LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

සීමාවන් බිඳ හෙලා ජාතියක් රංජනය කළ අසීමිත දූ පුත්තු...

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් ලෙස ඉපදීම කිසිවෙකුගේ තේරීම නොවේ. එසේ ඉපදුන දරුවෙක් සිය ශරීරයේ විශේෂතා දුබලකමක් ලෙස නොගෙන සිය ජාතිය ජාත්‍යාන්තර තලයේ උත්තුංග ශීර්ෂයන් වෙත වඩම්මාගෙන යෑම ඇගයිය යුතු බර ගැන වෙනම කල්පනා කළ යුතුව ඇත.

LSN Sri Lanka · 26 October 2026

සීමාවන් බිඳ  හෙලා ජාතියක් රංජනය කළ අසීමිත දූ පුත්තු...

ජපානයෙන් වාර්තා වි තිබෙන්නේ හුදෙක් තරග ජයග්‍රහණවල සංඛ්‍යාලේඛන පමණක් නොවේ; එය අභියෝග හමුවේ නොසැලී සිටි අසමසම මිනිස් ශක්තියේ සහ ආත්ම විශ්වාසයේ උත්කර්ෂවත් කතාවකි.

2026 ඔක්තෝබර් 18 සිට 24 දක්වා ජපානයේ අයිචි-නගෝයා නුවර පැවැත්වුණු 5 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට අතිමහත් කීර්තියක් අත්කර දීමට අපගේ විශේෂ අවශ්‍යතා සහිත තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වී ඇත්තාහ.

ක්‍රීඩා 6ක් නියෝජනය කරමින් සහභාගී වූ 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකුගෙන් සමන්විත විය. ඔවුන් ජාතියය වෙනුවෙන් දිනා දුන් මුළු මුළු පදක්කම් ගණන 9කි. මළල ක්‍රීඩා පදක්කම් 07කි. පිහිණුම් පදක්කම් 02කි. ඒ රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 4ක්, ලෝකඩ පදක්කම් 3ක් වශයෙනි.

ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනෙහි 16 වැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශරීර අභියෝග අභිබවා ගිය අසමසම වික්‍රමය

මනුෂ්‍යයේකුගේ සැබෑ ශක්තිය පවතින්නේ අධිෂ්ඨානශීලී හදවත තුළ බව අවධාරණය කළ මෙම ප්‍රභාමත් තරුණ තරුණියන් අවසාන වශයෙන් ජාතියට වචනාර්ථය ඉක්මවා ගිය මහා පණිවිඩයක් රැගෙනවිත් තිබිණි. මේ ජයග්‍රහණ අත්පත් කරගෙන ජාතියක් රංජනය කරන්නේ අප විසින් එක් අවස්ථාවක දී හෝ සමාජයේ සම කොට නොසලකා හල අපේම දරු පිරිසකි. උන් මේ පිළිතුරු දෙමින් සිටින්නේ සමාජයක ආකල්පවල ගෝත්‍රික බවටය.

මේ තරුණයින් රට වෙනුවෙන් ඇතැම් ජයග්‍රහණ ගෙනාවේ වාර්තා අලුත් කරමිනි. ප්‍රදීප් සෝමසිරි පිරිමි මීටර් 1500 (T46) තරගයෙන් මිනිත්තු 4:03.25ක කාලයක් වාර්තා කරමින් අලුත් ආසියානු පැරා ක්‍රීඩා උළෙල වාර්තාවක් පිහිටුවා රන් පදක්කම දිනා ගත්තේය. ප්‍රදීප් උපතින්ම ආබාධ සහිත ක්‍රීඩකයෙකි. 30 හැවිරිදි ප්‍රදීප් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බොහෝ අපහසුතා මැද අභියෝග දිනා ගත් ක්‍රීඩකයෙකි. පසුගිය 2022 චීනයේ හංජෝ හි පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මෙන්ම 2023 ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෝන් ප්‍රී (World Para Athletics Grand Prix) තරගාවලියේදීද රන් පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් විශිෂ්ඨයෙකි. ඔහු මෙවර තරගය නිමා කර ඇත්තේ තරගාවලි වාර්තාවක් ද සමගිනි.

එමෙන්ම කාන්තා දුර පැනීම (T47) තරගයට එක්වූ ධනංජනා වික්‍රමසිංහ මීටර් 5.52ක දුරක් පනිමින් නව තරග වාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම දිනා දුන්නාය. ඇය කාන්තා මීටර් 200 (T47) තරගයෙන් තත්පර 25.80ක පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් රිදී පදක්කමක්ද දිනා ගැනීමට සමත් වූවාය.

