19 දා සිට අධිවේගයේ සීට් බෙල්ට් අනිවාර්යයි; මගී ප්‍රවාහන වාහනවලට මාස 3කට සැරයක් Roadworthiness Test එකක්! - ප්‍රවාහන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී කියයි
මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ, කාර්යාලීය ප්‍රවාහන වාහන, පාසල් වෑන් රථ මෙන්ම විනෝද ගමන් (Trips) සඳහා මගීන් ගෙනයන වාහන ද ඇතුළත්ව සියලුම මගී ප්‍රවාහන රථ සෑම කිලෝමීටර 5,000කට වරක් හෝ මාස තුනකට වරක් සාමාන්‍ය මට්ටමේ රථවාහන යෝග්‍යතා පරීක්ෂණයකට (Roadworthiness Test) ලක්කර සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය යෝජනා කර ඇත.
LSN Sri Lanka ·

මෙරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආරක්ෂාව ඉහළ නැංවීම සහ නොසැලකිලිමත් ධාවනය නිසා සිදුවන මාරාන්තික මාර්ග අනතුරු අවම කරගැනීම අරමුණු කරගනිමින් විශේෂ යෝජනා දෙකක් ඇතුළත් අලුත් ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ, කාර්යාලීය ප්‍රවාහන වාහන, පාසල් වෑන් රථ මෙන්ම විනෝද ගමන් (Trips) සඳහා මගීන් ගෙනයන වාහන ද ඇතුළත්ව සියලුම මගී ප්‍රවාහන රථ සෑම කිලෝමීටර 5,000කට වරක් හෝ මාස තුනකට වරක් සාමාන්‍ය මට්ටමේ රථවාහන යෝග්‍යතා පරීක්ෂණයකට (Roadworthiness Test) ලක්කර සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බවයි.

මෙම පරීක්ෂණය වසරකට වරක් සිදුකරන පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට (Comprehensive Test) වඩා වෙනස්, මූලික යාන්ත්‍රික සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමුකරන කෙටි පරීක්ෂණයක් වන අතර, ඒ සඳහා රුපියල් 1,500ත් 2,000ත් අතර පිරිවැයකින් සිදුකරගත හැකි අයුරින් ක්‍රමවේදයක් සකස් කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය. මේ සදහා NVQ 4 මට්ටමේ සහතිකය ලත් මෝටර් කාර්මික ශිල්පීන්ට ලියාපදිංචි වීසේවය සැපයිය හැකි ස්වයං රැකියා ක්ෂේත්‍රයක් ද ඇති කරන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙම තීරණය තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් සඳහා පමණක් භාවිතා කරන පෞද්ගලික වාහන සඳහා අදාළ නොවන බව ද හෙතෙම පැහැදිලි කළේය.

මෑත කාලයේ සිදුවූ බඹරගල, කොත්මලේ සහ ඇල්ල ප්‍රදේශවල සිදුවූ බිහිසුණු රථවාහන අනතුරු පිළිබඳව කෙරුණු මෝටර් රථ පරීක්ෂක වාර්තා (Examiner's Reports) උපුටා දක්වමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ, මගී ප්‍රවාහන රථවල තිරිංග (Brakes) පද්ධති පවා නිසි ලෙස නඩත්තු නොකර අතිශය නොසැලකිලිමත් ලෙස ධාවනය කරවා ඇති බවයි. ඇතැම් අනතුරට ලක්වූ බස් රථවල වසරකට ආසන්න කාලයක් එක පැත්තක තිරිංග ක්‍රියා විරහිත කර තිබූ බවත්, තවත් වාහනවල තිරිංග හෝස් සඳහා මල්වලට වතුර දමන හෝස් බට යොදා තිබූ බවත් පරීක්ෂණවල දී තහවුරු වී ඇතැයි ඇමතිවරයා අවධාරණය කළේය.

මීට අමතරව දෙවන යෝජනාව ලෙස, එළඹෙන 19 වැනිදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන මගී ප්‍රවාහන වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් සඳහා අසුන් ගැනීමේ දී ආසන පටි (Seat Belts) පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ද ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බිමල් රත්නායක වැඩිදුරටත් පැවසීය.
ඔහු පැහැදිලි කළේ මාස තුනෙන් තුනට කල් දමමින් පුරා වසරක කාලයක් තිස්සේ නිශ්පාදනයේ දී සීට් බෙල්ට් සවි නොකළ වාහන සඳහා අවශ්‍ය නිවැරදි කිරීමට කාලය ලබා දුන් බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් වසරකට පසුත් මේ නිවැරදි කිරීම් කර නොගෙන, පාසල් දරුවන්, හෝ කාර්යාල සේවකයින් පෙන්වා විරෝධතා දැක්වීමට නොඑන ලෙසත්, සීට් බෙල්ට් නොමැතිනම් වාහන අධිවේගී මාර්ගයට ඇතුළු නොකර සාමාන්‍ය බී 2 මාර්ගයක ගමන් කිරීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා අධිවේගී මාර්ගය භාවිතා කරන සියලුම රියදුරන්ට දන්වා සිටියේය.