නදුන් චින්තක හෙවත් හරක් කටාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්රතික්ෂේප කරයි !
2026 ජූලි මාසයේදී කොළඹ මහාධිකරණය තීන්දු කළේ මොවුන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි නමුත් දණ්ඩ නීති සංග්රහය යටතේ ඇති චෝදනා ඉදිරියට පවත්වාගෙන යා හැකි බවය. නීතිපතිවරයා අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ එම තීන්දුවට එරෙහිවය.
LSN Sri Lanka ·

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී පලායාමට කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන නදුන් චින්තක වික්රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් තිදෙනකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීම් කොළඹ මහාධිකරණය අද (29) ප්රතික්ෂේප කළේය.

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසිනි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ගොනුකර තිබූ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණය විසින් කලින් නිකුත් කළ නියෝගයට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කර ඇත. එම අභියාචනය හේතුවෙන් දැනට ඇප ඉල්ලීම් හෝ නිදහස් කිරීමේ ඉල්ලීම් සලකා බැලීමේ නෛතික හැකියාවක් නොමැති බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර නදුන් චින්තක වික්රමරත්න වීඩියෝ තාක්ෂණය (Zoom) ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. තමන් ආතරයිටීස් රෝගයෙන් පෙළෙන බවත්, පාදයේ පවතින ආබාධයක් හේතුවෙන් ඇවිදීමට අපහසු බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය. බන්ධනාගාර වෛද්යවරයාට ඒ පිළිබඳ දැනුම් දුන්නද, රෝහල්ගත කර ප්රතිකාර ලබාදීමට අධිකරණ නියෝගයක් අවශ්ය බව පවසා ඇති බැවින් සුදුසු වෛද්ය ප්රතිකාර ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුට අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස වැලිසර බන්ධනාගාර අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නදුන් චින්තක වික්රමරත්න (හරක් කටා), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිඳු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, මිදිගම රුවන් හෙවත් රුවන් චාමර සහ සංජය අබේසිංහ යන අයට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

2026 ජූලි මාසයේදී කොළඹ මහාධිකරණය තීන්දු කළේ මොවුන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි නමුත් දණ්ඩ නීති සංග්රහය යටතේ ඇති චෝදනා ඉදිරියට පවත්වාගෙන යා හැකි බවය. නීතිපතිවරයා අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ එම තීන්දුවට එරෙහිවය. ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් වීමෙන් පසු අධිකරණ නියෝග මත නදුන් චින්තක දැනට වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටී.

අධිකරණය මෙම නඩුව යළිත් 2027 පෙබරවාරි 17 වනදා කැඳවීමට නියම කළ අතර, එතෙක් විත්තිකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනු ඇත.