උපතින්ම එක් අතක පිහිටි ආබාධිත තත්ත්වය (Upper limb impairment) සිය ජීවන ගමනට හෝ ක්‍රීඩා කෞශල්‍යයට බාධාවක් කර නොගත් ඇය, කුඩා කල සිටම අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් ක්‍රීඩා පිටියේ තම අයිතිය තහවුරු කළාය. මීට පෙර පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලවලදී මෙන්ම ජාත්‍යන්තර තරගාවලිවලදීද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අත්දැකීම් ලැබූ ඇය, සිය සහජ දක්ෂතාව සහ අඛණ්ඩ කැපවීම තුළින් ආසියානු තලයේ ප්‍රමුඛතම මලල ක්‍රීඩිකාවක ලෙස සිය නාමය සටහන් කිරීමට සමත් වූවාය.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දුන්නේ පිරිමි දුර පැනීම (T47) ඉසව්වෙන් මීටර් 6.55ක දුරක් පැන ලෝකඩ පදක්කම දිනූ මොහොමදු සෆ්රාන්ය. පිරිමි මීටර් 400 (T47) තරගයෙන් සමන් සුබසිංහ (තත්පර 50.03) ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය. පිරිමි යගුලිය විසි කිරීමේ (F42/F61/F63) ඉසව්වෙන් පාලිත බණ්ඩාර මීටර් 14.02ක දුරක් සටහන් කරමින් රිදී පදක්කම හිමිකර ගත්තේය. පිරිමි මීටර් 100 (T44) තරගයෙන් නුවන් ඉන්දික ගමගේ තත්පර 11.58ක කාලයකින් රිදී පදක්කම දිනා ගත්තේය.

පිහිනුම් තටාකයේදී මීටර් 400 නිදහස් ආර (S9) කාන්තා තරගයෙන් ගැලීනා බස්නායක මිනිත්තු 4:59.58කින් තරගය නිමා කරමින් රිදී පදක්කම දිනා ගත්තාය. ගැලීනා ජාතියක් විසින් ඇගයිය යුතු විශිෂ්ට යෞවනියකි. ඇය ජාත්‍යන්තර ගමනේ මූලාරම්භය සටහන් වන්නේ 2021 වසරේ බහරේන් හි පැවැති ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලෙනි. එස් 9 කාණ්ඩයේ මීටර් 50, 100 සහ 400 නිදහස් ආර පිහිනුම් තරගවලින් රන් පදක්කම් තුනක් සහ මීටර් 100 සමනල ආර තරගයෙන් රිදී පදක්කමක් දිනා ගනිමින් ඇය ආසියාවට තම ප්‍රවේශය සටහන් කළාය.

ඇයගේ දිවියේ විශිෂ්ටතම සංධිස්ථානය සටහන් වූයේ 2023 ඔක්තෝබර් මාසයේ චීනයේ හංජෝ හි පැවැති 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදීය. එහිදී මීටර් 400 නිදහස් ආර (S9) තරගය මිනිත්තු 5 යි තත්පර 18.28 ක පෞද්ගලික හොඳම කාලයකින් නිම කළ ඇය රිදී පදක්කම හිමිකර ගත්තාය. මෙය වසර 13 කට පසුව ආසියානු පැරා ක්‍රීඩා උළෙලකදී පිහිනුම් අංශයෙන් ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කම ලෙස ඉතිහාසයට එක් විය.

මෙවර ගැලීනා සිය ජයග්‍රහණය සනිටුහන් කරන්නී සිය පුද්ගලික දක්ෂතා දියුණු කරගනිමිනි. ගැලීනා රටේ තාරුණ්‍යයට තරු සලකුණක් වන්නී ක්‍රීඩාවෙන් ලොවක් දිනන අතරම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) උසස් අධ්‍යාපනය හදාරමින් මනෝවිද්‍යාව පිළිබඳ සිය උපාධි අධ්‍යාපනයේ නිරතවන දිරිමත් යෞවන ආදර්ශයක් ලෙසය.

ගැලීනා බස්නායක සහ නාවිඩ් රහීම්

මීට අමතරව පිරිමි මීටර් 100 සමනල ආර (S9) පිහිනුම් ඉසව්වෙන් නාවීඩ් රහීම් (මිනිත්තු 1:03.29) ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

සංවේදී හදවත් කම්පනය කළ ජීවිත ආදර්ශය

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් ලෙස ඉපදීම කිසිවෙකුගේ තේරීම නොවේ. එසේ ඉපදුන දරුවෙක් සිය ශරීරයේ විශේෂතා දුබලකමක් ලෙස නොගෙන සිය ජාතිය ජාත්‍යාන්තර තලයේ උත්තුංග ශීර්ෂයන් වෙත වඩම්මාගෙන යෑම ඇගයිය යුතු බර ගැන වෙනම කල්පනා කළ යුතුව ඇත.

ඔවුන් ජීවිතයට තමන් හැදී වැඩුන සමාජ පරිසරයට, ඒ සමාජයේ ආකල්පවලට නොව තමන්ටම අභියෝග කරගනිමින් ලබා ගත් මේ ජයග්‍රහණ මිනිය යුතු තලය ගැන අපට තවමත් අදහසක් නැති බව පෙනේ.

ඒත් සංවේදී මිනිස්සු මේ ජයග්‍රහණ දෙස බලන්නේ හදවත් පුරවාගෙනය. මේ ඉන්නේ අපේ රටේ ශක්තිමත්ම මිනිසුන්ය.

ආඩම්බරයි පුතේ...