LSN News › Sri Lanka

බැසිල්ට මාතර අධිකරණයෙන් තවත් විවෘත වරෙන්තුවක්!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මෙම නියෝගය නිකුත් කර තිබේ

LSN Sri Lanka · 27 October 2026

බැසිල්ට මාතර අධිකරණයෙන් තවත් විවෘත වරෙන්තුවක්!

මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීමේදී අයථා ලෙස උපයාගත් මුදල් භාවිතා කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (27) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

</p>

<p>

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මෙම නියෝගය නිකුත් කර තිබේ.

</p>

<p>

අයථා ලෙස උපයාගත් මුදල් යොදවමින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ, ඔහුගේ බිරිඳගේ සොහොයුරිය වන අයෝමා කලප්පති, ඇගේ සැමියා වන තිස්ස කලප්පති සහ මුදිත ජයකොඩි යන අයට එරෙහිව මෙම නඩුව පවරා ඇත