මහා නායක හිමිවරු කිව්වත් නිතිය නවන්නෙ නෑ... ඥානසාර හිමිට නීතියට පිටින් ගොස් නිදහස ලබා දීමට අදහසක් නැති බව රජය අවධාරණය කරයි!
“එකක් මට කියන්න පුළුවන්. අපි කටයුතු කරන්නේ පවතින නීතිය අනුව සහ නීතියට සියලුදෙනා යටත් කරලයි. ඒ නිසා අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින්, නීතියට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයේ අදහසක් නැහැ. “- කැබිනට් මාධ්ය ප්රකාශක
LSN Sri Lanka ·

මේ දක්වා ගෞරවණීය මහානායක හිමිවරුන් ගේ ඉල්ලීම අනුව රජය කටයුතු කර ඇති බවත් ගලගොඩඅත්තේ ඥානාසාර හිමියන් නිදහස් කරන ලෙස මහා නායකවරුන් රජයෙන් නිල ඉල්ලීමක් සිදුකර නැති බවත් කැබිනට් මාධ්ය ප්රකාශක සෞඛ්ය හා ජනමාධ්ය ඇමති නලින්ද ජයතිස්ස අද ප්රකාශ කළේය.

රජයේ ස්ථාවරය ප්රකාශ කරමින් ඇමතිවරයා පැහැදිලි කරනු ලැබුවේ රජය කටයුතු කරන්නේ සියලුම දෙනාට නීතිය එක සමානය යන ස්ථාවරයේ සිට බව කී ඇමතිවරයා තරාතිරම බලා නීතිය වෙනස් කිරීමට රජයේ අභිලාෂයක් නොමැති බව අවධාරණය කළේය.

ඔහු මේ බව ප්රකාශ කළේ අද කැබිනට් මාධ්ය හමුවේ දී නැගුණ පැනයකට පිළිතුරු ලබා දෙමිනි. මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් ලැබුනහොත් ඥානාසාර හිමි නිදහස් කරනවාදැයි නැවත නැවතත් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ මෙවැන්නකි.

"අති ගෞරවනීය මහා නායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්තුමාට යවන්න යෙදුණු ලිපිය පදනම් කරගෙන, ඊට පහුවෙනිදාම තමයි මහනායක හාමුදුරුවන් වහන්සේලා නියෝජනය කරමින් වැඩම කළ, ත්රෛනිකායික සියලුම පූජ්ය අනුනායක හාමුදුරුවරුන් එක්ක, ලේඛකාධිකාරී හාමුදුරුවරුන් එක්ක ජනාධිපති තුමා සාකච්ඡා කළේ.ඒ සාකච්ඡාවේ ප්රතිඵලයක් හැටියට තමයි බන්ධනාගාරයේ නිත්ය නියෝග වෙනස් කිරීම සඳහා එකඟතාවයකට ආවේ. ඊට අනුව ත්රෛනිකායික මහනායක, අනුනායක, ලේඛකාධිකාරී හාමුදුරුවරුන්ගේ ඉල්ලීම පරිදි සහ දැනුම්දීම පරිදි ඒ සාකච්ඡාව පැවැත්විලා, ඒ සාකච්ඡා ප්රතිඵලයක් හැටියට නිත්ය නියෝග වෙනස් කළා.“

“ඒ අනුව දැන් ඒ නිත්ය නියෝග අනුව තමයි, වෙනස් කරපු නිත්ය නියෝග අනුව තමයි ඉදිරි කටයුතු සිදුවන්නේ. මෙතෙක් අපි උන්වහන්සේලා කියන ලද කරුණු අනුව කටයුතු කරලා තියෙනවා."

මේ ප්රශ්නයට පසුව නැවත වරක් පෙර මාධ්ය ආයතනයම ඇමතිවරයාව ප්රශ්න කළේය.

"සත්යග්රහය අවසන් වෙන්නේ ත්රෛනිකායික නායක හාමුදුරුවරුන්ගේ දැනුම්දීම පරිදි. එතකොට ත්රෛනිකායික නායක හාමුදුරුවරු ලිපියකින් දැනුම් දීලා තියෙනවා ඥානසාර හාමුදුරුවෝ නිදහස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් පාර්ශ්වයන් එක්ක සාකච්ඡාවක් කරනවා කියලා. එතකොට මෙවන විට ඉල්ලීමක් කරලා නැද්ද මේ අපේ මහනායක හාමුදුරුවරු රජයෙන් ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කරන්න කියලා? එහෙම කළොත් රජය ගන්න පියවර මොකක්ද?"

ඇමතිවරයා පැවසුවේ එවැනි ඉල්ලීමක් රජයෙන් මහා නායක හිමිවරු කර නැති බවය. අනතුරුව ඇමතිවරයා රජයේ ස්ථාවරය පැහැදිලිව ප්රකාශ කළේය.

" එකක් මට කියන්න පුළුවන්. අපි කටයුතු කරන්නේ පවතින නීතිය අනුව සහ නීතියට සියලුදෙනා යටත් කරලයි. ඒ නිසා අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින්, නීතියට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයේ අදහසක් නැහැ."