනත් අඳනකඩය පිටින් හෝ විහාර මහා දේවී උද්යානයෙන් පිටව යන්නට මේ සෙට් එකට අවස්ථාව සැලසිනි. එහෙත් ඔවුන් පෙන්වා ගිය බරපතල කාරණාවක් තිබේ. නායකත්වයේ මගපෙන්වීම නොසලකා තක්කඩින් ලෙස හැසිරෙමින් කෙළවීගෙන එන විට මහා නායක හිමිවරුන්ගේ සිවුරු පොටේ එල්ලී ශේප් වෙන්නට හදන ශ්රමණ ප්රතිරූපක නිසා මේ ශාසනය මුහුණ දී ඇති අර්බුදයේ තරමය.

ඒ අර්බුදය බේරාගැනීම රටේ නීතිය කඩ කර හිරේ විලංගුවේ වැටුන මැරයන්ට චීවරය අන්දවා ශාසනික අභිමතය රකිනවාට වඩා බෙහෙවින්ම අසීරු බව අපේ විශ්වාසය ය. සමාජයක් ලෙස අපේ යෝජනාව නම් මෙවැනි සංඝ උපද්රව සංඝ ශාසනයෙන් දුරු විය යුතු බවය.

එය කරන්නට ප්රායෝගිකව අපහසු නම් ගෞරවනීය මහා නායක හිමිපාණන් වහන්සේලාගේ කකුල් දෙක අල්ලා වැඳ කරන කරුණික ආයාචන්යක තිබේ.

“අනේ අපේ හාමුදුරුවනේ... මුන් සෙට් එක මහණ කරන්න“ යන ආයාචනය ය.