නාගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුට ගිනි අවිය ලබාදුන් සැකකරුට වෙඩි තබා අත්අඩංගුවට ගනී!
සැකකරු ගමන් කළ ත්රීරෝද රථයට නතර කරන ලෙස පොලිසිය අණ කර ඇති අතර, එම අණ නොතකා රථය වේගයෙන් ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් වෙඩි තබා රථය නවත්වා ගැනීමට කටයුතු කර ඇත. පොලිස් වෙඩි තැබීමෙන් සැකකරුගේ විලුඹ ප්රදේශයට තුවාල සිදුව තිබේ.
LSN Sri Lanka ·

කළුතර, නාගොඩ ප්රදේශයේදී අවන්හල් හිමිකරුවකු වන 'ඩ්රැගන් සම්පත්' නමැත්තා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදුන් බවට සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ 'රජවත්තේ සංජූ' නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විවිධ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන වෙඩික්කරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අද උදෑසන විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී සැකකරු ගමන් කළ ත්රීරෝද රථයට නතර කරන ලෙස පොලිසිය අණ කර ඇති අතර, එම අණ නොතකා රථය වේගයෙන් ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් වෙඩි තබා රථය නවත්වා ගැනීමට කටයුතු කර ඇත. පොලිස් වෙඩි තැබීමෙන් සැකකරුගේ විලුඹ ප්රදේශයට තුවාල සිදුව තිබේ.

පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවයි.

ඔහු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි ප්රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. පසුගිය නොවැම්බර් 9 වැනිදා කළුතර, නාගොඩ ප්රදේශයේ පිහිටි අවන්හලක් තුළදී එහි හිමිකරු සහ ඔහුගේ බිරිඳ මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබිණි.