LSN News › Sri Lanka

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ: ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නැතත් තද වැසි සහ ගංවතුර අවදානම ඉහළ යයි!

ගත වූ පැය 24 තුල දිවයිනේ ඉහළම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනෙරින් ප්‍රදේශයෙන් මිලිමීටර් 163ක් ලෙස වාර්තා වූ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ඉලුප්පයිකඩවයි ප්‍රදේශයෙන් මිලිමීටර් 148ක් ලෙස වාර්තා වි තිබේ.

LSN Sri Lanka · 26 October 2026

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ: ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නැතත් තද වැසි සහ ගංවතුර අවදානම ඉහළ යයි!

දිවයින පුරා “අනෝරා” වැසිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියට අනුව, බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. එය බටහිර දෙසට ගමන් කර ඇති අතර උතුරු අක්ෂාංශ 15.3° සහ නැගෙනහිර දේශාංශ 89.7° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි.

මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අද (ඔක්තෝබර් 26) බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇත.

ඉන්පසු එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර, 2026 ඔක්තෝබර් 27 වන දින පමණ වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) අනාවැකිය

ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම විශේෂ බුලටින්වලට අනුව ද මෙම ගැඹුරු පීඩන අවපාතය ඔක්තෝබර් 26 උදෑසන වන විට සුළි කුණාටුවක් බවට පත්වන අතර ඔක්තෝබර් 27 උදෑසන වන විට ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ.

ඉන්පසු එය වයඹ දෙසට ගමන් කර ඔක්තෝබර් 28 උදෑසන වන විට ආන්ධ්‍ර ප්‍රදේශ් සහ යානම් වෙරළ ආසන්නයට ළඟා වන අතර බාපට්ල සහ විශාඛපට්නම් අතර ප්‍රබල සුළි කුණාටුවක් (Very Severe Cyclonic Storm) ලෙස ගොඩබිමට ඇතුලුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 115-125ක් පමණ වන අතර සුළං පහර පැයට කිලෝමීටර් 140ක් දක්වා ඉහළ යා හැකි බව ඉන්දිය කාලගුණ විද්‍යාඥයෝ පවසති.

ශ්‍රි ලංකාවට බලපෑම

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද, එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින්

• දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.

• උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක.

• ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

• මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50ක් පමණ තද සුළං ඇතිවිය හැක.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම

පවතින තද වැසි හේතුවෙන් කළු ගඟේ මිල්ලකන්ද සහ මාගුර ප්‍රදේශවල ගංවතුර අවදානම තීරණාත්මක මට්ටමකට ළඟා වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

පහත් බිම්වල ජීවත්වන ජනතාවට සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ට අමතර අවධානයෙන් සිටින ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඊයේ (25) උදෑසන 8.30 සිට අද උදෑසන 3.00 දක්වා කාලයේ දී දිවයිනේ ඉහළම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනෙරින් ප්‍රදේශයෙන් මිලිමීටර් 163ක් ලෙස වාර්තා වූ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ඉලුප්පයිකඩවයි ප්‍රදේශයෙන් මිලිමීටර් 148ක්  ලෙස වාර්තා විය.

යාපනයේ තොල්පුරම් සහ මීසලයි ප්‍රදේශවලින් ද මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබේ.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල මට්ටම් 1 සහ 2 (Level 1 සහ Level 2) නායයෑම් මුල් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

නායයෑම් අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට තද වැසි දිගටම පැවතුණහොත් ආරක්ෂිත ස්ථානවලට ඉක්මනින් ගමන් කිරීමට සූදානම්ව සිටින ලෙසත්, ගස් හෝ කණු ඇලවීම, පොළොවේ හෝ බිත්තිවල ඉරිතැලීම්, ජල උල්පත්වලින් මඩ සහිත ජලය ගලා ඒම වැනි මුල් සලකුණු දුටු විට එම ස්ථානවලින් ඉවත්වන ලෙසත් ආයතනය උපදෙස් දෙයි.

දිවයින පුරා නායයෑම් ඉහළ අවදානමක් සහිත ස්ථාන 30,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව NBRO ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

නාවික හා ධීවර ප්‍රජාව ද 10°N–20°N සහ 80°E–95°E අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.