LSN News › Sri Lanka

පොලිස් අත් අඩංගුවේ දි පුද්ගලයෙක් මිය යෑම - හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ රාජකාරි අත්හිටුවයි!

මියගිය තරුණයාගේ ඥාතීන්, විශේෂයෙන් බිරිඳ පියුමි නිසංසලා පොලිසියට එරෙහිව බරපතළ චෝදනා ඉදිරිපත් කර ඇත. ඔවුන් පවසන්නේ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන අංශයට රැගෙන ගිය ඉෂාරට ඇවිදීමට නොහැකි වූ බවත්, නිලධාරීන් සිව්දෙනෙකු විසින් ඔහුව ඔසවාගෙන පැමිණි බවත්ය. මුඛයෙන් රුධිරය වැගිරෙමින් සිටි බවත්, සිරුරේ තුවාල දක්නට ලැබුණු බවත් ඔවුහු චෝදනා කරති.

LSN Sri Lanka · 26 October 2026

පොලිස් අත් අඩංගුවේ දි පුද්ගලයෙක් මිය යෑම -  හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ රාජකාරි අත්හිටුවයි!

මත්ද්‍රව්‍ය විමර්ශනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටි 29 හැවිරිදි තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් අද (26) එම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ රාජකාරි අත්හිටුවා තිබේ.

පොලිස් අත් අඩංගුවේ දී මෙසේ මිය ගොස් තිබුණේ ෙකිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්‍රදේශයේ පදිංචි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි එක් දරු පියෙකි. ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විසින් ඔක්තෝබර් 25 වැනිදා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට අනුව ඔහු සැකකරුවකු ලෙස පිටිපාන හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මිලිග්‍රෑම් 490 ක පමණ ‘අයිස්’ ඔහු සතුව තිබූ බව පොලිසිය පැවසුවේය.

ඥාතීන්ගේ චෝදනා

මියගිය තරුණයාගේ ඥාතීන්, විශේෂයෙන් බිරිඳ පියුමි නිසංසලා පොලිසියට එරෙහිව බරපතළ චෝදනා ඉදිරිපත් කර ඇත. ඔවුන් පවසන්නේ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන අංශයට රැගෙන ගිය ඉෂාරට ඇවිදීමට නොහැකි වූ බවත්, නිලධාරීන් සිව්දෙනෙකු විසින් ඔහුව ඔසවාගෙන පැමිණි බවත්ය. මුඛයෙන් රුධිරය වැගිරෙමින් සිටි බවත්, සිරුරේ තුවාල දක්නට ලැබුණු බවත් ඔවුහු චෝදනා කරති.

බිරිඳ පවසන්නේ “ පා ගමනින් ගිය කෙනෙක් ප්‍රශ්න කිරිමෙන් පස්සේ අරන් ආවේ උස්සගෙන” යනුවෙනි. ඥාතීන්ගේ ඉල්ලිම පිට රෝහල් ගත කළ බවත්, රෝහල්ගත කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බවත් ඥාතීන් චෝදනා කරති. හෝමාගම මූලික රෝහල් පරිශ්‍රයේදී ඥාතීන් හා ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර නොසන්සුන් තත්ත්වයක්ද ඇති වී තිබිනි.

පොලිසියේ ස්ථාවරය හා නිල පියවර

පොලිසිය පවසන්නේ සැකකරුට හදිසි අසනීප තත්ත්වයක් ඇති වූ බවත්, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවත්ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වූට්ලර් පවසා ඇත්තේ නීතිවිරෝධී ලෙස කටයුතු කළ නිලධාරියෙකු වේ නම් විධිමත් විමර්ශනයකින් අනතුරුව ඔහුට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවය.

මෙම සිද්ධියෙන් පසු හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ රාජකාරි අත්හිටුවා ඇත. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පශ්චාත් මරණ පරීක්ෂණයක් නියෝග කර ඇති අතර එය ඔක්තෝබර් 27 වැනිදා කොළඹ දකුණු ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය. විමර්ශන හෝමාගම සහකාර පොලිස් අධිකාරී, බස්නාහිර දකුණු අපරාධ විමර්ශන අංශය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතේ පවත්වාගෙන යනු ලබයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලද පොලිස්පතිට ඉක්මන් හා ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට උපදෙස් දී ඇත. මරණයට හේතුව හා වගකීම් පිළිබඳ නිශ්චිත තීරණය පශ්චාත් මරණ පරීක්ෂණය හා විමර්ශන ප්‍රතිඵල මත රඳා පවතිනු ඇත.

මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ පොලිස් රැඳවුම් මරණ පිළිබඳ දිගුකාලීන විවාදය නැවත ඉස්මතු කර තිබේ. ඥාතීන් සාධාරණ හා විනිවිද පෙනෙන විමර්ශනයක් ඉල්ලා සිටී. පොලිසිය නිල විමර්ශන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. නිශ්චිත තත්ත්වය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසුව පැහැදිලි වනු ඇත.