මීගස්ආරේ කජ්ජා සහ දරුවන් දෙදෙනාගේ ත්රිත්ව ඝාතනයට සෙවූ 'අචිනි' එක්සත් අරාබි එමිර් රාජ්යයේ සිට දිවයිනට ගෙනෙයි!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකාරිය එක්සත් අරාබි එමිර් රාජ්යයේ සිට මෙලෙස දිවයිනට කැඳවාගෙන එන ලදී.
LSN Sri Lanka ·

අරුණ විදානගමගේ හෙවත් 'මීගස්ආරේ කජ්ජා' සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ජාත්යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අනුෂා ලක්මාලි හෙවත් 'අචිනි' නැමැති සැකකාරිය ශ්රී ලංකාවට රැගෙන විත් තිබේ.
</p>
<p>
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකාරිය එක්සත් අරාබි එමිර් රාජ්යයේ සිට මෙලෙස දිවයිනට කැඳවාගෙන එන ලදී.
</p>
<p>
සිද්ධියට අදාළව මෙම සැකකාරියගෙන් වැඩිදුර ප්රශ්න කිරීම් සහ ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිතය.
</p>
<p>
පසුගිය වසරේ පෙබරවාරි 18 වනදා රාත්රියේ සිදු වූ මෙම ත්රිත්ව ඝාතනය මුළු රටේම දැඩි අවධානයට ලක් වූ අතර, ඊට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මක වේ. මෙම ත්රිත්ව ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන 'තැඹිලි ලහිරු' සහ 'බැක්හෝ සමන්' යන සැකකරුවන් දෙදෙනා ද මීට පෙර විදේශගතව සිටියදී සොයාගෙන දිවයිනට ගෙන එනු ලැබීය.