කටුනායක ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්යාපෘති කඩිනමින් අවසන් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්!
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට සමගාමීව, අනාගතයේදී මතුවන ගුවන් ගමන් අවශ්යතාවලට ගැළපෙන පරිදි දිවයිනේ සෙසු අභ්යන්තර ගුවන් තොටුපළවල් ද යාවත්කාලීන කරමින් සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
LSN Sri Lanka ·

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ ගුවන් මගීන්ට ලබා දෙන පහසුකම් තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් දැනට ක්රියාත්මක කෙරෙන සියලු සංවර්ධන ව්යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට සමගාමීව, අනාගතයේදී මතුවන ගුවන් ගමන් අවශ්යතාවලට ගැළපෙන පරිදි දිවයිනේ සෙසු අභ්යන්තර ගුවන් තොටුපළවල් ද යාවත්කාලීන කරමින් සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම සාකච්ඡාවේදී කටුනායක ගුවන් තොටුපළ සංවර්ධන ව්යාපෘතිවල වත්මන් ප්රගතිය දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර, ඊට සමගාමීව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

එමෙන්ම, කටුනායක ඇතුළු දිවයින පුරා පිහිටි ගුවන් තොටුපළවල මගී ධාරිතාව වැඩි දියුණු කිරීම සහ දෙස් විදෙස් ගුවන් මගීන්ට ඉහළ පහසුකම් සැලසීම වෙනුවෙන් දැනට ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්යාංශයේ ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල, නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් ඇතුළු මුදල් අමාත්යාංශයේ සහ අදාළ රජයේ ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.