LSN News › Sri Lanka

නාගොඩ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු කඩුවෙල, රණාලදී අත්අඩංගුවට!

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි තැබීම කළුතර නවීන් නැමැත්තාගේ උවමනාව මත සිදු කර ඇති බවය. ඝාතනය සඳහා භාවිත කළ ටී-56 ගිනිඅවිය වෙනත් පුද්ගලයෙකු විසින් සැකකරුට ලබා දී ඇති අතර, සිද්ධියෙන් පසු එම ගිනිඅවිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුව ආසන්නයේදී තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවද වාර්තා වේ.

LSN Sri Lanka · 26 October 2026

නාගොඩ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු කඩුවෙල, රණාලදී අත්අඩංගුවට!

කළුතර, නාගොඩ ඩ්‍රැගන් අවන්හලේ හිමිකරුවන තුෂාර සම්පත් එදිරිසංහ වෙත් ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිය වූ රෝමි සමරවීර එම අවන්හල ඉදිරිපිටදි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල, රණාල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීය. පොලිස් විමර්ශනවලට අනුව ඔහු සැඟව සිට ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වන දිප්පිටිගොඩ ශක්ති නැමැත්තාගේ ඥාති නිවසක බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියේ පසුබිම

පසුගිය ඔක්තෝබර් 9 වැනි දින උදෑසන (පැය 7.40–7.55 පමණ) කළුතර–මතුගම මාර්ගයේ නාගොඩ, ගල්ලස්ස ප්‍රදේශයේ පිහිටි “ඩ්‍රැගන්” අවන්හල ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන ලදී.

ටී-56 වර්ගයේ ගිනිඅවියකින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් අවන්හල් හිමිකරු වන අවුරුදු 54ක තුෂාර සම්පත් එදිරිසිංහ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය. වෙඩි වැදී තුවාල ලැබූ ඔහුගේ බිරිය නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔක්තෝබර් 11 වැනි දින අලුයම ජීවිතක්ෂයට පත් විය.

විමර්ශනවලට අනුව ප්‍රහාරයේදී ගිනිඅවියේ මැගසිනය හිස් වන තුරු වෙඩි තබා ඇත. සිද්ධිය සම්බන්ධ දුරකථන විශ්ලේෂණ වාර්තා සහ CCTV දර්ශන මත පදනම්ව කළුතර අපරාධ කොට්ඨාසය මෙම සැකකරු සිටි ස්ථානය හඳුනාගෙන තිබේ.

නවතම අනාවරණ

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෙඩි තැබීම කළුතර නවීන් නැමැත්තාගේ උවමනාව මත සිදු කර ඇති බවය. ඝාතනය සඳහා භාවිත කළ ටී-56 ගිනිඅවිය වෙනත් පුද්ගලයෙකු විසින් සැකකරුට ලබා දී ඇති අතර, සිද්ධියෙන් පසු එම ගිනිඅවිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුව ආසන්නයේදී තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට පෙර මෙම සිද්ධියට සම්බන්ධයෙන් වෙඩික්කරුවෙකු ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, විමර්ශන දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් සුදු කිරීමේ ආරවුලකට සම්බන්ධ බවට මුල් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබුණි.