LSN News › Sri Lanka

මාලදිවයිනේ රන් ජාවාරම් චෝදනාවට වසරක සිරදඬුවම සම්පූර්ණයෙන් විඳි ශ්‍රී ලාංකිකයා මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි!

පුද්ගලයෙකු තමන්ට නියම වූ පූර්ණ සිරදඬුවම විඳ අවසන් වූ පසුව, ඉහළ අධිකරණයක් මගින් ඔහුව නිදොස් කොට නිදහස් කළ දුර්ලභ ගණයේ සිදුවීමක් ලෙස මෙය වාර්තා වේ.

LSN Sri Lanka · 29 October 2026

මාලදිවයිනේ රන් ජාවාරම් චෝදනාවට වසරක සිරදඬුවම සම්පූර්ණයෙන් විඳි ශ්‍රී ලාංකිකයා මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි!

මාලදිවයිනට රන් ජාවාරම් කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරු වී, පහළ අධිකරණයක් විසින් නියම කරන ලද වසරක පූර්ණ සිරදඬුවම විඳ අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලාංකිකයෙකු අදාළ චෝදනාවලින් සම්පූර්ණයෙන් නිදොස් කොට නිදහස් කිරීමට මාලදිවයින් මහාධිකරණය තීරණය කර තිබේ.

මෙසේ නිදොස් කොට නිදහස් කර ඇත්තේ මොහොමඩ් සුලයිම්හාන් නමැති ශ්‍රී ලාංකිකයාය. 2023 සැප්තැම්බර් 21 වැනි දින ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහුව ග්‍රීන් චැනලය හරහා ගමන් කරද්දී පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ඔහු හැඳ සිටි ඩෙනිම් කලිසමේ ඉදිරිපස සහ පසුපස සාක්කුවල මෙන්ම යට ඇඳුමේ සඟවාගෙන තිබූ ග්‍රෑම් 2,282 ක බරින් යුත්

රන් කුඩු රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කර සාදාගත් අර්ධ ඝන (Semi-liquid) ස්වරූපයේ "රන් පේස්ට්" (Gold Past)‍ සොයාගෙන තිබේ. මීට අමතරව, ඔහු මෙම රන් තොගය ඩුබායි හිදී මිලදී ගත් බව සනාථ කරන ලියකියවිලි ද රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

අනතුරුව, භාණ්ඩ ජාවාරම් කිරීම සම්බන්ධයෙන්වන මාලදිවයින් රේගු පනතේ 97(අ) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පවරන ලදී. ඒ අනුව විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2025 ඔක්තෝබර් 28 වැනි දින මාලදිවයින් අපරාධ අධිකරණය විසින් ඔහුට වසරක සිරදඬුවමක් නියම කළ අතර, අත්අඩංගුවට ගත් රන් තොගය රාජසන්තක කිරීමට ද නියෝග කළේය.

නමුත් එම නියෝගයෙන් වසරකට පසුව, එනම් 2026 ඔක්තෝබර් 28 වැනි දින, අදාළ වරදකරු කිරීමේ තීන්දුව බලරහිත කිරීමට මාලදිවයින් මහාධිකරණය පියවර ගත්තේය. විනිසුරුවරුන් තිදෙනාම එකඟතාවයෙන් ප්‍රකාශ කළේ, මොහොමඩ් සුලයිම්හාන් වෙත එල්ල කර ඇති චෝදනාව අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූල නොවන බවය.

මාලදිවයින් රේගු පනතේ 97(අ) වගන්තිය යටතේ එන “භාණ්ඩ ජාවාරම් කිරීම” යන වරද අදාළ වන්නේ තහනම් කරන ලද භාණ්ඩ, විශේෂ අවසරපත්‍ර අවශ්‍ය වන භාණ්ඩ හෝ තීරුබදු ගෙවිය යුතු භාණ්ඩ තීරුබදු ගෙවීම මගහැරීම සඳහා සඟවාගෙන ඒම වැනි පැහැදිලි අවස්ථාවන් සඳහා පමණක් බව මහාධිකරණය පැහැදිලි කළේය. කෙසේ වෙතත්, අදාළ රන් තොගය මාලදිවයින තුළ තහනම් කරන ලද භාණ්ඩයක් නොවන බවත්, ඒ සඳහා කිසිදු තීරුබද්දක් අය නොවන බවත් පැමිණිලි පාර්ශ්වය විසින් ද අධිකරණය හමුවේ පිළිගෙන තිබුණි.

ප්‍රකාශ නොකරන ලද රත්රන් අනවසර භාණ්ඩ ලෙස සැලකිය හැකි බවට රජයේ පාර්ශ්වය තර්ක කළද, මහාධිකරණය එම තර්කය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය. යම් ක්‍රියාවක් වරදක් ලෙස නීතියේ පැහැදිලිව දක්වා නොමැති නම්, එය අපරාධයක් ලෙස සැලකීමට කිසිවෙකුටත් නොහැකි බවත්, නිකුත් කරන ලද චෝදනා පත්‍රය මගින් අදාළ වරදට අවශ්‍ය නීතිමය සංරචක නිසි පරිදි සනාථ කර නොමැති බවත් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය. එම කරුණු හේතුවෙන්, පහළ අධිකරණය ලබා දී තිබූ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වන බව මහාධිකරණය නිගමනය කළේය.

මෙම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු මඬුල්ල මොහොමඩ් ෂනීස්, හුසේන් මදීද් සහ හුසයිෆා මොහොමඩ් යන මහාධිකරණ විිනසුරුවන්ගෙන් සමන්විත විය.

මහාධිකරණය මෙම තීන්දුව ලබා දෙන විටත්, අපරාධ අධිකරණය විසින් නියම කරන ලද වසරක සිරදඬුවම් කාලය මොහොමඩ් සුලයිම්හාන් විසින් සම්පූර්ණයෙන්ම විඳ අවසන් කර තිබුණි. මාලදිවයින් ජාතික කාන්තාවක සමග විවාහ වී සිටින මොහොමඩ් සුලයිම්හාන්, අභියාචනය අතරතුරදී රාජසන්තක කරන ලද රත්රන් තොගය නැවත තමන් වෙත ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

පුද්ගලයෙකු තමන්ට නියම වූ පූර්ණ සිරදඬුවම විඳ අවසන් වූ පසුව, ඉහළ අධිකරණයක් මගින් ඔහුව නිදොස් කොට නිදහස් කළ දුර්ලභ ගණයේ සිදුවීමක් ලෙස මෙය වාර්තා වේ.