LSN News › Sri Lanka

වන අලි දෙදෙනෙකු විදුලි සැර වැද්දූ ඉඩම් හිමියා අත්අඩංගුවට!

සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩමේ හිමිකරු වන බයියාගේ ගුණදාස නමැත්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර, සැකකරු හෙට (28) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

LSN Sri Lanka · 27 October 2026

වන අලි දෙදෙනෙකු විදුලි සැර වැද්දූ ඉඩම් හිමියා අත්අඩංගුවට!

රඹෑව, අලුත්ගම ගම්මානයේදී අනවසර විදුලි රැහැනකට හසුවීමෙන් වන අලි දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ඉඩමේ හිමිකරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

</p>

<p>

අංක 90 පිලිනිගම ග්‍රාම නිලධාරී වසමට අයත් අලුත්ගම ගම්මානයේ වන අලි දෙදෙනෙකු මියගොස් සිටින බවට වන සත්ව අඩවි සහකාරවරයාට ලද තොරතුරකට අනුව පරික්ශා කිරීමේදී, අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක වැදීමෙන් මෙම අලි දෙදෙනා මියගොස් ඇති බව තහවුරු වී ඇත.

</p>

<p>

මියගිය වන අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (27) දහවල් පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී මදුවන්ති විසින් සිදුකරන ලදී.

</p>

<p>

සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩමේ හිමිකරු වන බයියාගේ ගුණදාස නමැත්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර, සැකකරු හෙට (28) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.